පාර්ලිමේන්තු මන්ත්‍රී පෙන්ෂන් කැපුවොත් කරන දේ නන්දන ගුණතිලක කියයි..
තමන් ජීවත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටිමෙන් හිමි වූ විශ්‍රාම වැටුමින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා සඳහන් කරයි.
ජනාතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයකු ලෙසද ඉදිරිපත් වී ඇති ඔහු තම සමාජ ජාල දිනුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ එම ක්‍රියාමාර්ගයට එරෙහිව මරාගෙන මැරෙන්න තමන් සූදානම් බවයි.
අදාල සම්පූර්ණ සටහන මෙසේය.
****
මම උපාධිය අත් හැරල තුවක්කුව ගත්ත මිනිහෙක් .
1994 න් පස්සෙ අද වෙනකං හැමදාම කුළී ඇනෙක්ස් වල හිටියෙ.
ෆුල් ටයිම් වැඩ කරල අහුවුන නංගිගෙයි මල්ලිගෙයි ජීවිත බේරුනාට දීපු වද වලින් වෙච්ච ආබාධ වලට කාලයක් බෙහෙත් කලා . මහ ගේ විකුණල නඩු වලටයි බෙහෙත් වලටයි වියදම් කරා. ඒව ඒවටම ඉවර වුනා ..
අද වෙනකං රස්සාවක් කරේ නෑ . ෆුල් ටයිම් දේශපාලනය තමයි කරේ.
ජීවිතේ ගැටගහගෙන ඉන්නෙ ඔය පාර්ලිමේන්තු පෙන්ශන් එකෙන් ලැබෙන රු. 68000.00 න්. ගෙවල් කුලිය ලයිට් බිල් , වතුර බිල් බෙහෙත් වියදං ගියාම දවසකට කන්නයි වෙනත් අතුරු වියදම් වලටයි ඉතුරුවෙන්නෙ රු. 700.00 – 800.00 විතර.
මං වගේ 200 කට වැඩි පිරිසක් ඉන්නවා හිටපු මන්ත්‍රීවරු ජේවීපී , ශ්‍රීලංකා , යූඑන්පී , දෙමළ සන්ධානෙ ඔක්කොම එකතුව .
ටිල්වින් ගිය සතියෙ කියල තියෙනව case by case අරං අස්වැසුම වගේ සහනාධාර මුදලක් හදල දෙන්න බලන්නං කියල , හිටපු ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙක්ට කිව්වෙ..
හිඟන්නො වගේ මැරෙන්න වෙන්නෙ.
ඕකුං ඔක්කොම පක්ෂෙ අත් හැරල කැම්පස් රිංගල උපාධිත් සම්පූර්ණ කරගෙන 95 කාලෙ ආපහු පක්ෂෙට රිංගල කුමන්ත්‍රණ කරල පක්ෂෙ බලය ගත්තෙ.
වල දැම්ම , රන්ජන් ල මැච් එක ඉවරයි කියාපු පක්ෂෙ නැවත් 90 – 94 අතරෙ ජීවමාන කරල නැවත මතුපිට දේශපාලනයට ගේන්න මූලික වුණේ අපි කිහිපදෙනෙක් එක්ක මරණීය අනතුරු මැද එඩිතරව වැඩ කරපු හැට හැත්තෑවක් සහෝදරියො , සහෝදරවරු.
මුං එකෙක්වත් පක්ෂෙ නැවත ගොඩනගන්න අත ගැහුවෙ නෑ , පණ බයට …!!!
මුංගෙ කෙරුවාවකට නෙවෙයි , අනෙක් පක්ෂ දෙකම තිත්තවුන නිසා මිනිස්සු මුංට බලය දුන්නෙ .
ඔක්කොම හොරු කියල හදාපු මිත්‍යාවත් ඒකෙදි පාවිච්චි කරපු එක කෙබරයක් ..!!!
මං පානදුර නගර සභාව ලක්ෂ 200 ක නයක් එක්ක බාර අරං මිනිස්සු ඉල්ලන වැඩත් උපරිම කරල , නගර සභාවෙ අඩුපාඩුත් හදල , ලක්ෂ 1295 ක් fixed deposit එකක් හදල ආවමිනිහෙක් . බොරු කොංක්‍රීට් දාල ඒවයෙන් කන්නගියෙ නෑ .තව වෙනත් වැඩ වලින් පුරවැසියන්ගෙ බදු මුදළ් නාස්තිය දශමයට බස්සල ඉතුරු කරපුව බොහොමයි ..
දිවි නසාගන්න වෙන්නෙ අපිට , 80 ජූලි වර්ජකයන්ට වගේ…!!!
මේක පූර්ණකාළීනව දේශපාලනය කරපු දහස් ගණනකගේ ජීවිතවල ඛේදවාචකය . යුද්දෙ කාලෙ තාත්තල අහිමිවෙච්ච ජීවනෝපායක් නැති පවුල්වල ඛේදවාචකය.
අපිට දැන් අලුත් ජීවනෝපායක් හදාගන්න ඉඩක් නෑ මේ තියෙන සිස්ටම් එක ඇතුළෙ ..
දැං ජීවිතේ බෝනස් කාලෙ අවුරුදු 39 ක් අමාරුවෙන් ගෙවල තියෙන්නෙ . මට දැං 63 යි..
තියෙන සුළු වත්කම් විකුණල එදිනෙදා කාල ඇඳල ඉන්න බෑ. ඕනෙනං අවුරුදු දෙක තුනක් අල්ලං ඉන්න පුළුවං වෙයි . මේ වයසට රස්සාවල් දෙන්නෙ නෑ කවුරුවත් . බිස්නස් කරන්න ඇඟේ ඇට ව්කුණන්න වෙනවා. අන්තිමට වැටෙන්නෙ හිඟමනට . එහෙම ජීවත්වෙන්න ඕන නෑ ..
ඔව් මැරෙනව…!!!
හැබැයි තනියෙං නෙවෙයි.
මම ගරිල්ලා භටයෙක්..!!!
ටිල්වින් වගේ සම්පූර්ණ යුද්ධෙ කාලෙ හිරේ හිටිය එකෙක් නෙවෙයි.
යුද්ධෙ හිටියෙ..!!!
ඒ නිසා ඕක කරල එන්න එපා , කවුරු කවුරුත් සූදානං වෙන එක හොඳයි..!!!
මම මැරෙන්න ලෑස්තියි..!!!
අපි දුෂ්කරම පැයේ ඇත්ත සටන් කරපු මිනිස්සු..
ඊට පස්සෙ අපිට ගෙවපු පෙන්ශන් එකෙන් ” රට හදපල්ලා ” …!!!
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..