ග්‍රැන්මා රිබෙල්ඩ් ජාත්‍යන්තර උත්සවය: විප්ලවයේ 60 වන වර්ෂ පූර්ණය සැමරීම කියුබාවේ හවානා නුවරදී
කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය (PCC) එහි තරුණ කොමියුනිස්ට් සංගමය සමඟ එක්ව 2025 ඔක්තෝබර් 17 සිට 20 දක්වා ග්‍රැන්මා රිබෙල්ඩ් ජාත්‍යන්තර උත්සවය කියුබාවේ හවානා හිදි පැවැත්වෙන බව සංවිධායකයෝ සාඩම්බරයෙන් පවසති. මෙම උත්සවය කියුබානු විප්ලවයේ ප්‍රධාන අණදෙන නිලධාරී ෆිදෙල් කැස්ත්‍රෝ රූස් විසින් ආරම්භ කරන ලද ග්‍රැන්මා සහ ජුවෙන්ටුඩ් රිබෙල්ඩ් පුවත්පත්වල 60 වන සංවත්සරය සනිටුහන් කිරීමද විශෙෂත්වයකි.
මෙම උත්සවය දේශපාලන, ශාස්ත්‍රීය, සංස්කෘතික සහ බිම් මට්ටමේ සාමාජිකයන් අතර දැනුම හුවමාරුව සඳහා සජීවී වේදිකාවක් ගොඩ නංවන බව සංවිධායකයෝ පවසති. විවේචනාත්මක චින්තනයේ මුල් බැසගත් සංවාදය, එකමුතුව සහ සහයෝගීතාවය පෝෂණය කිරීම උත්සවයේ අරමුණ වන්නේය. ඉහත කී සියලු කාරණා කැටිකරගනිමින් අද දිනයේ ජාත්‍යන්තර තලයේ සාමය සහ සමාජ යුක්තිය මුහුණ දෙන බහුවිධ අභියෝග මෙම සමුළුවේදී ආමන්ත්‍රණය කිරීම අරමුණ වන්නේය.
ඒ අනුව මෙම මහජන උත්සවයට එක්වන ලෙස කොමියුනිස්ට්, වාමාංශික සහ ප්‍රගතිශීලී තරුණ පක්ෂ සහ සංවිධාන, සමාජ ව්‍යාපාර, මාධ්‍ය ආයතන සහ ශාස්ත්‍රීය හා සංස්කෘතික ආයතනවලට ආරාධනා කරන බව සංවිධායකයෝ පවසති. වෛරය ඇවිස්සීම, ලෝකයේ විවිධ ජාතීන්ගේ යථාර්ථයන් විකෘති කිරීම සහ ෆැසිස්ට්වාදයේ සහ නව යටත් විජිතවාදයේ නැගීම පෝෂණය කිරීම අරමුණු කරගත් මාධ්‍ය හැසිරවීම් සහ සිව්වන පරම්පරාවේ යුද අධිරාජ්‍යවාදී උපක්‍රමවලට මුහුණ දීමට එක්සත් වීම සමුළුවේ මුඛ්‍ය තේමාවන් අතර වන බව සංවිධායකයෝ පවසති.
වසර හැටක් තිස්සේ, කියුබාවේ කොමියුනිස්ට් පක්ෂයේ නිල ආයතනය වන ග්‍රැන්මා සහ කියුබානු තරුණයින්ගේ හඬ වන ජුවෙන්ටුඩ් රෙබෙල්ඩ්, සත්‍යය සඳහා ඔවුන්ගේ කැපවීම තුළ නොසැලී කටයුතු කරයි. ෆිදෙල් කැස්ත්‍රෝ විසින් පවත්වාගෙන යනු ලබන සමාජවාදී ව්‍යාපෘතියේ නිර්මාණාත්මක ගොඩනැගීමට ක්‍රියාකාරීව දායක වෙමින් ඔවුන් එකමුතුකම සහ සහයෝගීතාවය පෝෂණය කර ඇත.
ඔක්තෝබර් 20 වන දින, කියුබානු සංස්කෘතික දිනයෙන් අවසන් වන මෙම වසරේ උත්සවය, 2026 අගෝස්තු මාසයේදී ෆිදෙල් කැස්ත්‍රෝගේ උපන්දිනයේ ඉදිරි ශත සංවත්සරයට ද උපහාර දැක්වීමටද නියමිතය.
මෙම උත්සවයට සමගාමීව ඔක්තෝබර් 15 සිට 17 දක්වා, හවානාහි වාම පක්ෂ සහ ව්‍යාපාරවල න්‍යායික ප්‍රකාශනවල 3 වන ජාත්‍යන්තර රැස්වීම පැවැත්වීමට නියමිතය. අපගේ කාලයේ අභියෝගවලට මුහුණ දෙන නැගී එන දේශපාලන න්‍යායන් සහ භාවිතයන් හුවමාරු කර ගැනීම සඳහා මෙම ස්ථාපිත සංසදය තවමත් අත්‍යවශ්‍ය අවකාශයක් ලෙස පවතින බව සංවිධායකයෝ පවසති.
අවසාන වශයෙන් සමුළුවට සහභාගි වන්නන් හවානා වෙත සාදරයෙන් පිළිගැනීමට සූදානමින් සිටින බවද සංවිධායකයෝ පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා