චෙම්මනි මිනීවළ: සාමාන්‍ය භූමිදාන සිරුරුත් හමුවෙලා – සත්‍ය සැඟවීමට බෙදුම්වාදීන් උත්සාහ කරනවා..
යාපනයේ චෙම්මනි සමූහ මිනීවළක් සම්බන්ධව කෙරෙණ කැනීම් පරිශ්‍රයෙන් ගොඩගත් සිරුරු අතර, සාමාන්‍ය සුසාන භූමිවලදී සිදුකරන ආකාරයට භූමිදාන කර ඇති සිරුරු ද හමු වී ඇති නමුත්, බෙදුම්වාදී පාර්ශ්වයන් විසින් මෙම කරුණ සඟවාලීමට ප්‍රයත්න දරන බවට බරපතළ චෝදනාවක් නැඟී තිබේ.
යාපනයේ පදිංචි සිවිල් හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන අරුන් සිද්ධාර්ථ් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම අනාවරණය සිදු කළේය.
ඔහු පෙන්වා දෙන්නේ, සැඟවුණු න්‍යාය පත්‍ර ඇති පාර්ශ්වයන් විසින් මෙම කරුණ යටපත් කිරීමට කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.
ඒ අනුව හමු වන මිනිස් අස්ථි කොටස් හමුදා විසින් ඝාතනය කරනු ලැබූවන්ගේ බව පෙන්වීමට උත්සාහ කළද, එය සත්‍ය නොවන බව අරුන් සිද්ධාර්ථ් අවධාරණය කළේය.
මෑතකදී සොයාගත් අස්ථි කොටස් අතර සාමාන්‍ය ක්‍රමවේදයට අනුව භූමිදාන කළ බවට පැවසෙන සිරුරු හමු වී ඇති බවට වීරකේසරී වෙබ් අඩවියේ පවා ප්‍රවෘත්ති පළව ඇති බවද ඔහු සඳහන් කළේය. එසේම ඒ සම්බන්ධව අධිකරණයටද වාර්තා කර ඇති බවද ඔහු පැවසීය.
චෙම්මනි ආශ්‍රිත කැනීම් වලදී සොයාගන්නා බොහෝ සිරුරු අස්ථි කොටස් සාමාන්‍ය භූමිදාන ස්වරූපය ගන්නා බවද ඒ මහතා පෙන්වා දෙයි. හින්දු ජනතාව අවමංගල්‍ය චාරිත්‍රයේදී ආදාහනය කරන බැවින් අස්ථි කොටස් හමු විය නොහැකි බවට ඇති තර්කයද ඔහු අභියෝගයට ලක් කළේය.
එහිදී අරුන් සිද්ධාර්ථ් පැවසුවේ, හින්දු චාරිත්‍ර අනුවද කුඩා දරුවන් (අවුරුදු 10-12 පමණ වුවත්) මියගිය විට ආදාහනය නොකර භූමිදාන කරන බවත්, ඔවුන් ප්‍රිය කළ සෙල්ලම් බඩු වැනි දෑද ඒ සමඟ තැන්පත් කිරීම සිදුවෙන බවත්ය.
එබැවින්, චෙම්මනි ආශ්‍රිතව හමුවූ බොහෝ කොටස් එවැනි විය හැකි බවට ඔහු සැක පළ කරයි. එසේම, හින්දු පූජකවරුන් (පූසාරි – කුරුක්කල් වරයෙකු) මියගිය විටද ආදාහනය නොකර භූමිදාන කරන බවට ඔහු තොරතුරු ඉදිරිපත් කළේය.
තමන් මෙසේ පවසන විට හමුදාවට සුදුහුණු ගාන බවට චෝදනා එල්ල විය හැකි බව පවසන ඒ මහතා, අසූව දශකයේ සිට යුද්ධය අවසන් වන් තුරු හමුදාව පමණක් නොව, එල්.ටී.ටී.ඊ. සංවිධානය ද උතුරේ ඝාතන සිදුකළ බව සිහිපත් කළේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම්වලින් සාමාජිකයන් රැසක් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවත්, එම අත්දැකීමට තම පවුලද මුහුණ දී ඇති බවත් ඔහු සඳහන් කළේය. එම නිසා මෙකී ඝාතන හමුදාව විසින් පමණක් සිදුකළ බවට චෝදනා කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේය.
දැනට සිදුවෙමින් පවතින්නේ සියලු වැරදි හමුදා වෙත පැවරීම බවත්, එය අන්තවාදී ක්‍රියාවක් බවත් ඒ මහතා පවසයි. විධිමත් විමර්ශනයකින් තොරව එකිනෙකාට චෝදනා ඉදිරිපත් කර ගැනීම අර්ථ විරහිත බවද ඔහු පෙන්වා දෙයි.
තවද, රුපියල් කෝටි 1.5ක් වැනි මුදලක් ගෙන පුද්ගලයන් විදෙස්ගත කර දේශපාලන සරණාගතභාවය ලබාදීමේ ජාවාරම්කරුවන් ද මෙම පිටුපස සිටිමින්, චෙම්මනි වාර්තා පෙන්වා තවමත් ඝාතන සිදුවන බව දැක්වීමට මෙවැනි ප්‍රචාර දියත් කරන බවටද අරුන් සිද්ධාර්ථ් බරපතළ චෝදනා එල්ල කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..