ගැටුම 'තීරණාත්මක අවධියක'! යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් ලබා දීමට වැඩි උත්සාහයක් ගත යුතුයි!- එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නියෝජ්‍ය ස්ථීර නියෝජිත
යුක්රේන අර්බුදය තීරණාත්මක අවධියක පවතින හෙයින් සියලු පාර්ශවයන් එකම අර්මුණකට යොමු වී වැඩි එකඟතාවයක් ගොඩනඟා ගත යුතු බවත් දේශපාලන විසඳුමක් සඳහා වැඩි උත්සාහයක් ගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ (එජාස) චීනයේ නියෝජ්‍ය ස්ථිර නියෝජිත ගෙන්ග් ෂුවාං, පසුගිය අගෝස්තු පළමුවනදා යුක්රේන අර්බුදය පිළිබඳව රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පැවසීය.
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වූ තුන්වන අවස්ථාව මෙයයි.
ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන් ජනතාවගේ මානුෂීය සහ ජීවනෝපාය අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දිය යුතු අතර සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට සෑම උත්සාහයක්ම ගත යුතුයි. ඔවුන් ජාත්‍යන්තර මානුෂීය නීතියට දැඩි ලෙස අනුකූල විය යුතු බවත් සිවිල් වැසියන්ට සහ සිවිල් යටිතල පහසුකම්වලට පහර දීමෙන් වැළකී සිටිය යුතු බවත් ගෙන්ග් ඉල්ලා සිටියේය.
ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන් ප්‍රමාදයකින් තොරව යුධ පිටියේ උත්සන්න වීම අඩු කිරීමට කටයුතු කරමින් දේශපාලන කැමැත්ත සහ නම්‍යශීලීභාවය පෙන්විය යුතු බවත් අවධාරණය කළ ගෙන්ග් සාම සාකච්ඡාවල ගම්‍යතාව පවත්වා ගත යුතු ගනිමින් සංවාද සහ සාකච්ඡා හරහා පුළුල්, කල් පවතින සහ බැඳීම් සහිත සාම ගිවිසුමකට එළඹීමට උත්සාහ කළ යුතු බව පෙන්වා දුන්නේය.
සටන් විරාමයක් සඳහා ක්‍රියාකාරීව බලපෑම් කරමින් සාම සාකච්ඡා ප්‍රවර්ධනය කර හිතකර වාතාවරණයක් සහ සක්‍රීය කොන්දේසි නිර්මාණය කර අර්බුදයට දේශපාලන විසඳුමක් සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ගෙන්ග් ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රමුඛ විශේෂයෙන් ප්‍රධාන කොටස්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
පසුගිය ජුලි 31 වනදා පැවති තවත් රැස්වීමකදී, එක්සත් ජනපද නියෝජිතයා චීනය රුසියාවේ යුද ප්‍රයත්නයන් සඳහා "වඩාත්ම වැදගත් සැපයුම්කරු" බවට චෝදනා කළ අතර චීනයට එරෙහිව එක්සත් ජනපදයෙන් එල්ල වන අසත්‍ය සහ අපහාසාත්මක ආඛ්‍යාන සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව ජෙන්ග් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා