වෛද්‍යවරු වර්ජනයක් කැඳවයි..
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු වල අක්‍රමිකතා නිසා ඇති වූ අර්බුදය හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය.
ශ්‍රී ලංකාවේ මේ වන විට වෛද්‍යවරුන් 23000 කට ආසන්න පිරිසක් සේවයේ යෙදී සිටින අතර එම වෛද්‍යවරුන්ගෙන් 98%කට වඩා ප්‍රමාණයක් අප සංගමයේ සාමාජිකයන්ය. එම නිසා ආයතන සංග්‍රහයට අනුව වෛද්‍ය ස්ථාන මාරු මණ්ඩල වල නිත්‍ය පාර්ශවකරුවෙකු ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරයි.
නමුත්, ස්ථාන මාරු මණ්ඩලවල එකඟතාවයෙන් තොරව හා අනීතික ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා ඒකකයේ අධ්‍යක්ෂවරිය කටයුතු කිරීම නිසා සමස්ත වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියත්, සමස්ත සෞඛ්‍ය සේවයත් දැඩි අර්බුදයකට මුහුණ දී ඇත.
- 2025 ස්ථාන මාරු ලැයිස්තුව ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව 2024 නොවැම්බර් මස ප්‍රකාශයට පත් විය යුතු වුවද, එය 2025 ජුලි මස තෙක් මාස 09 ක් ප්‍රමාද වීම.
- එම ස්ථාන මාරු ලැයිස්තුව සකස් කිරීමේදි අභියාචනා ක්‍රියාවලිය අවභාවිතා කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත ලැයිස්තුවේ සඳහන් ස්ථාන 78 ක් ඉවත් කිරීම හා තමන්ට හිතවත් වෛද්‍යවරුන්ට නීති විරෝධි ලෙස නව පුරප්පාඩු විවෘත කර, එම ස්ථාන ඔවුනට ලබා දීම.
- දුෂ්කර ස්ථාන වල සේවය කරන වෛද්‍යවරුන් අධෛර්යට පත් වෙන ආකාරයට සහ එම දුෂ්කර රෝහල් වැසී යන තත්ත්වයට පත් වීමට කටයුතු කිරීම.
- පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් පුරප්පාඩු ලැයිස්තුව නිශ්චිත ක්‍රමවේදයෙන් බැහැරව අක්‍රමවත් හා අනීතික ආකාරයට සකස් කිරීම තුලින් සමස්ත සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට සැලැස්වීම.
ඉහත කරුණු සම්බන්ධයෙන් 2025.08.01 දින සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වුණු අතර එහිදි මෙම ගැටළු සහ අක්‍රමිකතා පිළිගනිමින් මේවා නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟවුව ද නිශ්චිත විසඳුමක් මේ වනතුරු ලබා දීමට අසමත් වී ඇත.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිතුමා සමඟ අද දින පැවැත්වුණු අතර එහිදි සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇති ආකාරය පිළිබඳ එතුමාගේද දැඩි විවේචනයට ලක් වූ අතර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද එකඟ විය.
මෙහිදි අදාල අධ්‍යක්ෂවරියට විරුද්ධව සියලු චෝදනා සහිත පැමිණිල්ලක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලබා දුන් අතර ඒ සඳහා විමර්ෂනයක් ආරම්භ කරන ලෙස කරන ලද ඉල්ලීම පිළිගැණිනි.
2025.08.05 වැනි දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මධ්‍යම කාරක සභාවේදි ගත් තීරණයකට අනුව 2025.08.11 දින ආරම්භ වීමට නියමිත දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ මුල් පියවර ලෙස සියළුම පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් බලාපොරොත්තුවෙන් සිටින වෛද්‍යවරුන් හා දුෂ්කර සේවා ස්ථාන වල වෛද්‍යවරුන් හෙට දිනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයට කැඳවීමටත්, එහිදි ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමටත් නියමිතය.
මේ හරහා බිඳවැටෙන සෞඛ්‍ය සේවාවන් වල වගකීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂකවරිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් භාර ගත යුතු වන අතර ඖෂධ හිඟයෙන් පිඩාවට පත් රෝගී ජනතාව, වෛද්‍ය හිඟයක් ඇති කොට සමස්ත සෞඛ්‍ය පද්ධතියම බිඳ දමා රෝහල් වැසි යාමේ අවදානමකට පත් වීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්