යෞවන සමාජ ගැන ඇමරිකා බුද්ධි අංශ තොරතුරු හොයලා..
යෞවන සමාජවල වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳව ඇමෙරිකානු තානාපති කාර්යාලය සූක්ෂ්මව කරුණු සොයා බලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
විපක්ෂයේ තරුණයන් වෙනුවට යෞවන සමාජවල නිලතල වලට ජාතික ජන බලවේගයට හිතවත් පිරිස් යෞවන සමාජවලට පත්කර තිබෙන බවට සමාජයේ විරෝධයක් නිර්මාණය වීම පිළිබඳව මෙම තානාපති කාර්යාලය මෙසේ සිය විශේෂ අවධානය යොමු කර ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ දැනට පවතින හා ඉදිරියේදී නිර්මාණය විය හැකි දේශපාලන ගැටලු සම්බන්ධයෙන් ඇමරිකානු බුද්ධි අංශ එරට තානාපති කාර්යාලය සතිපතා දැනුම්වත් කරන බවත්, ඒ අනුව ගෙවුණු සතියේදී යෞවන සමාජ ආශ්‍රිතඅර්බුදය තානාපති කාර්යාලයේ විශේෂ අවධානයට ලක්ව තිබෙන බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.
යෞවන සමාජ පිහිටුවීම, සාමාජික ලැයිස්තු සකස් කිරීම, තනතුරු වලට පත්කිරීම, තරුණ කටයුතු අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාවේ හැසිරීම ඇතුළු කරුණු කිහිපයක් ඇමරිකානු තානාපති කාර්යාලයේ නිරීක්ෂණයට ලක්ව ඇතැයි දැනගන්නට ලැබේ.
මේ අතර යෞවන සමාජ වලට දේශපාලනය ඈදාගෙන ඇතැයි තරුණ නියෝජිතයන් පිරිසක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ හමුවී පැමිණිලි කර තිබේ.
ජාතික ජන බලවේගයට හිතවත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තු කලින් සකස් කර යෞවන සමාජ වලට පත්කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට එම තරුණ පිරිස හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
1977 ආණ්ඩුවේ තරුණ කටයුතු ඇමැතිවරයා වශයෙන් තරුණ සම්මේලන පවත්වන්නටත්, ගම් මට්ටමින් යෞවන සමාජ ගොඩනැංවීමටත් දේශපාලනයක් නොබලා පියවර ගත් බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැහැදිලි කර තිබේ.
- අමිත් මධුරංග ගමගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්