News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගත්තේ කොටි නායකයෙකුගේ බොරු සාක්ෂි මත.. - ගම්මන්පිලගෙන් අනාවරණයක්..

Aug 6, 2025 at 06:52 AM
|

හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගත්තේ කොටි නායකයෙකුගේ බොරු සාක්ෂි මත යයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

සිය පක්‍ෂ මූලස්ථානයේදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගත්තේ කොටි සතුටු කරන්න කොටි නායකයෙකු ලබා දුන්නු බොරු සාක්ෂි මතයි කියන එක ඉතාම පැහැදිලිව තහවුරු වෙලා තිබෙනවා. මේ කතාවේ කොනක මමත් ඉන්න නිසා මේ කතාව රටට කියන්න යැයි රණවිරු ප්‍රජාව මගෙන් ඉල්ලීමක් කලා.

මුලින්ම කියන්න ඕනි අද මම කතා කරන තොරතුරු බොහෝ දෙනෙක් දන්නවා. හිටපු නාවික හමුදාපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඉන්න නිසා තමන් ප්‍රකාශයක් කලොත් අධිකරණයට අපහාසයක් වේවි කියලා බයයි. ඒ නිසා කතා කරන්නේ නෑ. අධිකරණය ඉදිරියේ විනිශ්චය භාජනය වුණු කාරණයක් පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න බෑ. ඒක ඇත්ත. නමුත් චෝදනා ගොනු කරලා නඩු විභාගයක් ආරම්භ වුණාට පස්සේ තමයි අධිකරණයේ විනිශ්චයට භාජනය වුණු කරුණක් වෙන්නේ. තවමත් මේ නඩුවේ චෝදනා ගොනු කරලා නෑ. තවමත් තිබෙන්නේ අධිකරණයේ සහයෙන් අධිකරණයේ අධීක්ෂණය යටතේ කරගෙන යන පොලිස් විමර්ශනයක් පමණයි. ඒ නිසා මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න කවුරුවත් පැකිලෙන්න එපා.

නාවික හමුදාවේ බුද්ධි නිලධාරියෙකු වන ලුතිනන් කමාන්ඩර් ක්‍රිශාන් වෙලගෙදර මිනිස් ජාවාරමට සම්බන්ධ බව 2017 දී හෙලි වුණාම ඔහුව හමුදා අධිකරණයෙන් ජ්‍යෙෂ්ඨත්වයෙන් පහල දානවා. මෙයා ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට පැනලා රණවිරු දඩයම සඳහා කොටින් වෙනුවෙන් බොරු සාක්ෂි හදනවා. ඔහුගේ ප්‍රධානම ඉලක්කය වෙන්නේ මේ මිනිස් ජාවාරම හෙලදරව් කළ එවකට නාවික හමුදාවේ ත්‍රිකුණාමල බුද්ධි ප්‍රධානි කොමාන්ඩර් සුමිත් රණසිංහ. 2010 ජූලි 26 දින පොලිස් අත්අඩංගුවෙන් පැන යන ශාන්ත සමරවීර කියන පාතාල නායකයා ත්‍රිකුණාමලයේ ගන්සයිට් කියන නාවික හමුදාවේ රැඳවුම් කඳවුරේ හිටියා කියන එක ලුතිනන් කමාන්ඩර් වෙලගෙදරගේ සහ සීඅයිඩියේ සම නිර්මාණයක්.

2010 ජූලි 25 දින ශාන්ත සමරවිර පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. එදින රාත්‍රියේ අසනීප බව පෙන්වූ නිසා රෝහල් ගත කරනවා. 2010 ජූලි 26 දින උදෑසන අලව්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරේ රෝහලෙන් පැන යනවා. ඔන්න ඔය පාතාල නායකයා තමන් සමග එකට ගන් සයිට් කඳවුරේ හිටියා කියලා කොටි නායකයින් ලබා දෙන සාක්ෂි මත පදනම් වෙලා තමයි හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න, හිටපු නාවික බුද්ධි අධ්‍යක්ෂ සුමිත් රණසිංහ ඇතුළු නාවික රණවිරු පිරිසක් අත්අඩංගුවට ගන්නේ. මේ සඳහා හරි අපූරු කතාවක් මේ අය ගොඩ නගා ගන්නවා.

2008 දී අත්අඩංගුව අරගෙන පුනරුත්ථාපනය කරපු බී එම් විජයකාන්තන් කියන කොටි සාමාජිකයා බුද්ධි අංශ සාමාජිකයෙකු විධියට නාවික හමුදාවට බඳවා ගන්න වෙලගෙදර කටයුතු කරනවා. කොළඹින් අතුරුදහන් වුණු තරුණයින් 11ක් සහ අලව්වෙන් පැන ගිය පාතාල නායකයා අතුරුදහන් කලේ නාවික හමුදාවයි කියන්න පාවිච්චි කරන්නේ මේ විජයකාන්තන්. වෙලගෙදර සහ දැන් ලංකාවෙන් පැන ගොස් ස්විට්සර්ලන්තයේ සිටින නිශාන්ත සිල්වා විජයකාන්තන්ව කාමරයක තබාගෙන සාක්ෂි දෙන්න පුහුණු කරනවා. තමන් සමග හිටිය ශාන්ත ඔහු ගැන තොරතුරු සබන් කොලයක ලියා තමන්ට දුන් බවට සීඅයිඩියට ප්‍රකාශයක් ලබා දීලා මෙන්න මේ සබන් කොලය භාර දෙන්න කියලා මේ අය විජයකාන්තන්ට කියනවා. ඒ වගේම කොළඹ දී අතුරුදහන් වුණු තරුණයින් 11 දෙනා ගැනත් තොරතුරු ලබා දීලා මේ අයත් තමන් එක්ක හිටියා කියලා කියන්න කියනවා. විජයකාන්තන් විසින් නාවික හමුදාවට එරෙහිව බොරු සාක්ෂි ලබා දෙන්න අකැමැත්ත ප්‍රකාශ කලාම තමන්ව රස්සාවට ගත්තා වගේම රස්සාවෙන් එලවනවා කියලා වෙලගෙදර විජයකාන්තන්ට තර්ජනය කරනවා.

විජයකාන්තන් ඒ අනුව සීඅයිඩියට ගියාම සිංහලෙන් ලියූ ප්‍රකාශයක් ලබා දීලා අත්සන් කරන්න කියනවා. ඔහුට සිංහල ලියන්නත් බෑ, කියවන්නත් බෑ. ඒත් රස්සාව බේරා ගන්න අත්සන් කරනවා. තමන් රැකියාව කරන නාවික හමුදාවට එරෙහිව බොරු සාක්ෂි ලබා දීම ගැන කොටියෙකු වුණත් විජයකාන්තන්ගේ හෘද සාක්ෂිය වැලපෙනවා. ඒ නිසා විජයකාන්තන් මාව සොයා ගෙන ඇවිත් ඇත්තටම සිදුවුණු දේ කියනවා. ඒ අනුව මම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට විජයකාන්තන්ව ඉදිරිපත් කර 2018 ජනවාරි 2 දින මහෙස්ත්‍රාත්තුමිය ඉදිරියේ ප්‍රකාශයක් සටහන් කරනවා. එතැන දී ඇත්ත කතාව කියනවා. එක පැත්තකින් තමන් නොදන්නා භාෂාවකින් ලියූ ප්‍රකාශයක් තමයි තමන් කියවා තේරුම් ගෙන අත්සන තැබුවා කියා අත්සන් කර තිබෙන්නේ. අනිත් පැත්තෙන් විජයකාන්තන් කඳවුරේ හිටියේ 2008 අග සිට 2009 මුල දක්වා. ශාන්ත අතුරුදහන් වෙන්නේ වඩාත් නිවැරදිව කිව්වොත් පොලිස් අත්අඩංගුවෙන් පැන යන්නේ 2010 ජූලි 26. ඉතින් ඇත්තටම ශාන්ත ගන් සයිට් කඳවුරේ හිටියත් ඒ බව විජයකාන්තන් දකින්න විදියක් නෑ.

විජයකාන්තන් කළ ප්‍රකාශය නිසා තමයි කොටි යුද්ධයේ දී නාවික හමුදාවට නායකත්වය දුන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ සිට රණවිරුවන් විශාල ගණනකගේ දඩයම නවත්වා ගන්න අපට පුළුවන් වුණේ.

අපි කරපු වැඩෙන් රණවිරු දඩයම කොන්ත්‍රාත්තුව කොටින්ගෙන් භාරගෙන සිටි අය වියරු වැටෙනවා. මේ අය විකල්පයක් සොයා ගන්නවා. ඒ තමයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොටි බුද්ධි ප්‍රධානි සෙල්වතම්බි මහේන්ද්‍රන් නොහොත් භාරති සොයාගෙන සීඅයිඩිය යනවා. ඔහුත් පුනරුත්ථාපනය වුණේ ගන් සයිට් කඳවුරේ. තමන් කඳවුරේ සිටි සමයේ තරුණයින් 11ක් සහ කෑගල්ලේ ශාන්ත තමන් සමග සිටි බවට පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන්න භාරති කැමති වෙනවා. ඊලාම් රාජ්‍යයේ ලොක්කෙකු වෙන්න හිටිය භාරතිගේ ඒ සිහිනය බොඳ කරපු රණවිරුවන්ගෙන් පලි ගන්න අවස්ථාවක් ලැබුණාම එයා ඒක අත් හරින්නේ නෑනෙ.

භාරතිගෙන් ලබා ගත් ප්‍රකාශය අනුව තමයි කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුළු බුද්ධි නිලධාරින් පිරිසක් අත්අඩංගුවට ගන්නේ. තමන් ගන් සයිට් කඳවුරේ සිටි කාලයේ දී එක දවසක් ඒ කඳවුර බලන්න එවකට නාවික බුද්ධි අධ්‍යක්ෂ ලෙස සිටිය නිශාන්ත උළුගේතැන්න ආවා කියන භාරතිගේ ප්‍රකාශය පදනම් කරගෙන තමයි මිනීමැරුම් චෝදනාවක් නගලා හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගන්නේ. මේක හරිම භයානක තත්වයක්. හෙට කොටි ත්‍රස්තවාදියෙකු කිව්වොත් තමන් රඳවාගෙන හිටිය කඳවුරට ගම්මන්පිල ආවා කියලා හෙට මිනීමැරීමේ චෝදනා දාලා මාවත් අත්අඩංගුවට ගනීවි.

නාවික හමුදාපතිව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක හිටවලා තියලා මේ එයාදැයි හඳුනා ගන්න කොටි ත්‍රිකුණාමලය බුද්ධි ප්‍රධානි භාරතිව පසුගිය ජූලි 30 දා පොල්ගහවෙල මහෙස්ත්‍රාත් උසාවියට ගෙන්නුවා. මහෙස්ත්‍රාත්තුමා භාරතිගෙන් සිංහලෙන් ප්‍රශ්න ඇහුව්වාම එයාට මුකුත් තේරුනේ නෑ. ඒ පාර සිංහල බැරි කෙනෙකුගෙන් සිංහල ප්‍රකාශක් ගත්තේ කොහොමද කියා මහෙස්ත්‍රාත්තුමා සීඅයිඩියෙන් ප්‍රශ්න කරනවා. එහෙම නොවුණා නම් නාවික හමුදාපති පෙරෙට්ටුවේ හිටවලා තියලා කොටි නායකයා එයාව හඳුනා ගැනීමේ පෙරෙට්ටුව කරනවා.

රණවිරුවෝ හරිම වාසනාවන්තයි. මුලින්ම විජයකාන්තන්ගේ ප්‍රකාශය සිංහලෙන් ලියපු නිසා පළමු වටයේ රණවිරුවෝ බේරුණා. තමන්ගෙන් බලහත්කාරයෙන් අත්සන් ගත්තා කියලා විජයකාන්තන් මහෙස්ත්‍රාත්තුමියට කියූ නිසා දෙවන වටයේ දී බේරුණා. එහෙම තිබිය දී භාරතීගේ ප්‍රකාශයත් සිංහලෙන් ලියූ නිසා තුන්වන වටයේ දීත් බේරුණා.

සීඅයිඩිය සාක්ෂි නිෂ්පාදනය කරන්න කරපු තවත් බොරුවක් මම අද හෙලි කරන්නම්. ශාන්ත ගන් සයිට් එකේ රඳවා ගෙන හිටියා කියලා ඔප්පු කරන්න හදාගත් එක සාක්ෂියක් තමයි ගන් සයිට් කඳවුරේ බිත්තියක “ශාන්ත කෑගල්ල 2010.07.25” ලෙස බිත්තිය හූරා තිබෙන ඡායාරූපයක් ඉදිරිපත් කිරිම. නමුත් රණවිරුවන්ගේ වාසනාවට එතැනත් වරදක් වුණා. ඒ තමයි ශාන්ත අලව්ව රෝහලෙන් පැන යන්නේ 2010 ජූලි 26. ඔහු 2010 ජූලි 25 දිනය පුරාම හිටියේ පොලිස් අත්අඩංගුවේ. එහෙම නම් එයා ජූලි 25 ත්‍රිකුණාමලයේ හිටියා කියන එක සීඅයිඩියේ අතේ පත්තු වන තවත් පචයක්. සීඅයිඩිය ලියන ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් නොකර සාහිත්‍ය සම්මානයකට ඉදිරිපත් කලොත් ස්වර්ණ පුස්තක සම්මානයේ සිට ග්‍රේෂන් සම්මානය දක්වා දේශීය වශයෙනුත් ජාත්‍යන්තර වශයෙන් නොබෙල් තෑග්ගත් දිනා ගන්න පුළුවන් වේවි. ඒ තරම් නිර්මාණශීලීව සීඅයිඩිය නවකතා ලියනවා.

හෘද සාක්ෂියක් තිබෙන මිනිස්සු මේ රටේ ඉන්නවා නම් මොහොතකට හිතන්න. අපේ ජීවිත බේරා ගන්න තමන්ගේ ජීවිතය පරදුවට තැබූ නාවික හමුදාපතිතුමා පෝලිමක තියලා අපේ ජීවිත උදුරා ගන්න වෑයම් කරපු මිනීමරු කොටි ත්‍රස්තවාදි නායකයා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පරික්ෂා කරනවා. මේක ලෝකයේ කිසිම රටක සිදු නොවුණු අවාසනාවන්ත දෙයක්.

අපේ ජීවිතය බේරා ගත් නාවික හමුදාපති අද හිරේ. අපේ ජීවිත උදුරා ගන්න ආයුද ගත් කොටි ත්‍රස්තවාදින්ට කිසිම නඩුවක් නෑ. පුනරුත්ථාපනය වෙලා, ආණ්ඩුවෙන් තෑගි බෝගත් අරගෙන සතුටින් සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. මේක සාධාරණ ද?

අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා අද සැනසිල්ලේ ජීවත් වෙන්නේ රණවිරුවන්ට පිං සිද්ධ වෙන්නයි. නැතිනම් කොහේ හරි බෝම්බයකින් ඔබතුමා කෑලි කෑලි වලට ඉරිලා යන්න ඉඩ තිබුණා. ඔබතුමාගේ නාස් පුඩු දෙකෙන් හුස්ම පොදක් උඩට ඇදෙන වාරයක් වාරයක් පාසා ඔබතුමා රණවිරුවන්ට ණයගැතියි. ඔබතුමාට කොටි හිතවාදි කල්ලි මැතිවරණ කරන්න සල්ලි හොයලා දෙන්න ඇති. මැතිවරණ දිනන්න ඡන්ද හොයලා දෙන්න ඇති. කැනඩාවේ එංගලන්තයේ ජර්මනියේ ගියාම ඉහළම ආගන්තුක සත්කාර දක්වන්නත් ඇති. හැබැයි එහෙමයි කියලා රට බේරා ගත් රණවිරුවන්ට බොරු චෝදනා නගලා රට බේරා ගැනීම වරදක් බවට පත් කරන්න එපා. එහෙම කලොත් ඔබතුමාට සැඳෑ සමයේ රෑට නින්ද යන එකක් නැති වේවි. මම මහ පව්කාරයෙක් කියලා හෘද සාක්ෂිය විලාප තියාවි.

සම්බන්ධිත පුවත් | Related News

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දීප්කේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.
වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.