වෙනිසියුලානු නගර සභා මැතිවරණයේ ප්‍රතිඵල වලින් කියවෙන ලෝක අධිරාජ්‍ය විරෝධී ප්‍රවනතාවය කියවා ගනිමු!
(ඉකුත් දා වෙනිසියුලාවේ සංචාරයක නිරතවූ ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතා විසින් සම්පාදිත ලිපියකි)
පසුගිය ජූලි 27 වනදා වෙනිසියුලානු රාජ්‍යයේ නගර සභා 335 කට ඉදිරි කාලය සඳහා සභිකයන් පත්කර ගැනීම වෙනුවෙන් 2025 වෙනිසියුලානු නගර සභා මැතිවරණය පැවැත්වුණි. එයින් නගරසභා 285කම ජයග්‍රහනය චාවේස්ටා ව්‍යාපාරය ජයග්‍රහණය කරනු ලැබීය. එම අගයට රාජ්‍ය අගනගර 24න් 23ක්ම ඇතුලත්ව තිබීම චාවේස්ටා ව්‍යාපාරය ලද දැවැන්ත ජයග්‍රහනයකි.
මෙම ජයග්‍රහනය බොලිවේරියානු විප්ලවයට සහ ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස්ට සහාය දෙන වෙනිසියුලාවේ එක්සත් සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවන ලද දේශපාලන බලවේගයන්ගේ සන්ධානයක් වන මහා දේශප්‍රේමී ධ්‍රැවය හෙවත් චාවිස්මෝ , 2021 වසරේදී නගර සභා 212 ක ජයග්‍රහණය ලබමින් ලැබූ ඓතිහාසික ජයග්‍රහණය වඩාත් තහවුරු කරනු ලැබූ බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.
මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ, විපක්ෂය දිනාගත් නගරාධිපති ධුර 50 හිමි නගර සභා හොඳින් පාලනය කිරීමට බැඳී සිටින නව වෙනිසියුලානු විපක්ෂයක උපත සනිටුහන් කරන බව තමන් විශ්වාස කරන බව පැවසීය.
එලෙසම විපක්ෂයේ ලද ජයග්‍රහණය අධිරාජ්‍යයවාදී කඳවුර ශක්තිමත් නොකරන වෙනිසියුලානු ජනයාගේ යහපත වෙනුවෙන් යොදවන විපක්ෂයක් බවට වර නැංවෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද අවධාරණය කළේය.
නිකොලස් මදුරෝ නායකත්වය දෙන කඳවුරේ ජයග්‍රහණය හියුගෝ චාවෙස් විසින් එළි පෙහෙළි කළ මග අනුගමනය කිරීම හේතුවෙන් ලද ජයග්‍රහණයකි. එලෙසම දකුණු අමෙරිකානු කලාපයේ රටවල් පහක් ස්පාඤ්ඤ අධිරාජ්‍යයාගෙන් නිදහස් කර ගැනීමට දිවි හිමියෙන් කටයුතු කළ අසාහය විමුක්තිදායකයා වන සයිමන් බොලිවාර්ගේ දර්ශනය මත පිහිටා හියුගෝ චාවේස් තම දේශපාලන දර්ශනය නිර්මාණය කර ගැනීම හේතුවෙන් වෙනිසියුලානු ජනයාට මෙම ජයග්‍රහණය ලැබී ඇති බව අපගේ කියවීමයි.
වත්මන් වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ මෙහෙයවන වෙනිසියුලානු ආණ්ඩුව අමෙරිකානු අධිරාජ්‍යවාදයේ දැවැන්ත සම්බාධක හරහා වුවද වෙනිසියුලානු ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරලීමට සාර්ථක මෙහෙයක් ඉටු කරමින් සිටී. වෙනිසියුලානු ජනයාට අමෙරිකානු සම්බාධක හේතුවෙන් ලබා ගැනීමට නොහැකිව තිබෙන අත්‍යවශ්‍යය ඖෂධ වෙනිසියුලාව තුලම නිපදවා ගැනීමට හැකියාව 80% කින් පමණ අත්පත් කරගෙන ඇත.
වෙනිසියුලානු නායකත්වය කෙරෙහි වෙනිසියුලානු ජනයා තබා තිබෙන විශ්වාසය මෙලෙස ජනතාවට ප්‍රතිලාභ ලෙස පෙරලා ලැබී තිබේ.
කියුබානු විප්ලවය ජයග්‍රහනය කරා මෙහෙයවමින් වසර 60 කට වැඩි කාලයක් අධිරාජ්‍ය අත පෙවීම් මධ්‍යයේ කියුබාව මෙහෙයවූ අසාහය විප්ලවවාදියා වූ ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්ව භූමිකාවෙන් විහිදෙන රැස් වළලු වෙනිසියුලානු දේශපාලන භූමිය මත වැටී ඇති බව වෙනිසියුලාව මෙලෙස ජයග්‍රහනයේ පෙලහැර පෑම විසින් පැහැදිළි වේ.
දකුණු අමෙරිකාවේ වෙනත් රටවල ජනයා වෙනිසියුලානු සහ කියුබානු අත්දැකීම් මනාව කියවා ගෙන තම රටවල දේශපාලන අනාගතයේ හැඩතල නිර්මානය කර ගැනීම අධිරාජ්‍ය විරෝධී කඳවුර ශක්තිමත් වීමට හේතු වන බව අපගේ අවධාරණයයි.
අමෙරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදියගේ ස්වභාවික මරණය හමුවේ නැගී එන චීනය රුසියාව ප්‍රමුඛ බහු ධ්‍රැවීය ලෝකය තුළ තම රටවල අනන්‍යතාවය සටහන් කර ගත් හැක්කේ ඒ අනුව බව අප විශ්වාස කරමු.
එළඹි සියවස අධිරාජ්‍යාවාදීන්ගේ ස්වභාවික මරණය සනිටුහන් කරන සියවසක් වීම යථාර්ථයක් වන්නේ එමගින් පමණක් බවට අප අවධාරණය කරමු.
ජීවන්ත ජයතිස්ස,
ලේකම්,
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා