අයවැයෙන් සෞඛ්‍යයට වෙන්කළ මුදල් 80%ක් ඉතිරිවෙලා..
පසුගිය අයවැයෙන් ට සෞඛ්‍ය පද්ධතිය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් සියයට අසූවකට වැඩි ප්‍රමාණයක් මේ දක්වා වියදම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත්ව ඇති බව, හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
2025 වසර සඳහා අයවැයෙන් වෙන් කරන ලද මුළු මුදල් ප්‍රමාණය රුපියල් 474 874 000 000 හෙවත් බිලියන 48 කට ආසන්න වෙයි.
ඖෂධ සැපයීම සඳහා වෙන්කළ මුළු ප්‍රතිපාදන මුදල රුපියල් බිලියන 18 කට අධික වන අතර මින් මේ දක්වා භාවිතා කොට ඇත්තේ සියයට 19 කට ආසන්න ප්‍රමාණයක් බව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ජී ඇස් කරුණාරත්ත මහතාගේ අත්සනින් යුක්තව 05.07.2025 දින නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වෙයි.
උපකරණ මිලදී ගැනීම සඳහා වෙන්කළ රුපියල් කෝටි 1300 කට අධික මුදලින් මේ දක්වා වියදම් කොට ඇත්තේ සියයට දොළහකට ආසන්න ප්‍රතිශතයකි.
නව ගොඩනැගි ඉදිකිරීම් සඳහා වෙන්කළ මුදලින් සියයට දාසයකට ආසන්න ප්‍රමාණයක් පමණක් වියදම් කොට ඇති අතර මාතෲ සහ ළමා සෞඛ්‍ය සඳහා වෙන්කළ රුපියල් කෝටි සියයකට ආසන්න මුදලින් මේ දක්වා වියදම් කොට ඇත්තේ සියයට පහකට ආසන්න ප්‍රමාණයකි.
බෝවන රෝග ව්‍යාප්තිය සඳහා වෙන් කළ මුදලින් භාවිතා කොට ඇත්තේ සියයට දශම තුනකට ආසන්න ප්‍රමාණයක් වන අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය සඳහා වෙන්කළ මුදලින් භාවිතා කොට ඇත්තේ සියයට තුනකට ආසන්න ප්‍රමාණයක් ය.
ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරට සෞඛ්‍ය පද්ධතියේ දියුණුව සඳහා රුපියල් කෝටි නමසීයකට ආසන්න මුදලක් ලබා දී ඇති අතර මේ දක්වා ඉන් භාවිතා කොට ඇත්තේ සියයට අටකට ආසන්න ප්‍රමාණයකි.
මේ තවත් ඉතා භයානකානාවරණයක් වන්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අරමුදල ලෙස රුපියල් කෝටි 19කට ආසන්න මුදලක් ලැබී ඇති අතර ඉන් කිසිදු මුදලක් මේ දක්වා වියදම් නොකළ බව අදාළ වාර්තාවේ සඳහන් වීමයි.
පසුගියදා ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් කැඳවා මෙරට සෞඛ්‍ය අර්බුදය සම්බන්ධව විමසීම සිදු කරන ලද අතර අයවැය ප්‍රතිපාදන වියදම් නොකිරීම සම්බන්ධයෙන් ද ඒ දී සාකච්ඡාවට බඳුන් විය.
2019 පෙර සිට ම අමාත්‍යාංශය ඉහළ නිලතල දරන විවිධ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සමග තවදුරටත් සෞඛ්‍ය පද්ධතිය ඉදිරි ගමනක් කරා ගමන් කිරීමට නොහැකි බව මෙම මූල්‍ය ප්‍රගමනය අනුවම පැහැදිලි වන බව වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කරයි. මේ ගැන ජනාධිපතිවරයා කඩනමින් පියවරක් නොගතහොත් ලබන වසරේදී උග්‍ර සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි බවද වෛද්‍ය සංජීව මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..