News Category
From Date
To Date
Maximum Number of Result

ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකරට එරෙහිව කරුණු 15ක විශ්වාස භංගයක්..

Aug 7, 2025 at 04:39 PM
|

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සම්බන්ධයෙන් කරුණු 15 යටතේ විශ්වාසය භංග වී ඇති නිසා එම කරුණු 15 මුල් කරගෙන ඒ මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි.

අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ අරුණ ජයසේකර නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන විට පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණවලට සාධාරණයක් ඉටුවේද කියා සිතිය නොහැකි බවයි.

එහිදී මාධ්‍ය වෙත නිකුත් කළ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාස භංගයෝජනාව පහත දැක්වේ,

ගරු කථානායක තුමා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

විශ්වාසභංග යෝජනාව‍

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහය - III කොටස, 6 වන වගන්තියෙහි,

“මන්ත්‍රීවරුන් සෑම අවස්ථාවක දී ම ඔවුන් වෙත තබා ඇති මහජන විශ්වාසයට අනුව ක්‍රියා කළ යුතු අතර, සෑම විටම යම් පොදු සම්පත් භාවිතය ද ඇතුළු ඔවුන්ගේ හැසිරීම අවංකභාවයකින් ඒකාග්‍රතාවකින් විය යුතුය.”

යනුවෙන් සඳහන් කර ඇතත් එය කඩ කර ඇති හෙයින්ද;

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ V වන කොටසේ 9 වගන්තියේ චර්යා රීතිවල සඳහන්,

(අ) හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම;

(ඇ) ජනතාවගේ විශ්වාසය සහ ගෞරවයට යෝග්‍ය වන පරිදි කටයුතු කිරීම;

(ඉ) තමන් වගකිව යුතු චර්යාව සහ කාර්යභාරය සම්බන්ධයෙන් වගකිව යුතු වීම;

යන චර්යා රීති උල්ලංඝනය කර ඇති බව බැලූ බැල්මටම තහවුරු වන හෙයින්ද;

එමෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 ව්‍යවස්ථාවට අනුකූලව මූලික යුතුකම් ඉටු කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස අපොහාසත් වන බව නිරික්ෂණය වන හෙයින් ද;

එසේම,

01. පාස්කු ඉරිදා ප්‍රහාරයේ කුමන්ත්‍රණයේ මූලාරම්භයක් ලෙස සැලකෙන 2018 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ සමයේ එනම් 2018 නොවැම්බර් මාසයේදී 17 වන ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති [17th Commander of the Security Force (East)] ලෙස ගරු අරුණ ජයසේකර මහතා පත් කළ හෙයින් ද, ඒ අනුව ඔහු ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස වැඩ බාරගත් හෙයින්ද;

02. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා වව්නතිව් පොලිස් මුරපොළේ දී ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඝාතනය කිරීම සිදුවන අවස්ථාවේ ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස කටයුතු කළ හෙයින්ද;

03. පාස්කු ඉරිදා ප්‍රහාරයේ තීරණාත්මක සංසිද්ධියක් වන සයින්දමරුදු බොලිවේරියන් ග්‍රාමයේ සිදුවීම සිදුවන අවස්ථාවේ ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස කටයුතු කළ හෙයින්ද;

04. අදාල සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කිහිප දෙනකුට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති හෙයින්ද;

05. කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරුවූ හස්තුන් නැමැත්තාගේ බිරිඳ ලෙස හැඳින්වෙන සාරා ජස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් සයින්දමරුදු එම ස්ථානයේ සිටි බවට සහ ඇය බෝම්බය පිපිරීමෙන් පසු ද ජීවතුන් අතර සිටි බවට සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා ප්‍රකාශ කර ඇති හෙයින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ඇය මිය ගිය බවට කී සිද්ධිය සැක සහිත යැයි ප්‍රකාශ කර ඇති හෙයින්ද;

06. අදාල සයින්දමරුදු සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර යුද හමුදාවේ එදින මෙහෙයුමට සහභාගී වූ එකල ගරු අරුණ ජයසේකර මහතාගේ යටතේ සිටි නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගැනීම ආරම්භ කර ඇති හෙයින්ද,

07. මෙම සිද්ධියට අදාලව ගරු අරුණ ජයසේකර මහතා විසින්ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි ඔහුගෙන් ද ප්‍රකාශ ලබා ගෙන ඇති හෙයින්ද,

08. වව්නතිව් සහ සයින්දමරුදු සිදුවීම් දෙකටම අදාල විමර්ශනයේදී සාක්ෂි /කටඋත්තර යුද හමුදාවේ පිරිස්වලින් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගනිමින් සිටින හෙයින් ද;

09. ගරු අරුණ ජයසේකර මහතා පූර්ව මැතිවරණ සමයේ ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිට, අංක 2410/08 දරන 2024-11-17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ජාතික ජන බලවේග රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව, අංක 2412/23 දරන 2024-11-28 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ හෙයින්ද; සහ ඇතැම් අවස්ථාවල වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන බැවින් ද;

10. අදාල සිදුවීම් ගැන සාක්ෂි දෙනු ලබන යුද හමුදාවේ නිලධාරීන් විසින් සාක්ෂි ලබාදීමේදී එවකට ප්‍රදේශය භාර ප්‍රධානියා වූ ගරු අරුණ ජයසේකර මහතා වර්තමානයේ යුද හමුදාව බාර අමාත්‍යංශයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින බැවින් නිලධාරීන් සාක්ෂි ලබාදීමේදී ඔවුන් උසස්වීම්/මාරුවීම් සහ වෙනත් කටයුතුවලට බලපෑමක් ඇතිවේයැයි බියෙන් සාක්ෂි ලබාදීමේ මැලිකමක් දැක්වීමට ඉඩ ඇති බැවින්ද;

11. එවකට ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස සිටි ගරු අරුණ ජයසේකර මහතා යටතේ සිටින නිලධාරීන් විමර්ශනයට ලක්වෙමින් සිටින බැවින් ඔහු එම නිලධාරීන් සිටි යුද හමුදාව බාර අමාත්‍යංශයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හෙයින් විමර්ශන ගැන සැක සංකා මතුවීමට ඉඩ ඇති හෙයින්ද සහ ලබැඳියාවන් අතර ගැටුමක් ඇතිවීමට ඉඩ ඇති හෙයින්ද;

12. පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට මැතිවරණ පොරොන්දුවක් ලබාදුන් රජයක ගරු අරුණ ජයසේකර මහතා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස වගකිව යුතු තනතුරක් දැරුව ද මේ දක්වා පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමට අපොහොසත් වී ඇති හෙයින්ද;

13. පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ගරු අරුණ ජයසේකර මහතා යුද හමුදාවේ ධූරය දරන සමයේ නිසි ක්‍රියාමාර්ග නොගත් පසුබිමක, වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම මත, ඒම විමර්ශනවලට යම් බලපෑමක් ඇතිවිය හැකි බවට කතෝලික සභාවට හැඟී යාම සහ එම පරීක්ෂණවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බවට කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කර ඇති හෙයින්ද;

14. පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම අභියෝගයක් බවත්, රජය රජය තුළම විමර්ශනයට ලක්කිරීම දුෂ්කර වී ඇති බවත්, රජය රජය විසින් පරීක්ෂාවට ලක් කළ යුතුව තිබෙන බවත් ජනාධිපතිවරයා කාදිනල් හිමියන්ගේ පූජක දිවියට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවති උත්සවයේදී කළ ප්‍රකාශය මඟින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන අඩපණ කිරීමට තවමත් රාජ්‍ය යාන්ත්‍රණය තුළින්ම කුමන්ත්‍රණ සිදුවන බව හැඟෙන හෙයින්ද;

15. ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුණ ජයසේකර මහතා 2025-07-09 වන දින පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශයකට අනුව පස්කු ප්‍රහාරයේ විමර්ශනවල දී අනාවරණය වන පරිදි දේශපාලන අරමුණු ඉෂ්ඨ කරගැනීම වෙනුවෙන් බුද්ධි අංශයේ සුළු පිරිසක් සහ රජයේ නිලධාරීන් සුළු පිරිසක් මේ සඳහා යොදාගෙන ඇති බවට ප්‍රකාශ කිරීම මඟින් ඊට සම්බන්ධ බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳව දැනුවත්භාවයක් හෝ අවබෝධයක් එතුමාට තිබෙන්නට ඇතැයි හැඟී යන බැවින් ද;

ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරන රජයක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මඟින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම මත, බලපෑම් සහ ළබැඳියාවන් අතර ගැටීමක් ඇතිවන අතර, එමඟින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන අපක්ෂපාතීව හා ස්වාධීනව සිදුවන්නේදැයි පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ගේත්, කතෝලික සභාවේත්, පොදු මහජනතාවගේත්, විශ්වාසය බිඳවැටී ඇති හෙයින් ගරු අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ සිටියදී පාස්කු විමර්ශන සිදුකිරීමෙන් මේ ගරු සභාවේ විශ්වාසය කඩව ඇති බැවින් එතුමා ඒම ධූරයෙන් ඉවත් කළ යුතු බවට මෙම ගරු සභාව යෝජනා සම්මත කර සිටී.


සම්බන්ධිත පුවත් | Related News

සිවුරට දඬුවම් දෙනවාට තමන් පෞද්ගලිකව අකමැති බවත්, සුද්දාගේ කාලයේත් සිවුරට දඬුවම් දුන් බවත් ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කර සිටියදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිදුකළ කරුණු දැක්වීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.
"සිරිලිය සවිය" අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (13) නියෝග කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිදුවීම මුල් කරගනිමින් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් පටු දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රජය වගකීම භාරගත යුතු බව ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි. මෙම සිදුවීම හුදෙක් එක් භික්ෂූන් වහන්සේ නමකගේ චීවරය සම්බන්ධ ගැටලුවකට සීමා නොකර, බුද්ධ ශාසනයේ ආරක්ෂාව සහ රජයේ වගකීම් පිළිබඳ පුළුල් සංවාදයක් දක්වා ගෙන යා යුතු බව ද ඔහු අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන පුවත්

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.