චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 98 වැනි සංවත්සර සැමරුම
චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 98වැනි සංවත්සර උත්සවය කොළඹදී ඊයේ (30) පැවැත්වුණි.
ඒ මෙරට චීන තානාපති චී ෂෙන්හොන් සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
මෙම සැමරුම් උත්සවයට හිටපු ජනාධිපතිවරු වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රිපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසත් එක්ව සිටියේය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා,
"චීනය ඉදිරියේදීත් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව සමඟ පවතින ක්‍රමෝපායික සහයෝගිතාව සහ අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. අනෙකුත් සියලුම කරුණු සම්බන්ධයෙන්ද චීනය ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන්නේ සෑමවිටම ප්‍රමුඛත්වයක් දක්වමින්."
එහිදී අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා,
"වසර 68ක් ගතවන චීන - ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී අප ජාතීන් දෙක, අන්‍යෝන්‍ය ගරුත්වයෙන්, සමානාත්මතාව සහ සහෝදරත්වය පෙරදැරි කරගෙන එක්ව කටයුතු කළා. රටක විශාලත්වය හෝ ප්‍රමාණය සැලකිල්ලට නොගෙන අර්ථවත්, දිගුකාලීන, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතාවක් ගොඩනැගිය හැකි බවට දැක්විය හැකි දීප්තිමත් උදාහරණයක් තමයි මේ සහයෝගීතාවය."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං