පාතාලය කැළඹිලා ඉන්නේ.. ඒ නිසයි වෙඩි පත්තු වෙන්නේ.. ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ - ආරක්‍ෂක ලේකම්
මේ වනවිට ජාතික ආරක්ෂාවට කිසිඳු ප්‍රශ්නයක් නොමැති බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසයි.
එමෙන්ම පාතාලය ජාතික ආරක්ෂාවට ඍජුව සම්බන්ධයක් නොමැති බවත්, එය මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පාලනය කරන බවත්, ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේද සඳහන් කළේය,
''ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ. පාතාලය කියන්නේ ජාතික ආරක්ෂාවට කෙළින්ම සම්බන්ධ එකක් නෙමෙයි. ඒක මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පාලනය කරනවා. ජාතික ආරක්ෂාවට, මහජන ආරක්ෂාවට, පොලිසියට අවශ්‍ය කරන සහයෝගය සීමාවන් ඇතුළත අපි ලබා දෙනවා.
ජාතික ආරක්ෂාවට අනතුරක් නෑ. දැනටමත් පාතාලය කැළඹිලා තියෙනවා. පාතාලය කැළඹෙන්න ඕනේ. මොකද පාතාලයට දේශපාලන රැකවරණයක් නැති වෙලා තියෙනවා. පාතාලය කැළඹිලා තියෙනවා. ඒ පාතාලයේ ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයන්ව අත්අඩංගුවට පත් වෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒකට අවශ්‍ය කරන හමුදාවේ සහාය නීතිමය රාමුව තුළ ඒ සීමාවන් තුළ අපි ලබා දෙනවා. පාතාලය නැති කිරීමේ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඉදිරියට යනකොට ඕගොල්ලන්ට දකින්න ලැබෙනවා. පාතාලය ඇතුලේ කැළඹීම් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා ඒක ගැන ඔවුන්ට බාධා ඇතිවෙලා තියෙනවා. ඒක නිසා වෙඩි පත්තුවීම් සිද්ධ වෙනවා.''
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..