News Category
From Date
To Date
Maximum Number of Result

කාලය අත්පත් කර ගැනීම : ඩිජිටල් තාක්ෂණය සහ ප්‍රාග්ධනයේ නව මුහුණුවර- පෝලා ගිමෙනෙස් විසිනි*

Jul 30, 2025 at 02:07 AM
|

“ප්‍රාග්ධනය කිසිවක් නිර්මාණය නොකරයි: එහෙත් එය යටත් විජිතකරණය කරයි, ප්‍රතිසංවිධානය කරයි, පෞද්ගලීකරණය කරයි. පසුව ප්‍රාග්ධනය අපව අස්වසාලීමටද කටයුතු කරයි.” මෙම වාක්‍ය ඛණ්ඩය මගින් අපගේ යුගයේ පරිණාමය සාරාංශගත කළ හැකි අතර, එය නව ඓතිහාසික අවධියකට ළඟා වී ඇති ප්‍රාග්ධනයේ ව්‍යුහයේ ගැඹුරු පරිවර්තනයක් සලකුණු කරනු ලබයි. එනම් අපගේ එදිනෙදා ජීවිතය තුළ වන පූර්ණ ඩිජිටල්කරණය මනාව පිළිබිඹු කරයි. මෙම පාලන තන්ත්‍රය තුළ, කාලය තවදුරටත් නිෂ්පාදනයට පුද්ගලයා සහභාගිවන කාලය සහ ඔහුගේ නිදහස් කාලය අතර බෙදීමකට ලක්වී නැත. ඒ වෙනුවට පුද්ගලයාට අයිතිය තිබෙන සියලු කාලය අල්ලාගෙන, කේතනය කර, ප්‍රාග්ධනය සඳහා නිෂ්පාදන බලවේගයක් බවට පරිවර්තනය කර තිබේ. විවේකය යන්නම වැඩෙහි යෙදීමයි, අවධානය වෙනතකට යොමු කිරීම වටිනාකම් උපදවීමයි, අල්ලාප සල්ලාපය යනු දත්ත කැණීමයි.

කාල් මාක්ස් ඔහුගේ තිසීසයක එක් ඡේදයක සඳහන් කළ පරිදි, “ධනේශ්වර සමාජය තුළ, මහජනතාවගේ සමස්ත ජීවිත කාලය වැඩ කාලය බවට පරිවර්තනය කිරීමෙන් ධනේශ්වර පන්තිය සඳහා නිදහස් කාලය නිෂ්පාදනය කෙරේ.” ඔහුගේ මෙම ප්‍රකාශය වර්තමානයේදී ම්ලේච්ඡ අදාළත්වයක් සහිතව අනුනාද වෙමින් පවතී. සිව්වන කාර්මික විප්ලවයේ තාක්ෂණයන් - කෘතිම බුද්ධිය, විශාල දත්ත, ඩිජිටල් වේදිකා, අතථ්‍ය සහායකයින් යනාදිය පුද්ගලයාගේ දවස ප්‍රතිසංවිධානය කරන උපාංග ලෙස ක්‍රියා කරයි. වැඩ යනු ජීවිතයෙන් වෙන් වූ ප්‍රපංචයක් නොව ජීවිතයේ ප්‍රමුඛ ස්වරූපය ලෙස නැවත අර්ථ ගන්වයි. ජීවත්වීමම රැකියාවක් බවට පත්ව ඇත.

මෙම විකෘතියේ යතුර කාලය වෙන් කිරීම තුළ පවතී. අප සතුව ඇති "We Are Social- 2025" වාර්තාවට අනුව, ලෝකයේ වෙසෙන බිලියන 5 කට අධික ජනතාවක් සමාජ මාධ්‍ය භාවිතා කරන අතර, එක් පුද්ගලයෙකු දළ වශයෙන් මෙම වේදිකාවල මසකට පැය 60 කට වඩා අධික කාලයක් ගත කරති. උදාහරණයක් ලෙස,පරිශීලකයෙකු TikTok තුළ මසකට පැය 35 ඉක්මවන කාලයක් ගත කරන අතර ‍YouTube,Facebook සහ  Instagram (We Are Social- 2025) එම ලයිස්තුවේ පිළිවෙලින් ස්ථාන අත්පත් කර ගෙන සිටියි. විනෝදාස්වාදය සඳහා කැපවී ඇති බව පෙනෙන මෙම කාලය, ඇත්ත වශයෙන්ම පුද්ගලයෙකුගේ ඵලදායීම කාලය වන්නේය. යම් පුද්ගලයෙකු මේවා පරිශීලනය කරන  කාලය තුළ  දත්ත, හැසිරීම්, ආශාවන් සහ ආත්මීයත්වයේ සිතියම් ජනනය කරන අතර ඒවා එකතු කර, සකසන ලද සහ ප්‍රාග්ධන තක්සේරුකරණ පරිපථවලට නැවත එන්නත් කරනු ලැබේ.

මෙය හුදෙක් නිෂ්ක්‍රීය නිරීක්ෂණයක් පමණක් නොව, නව ආකාරයේ සාමාන්‍ය "සමාජ ශ්‍රම" ආකාරයකි.මෙය තවදුරටත් විස්තර කරන්නේ නම් විසරණය වූ, ස්ථිර සහ ස්වේච්ඡාවෙන් තොර නිෂ්පාදන මාදිලියකි. මෙලෙස කාලය අත්පත් කර ගැනීම, මතකය හෝ කිසිදු ව්‍යාපෘතියක් නොමැතිව, ඓතිහාසික පරිණාමය නියත වර්තමානයකට විසුරුවා හරින මිනිස් ජීවිතයේ අධි ත්වරණයකට අනුගත වීමත් සමඟ සිදු වේ. තොරතුරුවල සන්තෘප්තිය හෙවත් තොරතුරු ඉස්මුරුත්තාව නිසා, තොරතුරු නොදන්නා පුද්ගලයෙකු බවට පත් වීම හෝ පුද්ගලයා තොරතුරු මගින් අවුල් සහගත බවට පත්වීම සිදුවේ. මෙම යථාර්තය තුළ, පුදගලයා තමන් පරීක්ෂ්‍යමානයකු බවට පත්වී ඇති බව හඳුනා නොගනී. එනම් ඔවුන් "න්‍යායෙන් වෙන්කර හඳුනාගත යුතු භාවිතයෙන්" ඈත් වී, ඛණ්ඩනය වී, තොරතුරු අත්පත් කර ගන්නා අතරතුර අවධානය වෙනතකට යොමු කරන ප්‍රතිබිම්බ අවකාශය තුළ ගිලී ජීවත් වෙති.

Virtuality හෙවත් අතථ්‍යත්වය(පරිගණක තාක්ෂණය මගින් නිර්මාණය වුණු එහෙත් භෞතික ලෝකයේ නොපවතින) තවදුරටත් එදිනෙදා ජීවිතයේ ද්විතියික ස්ථරයක් වන්නක් නොවේ. ඒ වෙනුවට අතථ්‍යත්වය නව ද්‍රව්‍යමය මෙවලමක් බවට පත්වී තිබේ. අතථ්‍යත්වය ප්‍රායෝගික-නිෂ්ක්‍රීය ක්ෂේත්‍රයක් ලෙස ක්‍රියා කරමින් මානව මැදිහත්වීමේ ඇල්ගොරිතම මැදිහත්වීමකින් ප්‍රතිස්ථාපනය කරන අතර අත්දැකීම් දත්ත බවට පරිවර්තනය කරයි. සමාජ මාධ්‍ය හුදකලා පුද්ගලයින් සහ ව්‍යාජ-සාමූහික, අනුක්‍රමික ගෝත්‍ර නිර්මාණය කරනු ලබයි.මෙම පිරිස් වල පැහැදිලි සහයෝගීතාවය නව පාලන ආකාරයේ සැබෑ මුහුණත පෙන්වීම වලක්වා ලනු ලබයි. මෙම වේදිකා සමාජයේ තනි තනි පුද්ගලයන්ගේ ප්‍රාථමික තත්ත්වය හුදකලාව බවට බලෙන්ම පත්කරවන අතර, පුද්ගල ප්‍රත්‍යවේක්ෂණය සහ සාමූහික පරිකල්පනය අක්‍රිය කරන අධි සම්බන්ධතාවය ප්‍රවර්ධනය කරයි.


ඩිජිටල් ධනවාදයේ වත්මන් අවධියේදී, ළමා කාලය සහ යෞවනය, ප්‍රාග්ධනයේ ශ්‍රම බලකාය පුළුල් කිරීම සඳහා උපායමාර්ගික භූමියක් බවට පත්ව ඇති අතර, එය තවදුරටත් විධිමත් රැකියා හරහා පමණක් නොව, අවධානය, ආශාව සහ ආයු කාලය අල්ලා ගැනීම දක්වා පරාසයන් පුරා විහිදී යයි.Kids Online Argentina 2025  (UNICEF and UNESCO) වාර්තාවේ දත්ත වලට අනුව, වයස අවුරුදු 9 ත් 17 ත් අතර ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් 95% ක් දිනපතා තමන්ගේම ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට පිවිසෙන අතර 80% ක් දිනපතා හෝ සෑම දිනකම පාහේ සමාජ මාධ්‍ය භාවිතා කරයි. මෙම නිරන්තර මාර්ගගත සමාජගත කිරීම වටිනාකම් නිස්සාරණය සඳහා වේදිකාවක් වන අතර, විනෝදාත්මක සහ සන්නිවේදන ක්‍රියාකාරකම් රහසිගත දත්ත නිෂ්පාදනය, ප්‍රවණතා, පරිභෝජන රටා සහ කෘතිම බුද්ධි පද්ධති සඳහා පුහුණුව ලෙස ප්‍රතිසංවිධානය කරනු ලබන්නේය. තාක්ෂණයන් නිදහසේ හෝ මධ්‍යස්ථ භාවිතයකට යොමු වනවාට වඩා, අප නිරීක්ෂණය කර තිබෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ සැබෑ ප්‍රතිසංවිධානයකට ඩිජිටල් අධිරාජ්‍යවාදය යොමුව තිබෙන බවයි.එහිදී මුළු ජීවිතයම එනම් පුද්ගලයෙකුගේ ජීවිතයේ  මුල් අවධියේ සිටම වැඩි වැඩියෙන් ඩිජිටල් අවකාශයේ ක්‍රියාත්මක කරවනු ලැබේ. අගුයිලේරා (2024)(ලූකස් අගුයිලේරා යනු ආර්ජන්ටිනානු ලේඛකයෙකි. ඔහු 20 වන වෙනිසියුලා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී "Nueva Fase-නව අදියර"  ග්‍රන්ථය එළි දැක්වීය) ඉදිරිපත් කරන තර්කයට අනුව ස්වාභාවික හෝ ප්‍රතික්ෂේප කරන ලද ලෙස ඉදිරිපත් කළද  පරීක්ෂ්‍යමානයා-ශ්‍රම සම්බන්ධතාවය අපගේ සමාජ පැවැත්මේ සංස්ථාපකය වන්නේය. කෙසේ වෙතත්, ප්‍රාග්ධනය සඳහා එහි කිසිදු අපැහැදිලි බවක් නොමැත. එනම් අධි සම්බන්ධිත ළමා කාලය, අවසානයේ, පුළුල් වන නිෂ්පාදන බලවේගයකි.

මෙම නව අවධියේදී, කාලය යනු හුදෙක් කාර්යයක් පමණක් නොවේ. ආවේදනිකතාවද (හැඟීම් හෝ හැඟීම් වලට බලපෑම් කිරීමේ හැකියාව) කාලයම වන්නේය. මෙටා වැනි දැවැන්තයින් විසින් මෙහෙයවනු ලබන සුවපහසු කර්මාන්තයක ඒකාබද්ධතාවය අපි දකිමින් සිටිමු. හාවඩ් ව්‍යාපාර සමාලෝචනයේ (2025) දත්ත වලට අනුව, චිකිත්සාව සහ චිත්තවේගීය මිත්‍රත්වය උත්පාදක කෘතිම බුද්ධියේ වඩාත් පුළුල් භාවිතයන් බවට පත්ව ඇති අතර එය කාලසටහන් සංවිධානය කිරීම හෝ ලේඛන කටයුතු සම්පූර්ණ කිරීම වැනි කාර්යයන් අභිබවා යයි. සාමාන්‍ය සමීප මිත්‍රත්ව සබඳතා සංඛ්‍යාව තුනකට වඩා අඩු සමාජයක "AI මිතුරන්" අතුරුදහන් වූ මානව බැඳීම් ප්‍රතිස්ථාපනය කළ හැකි බව තහවුරු කිරීමට මාර්ක් සකර්බර්ග් පසුබට වී නැත (HBR, 2025). මෙම සංසිද්ධිය මිනිසුන් සහ යන්ත්‍ර අතර සම්බන්ධතාවයේ නව මුහුණුවරක් නියෝජනය කරනවා පමණක් නොව, ජෛව දේශපාලනයේ(ජෛව දේශපාලනය යනු ජීවිතය හා දේශපාලනය අතර ඡේදනය සහ අන්‍යෝන්‍ය වශයෙන් ඒකාබද්ධ වීම හඳුන්වන යෙදුමකි. වචනාර්ථයෙන්, එහි තේරුම ජීවිතය සමඟ කටයුතු කරන දේශපාලන ආකාරය යන්නයි.) නව තාක්ෂණයන්හි කොටසක් බවටද පත්වේ. මානව සෙනෙහස අනුකරණය කරන හෝ ප්‍රතිස්ථාපනය කරන ඩිජිටල් සහායකයින් නිර්මාණය කිරීමෙන්, ප්‍රාග්ධනය අපගේ කාලය පමණක් නොව, අපගේ හැඟීම් සහ රුචි අරුචිකම් හෝ මතයන් මත පදනම් වූ හෝ බලපෑමට ලක්වීමේ ගුණාත්මකභාවයද  පාලනය කරයි. මේ අනුව, මෙම තාක්ෂණයන් සමස්ත පුද්ගල ජීවිතයම නියාමනය කිරීමට සහ ආධිපත්‍යය දැරීමට උත්සාහ කරන පද්ධතියකට ඇතුළත් කර පරිභෝජනය සහ සූරාකෑමේ තර්කනය තුළ මානව චිත්තවේගීයභාවය සංවිධානය කරනු ලබයි.

මෙම තාක්ෂණයන් බොරු වෙස් ගැන්විම අනුකරණය කරනවා පමණක් නොව එය ප්‍රතිසංවිධානය කිරීමද කරනු ලබයි. AI තාක්ෂණය තවදුරටත් අපගේ සේවකයෙකු වනවා පමණක් නොව, අපව අනුගමනය කරන, අපව අර්ථකථනය කරන සහ අප වෙනුවෙන් ක්‍රියා කරන පුද්ගලාරෝපිත පැවැත්මක් වන සහකාරියකගේ ආකාරයද අත්පත් කරගෙන ඇත. සකර්බර්ග්ට අනුව, මෙටා AI පද්ධතියට දැනටමත් මාසිකව බිලියනයකට ආසන්න පරිශීලකයින් පිරිසක් සිටින අතර යෙදුම්, ජාල සහ පැළඳිය හැකි උපාංග හරහා එය ඒකාබද්ධ වී ඇත. HBR වාර්තාව පෙන්වා දෙන පරිදි, නියෝජිත AI වෙත මෙම සංක්‍රාන්තිය මානව-යන්ත්‍ර සම්බන්ධතාවයේ නව අවධියක් නියෝජනය කරනු ලබයි. එය දත්ත වෙත ප්‍රවේශ වීම පමණක් නොව, තීරණ පැවරීම, අර්ථය ගොඩනැගීම, බැඳීම් ගොඩනැගීම, කටහඬවල් සහ පෞරුෂයන් අනුකරණය කිරීමට පුහුණු කරන ලද ආකෘති හරහා මළවුන් සම්බන්ධයෙන් ශෝක වීම පවා සිදු කරනු ලැබේ. මෙම දියුණුව සමකාලීන ජෛව දේශපාලනයේ පැහැදිලිම ප්‍රකාශනයන්ගෙන් එකක් වන අතර, එහිදී පරීක්ෂ්‍යමානයා සහ හැඟීම් තවදුරටත් ජීවත් නොවන නමුත් ප්‍රාග්ධන පරිභෝජනය සඳහා කළමනාකරණය කර ප්‍රශස්ත මට්ට්මකට ගෙන ඇත. AI තාක්ෂණය යනු සමස්ත පුද්ගල ජීවිතයම පාලනය කිරීමේ මෙවලමක් බවට පත්වේ. එනම් ශාරීරික ශ්‍රමය පමණක් නොව අපගේ චිත්තවේගීය පැවැත්මේ වඩාත් සමීප අංග ද සංවිධානය කරන බලයක් බවට පත්වේ.

මෙම රාමුව තුළ, ප්‍රාග්ධනය තවදුරටත් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට පමණක් අවශ්‍ය වන්නක් නොවේ. එය අපව ඇද ගන්නා අතරතුර අපට සවන් දෙන සහකරුවන්, චිකිත්සකයින්, විශ්වාසවන්තයින් ද බිහි කරනු ලබයි. මෙය මෘදු හා පුද්ගලාරෝපිත ආධිපත්‍යයේ නව ආකෘතියකි. එහිදී පරීක්ෂ්‍යමානයා තමා වෙත සෙනෙහස, අවධානය, සැලකිල්ල නොමැතිකම මගින් අභියෝගයට ලක් කරන අතර ඒ වෙනුවට කිසිදා නොපැමිණෙන ලෙස නිර්මාණය කර ඇති ඩිජිටල් සහායකයෙකු ලංකර ලබා ගනී. මෙම පාලන ආකෘතිය අපගේ චිත්තවේගීය ජීවිතය සෘජු මැදිහත්වීමේ ක්ෂේත්‍රයක් බවට පත් කරන ජෛව දේශපාලනයේ ආකාරයකි. එය අපගේ අවශ්‍යතා නිරන්තරයෙන් නිරීක්ෂණය කරන, සකස් කරන සහ ප්‍රතිචාර දක්වන ඇල්ගොරිතම මගින් කළමනාකරණය කෙරේ. වෙබර්ගේ(Max Weber නම් සමාජ විද්‍යාඥයා ) පැරණි යකඩ කූඩුව "මෘදු" කූඩුවක් බවට පත්ව ඇත. එනම් එකවර තෘප්තිමත් කිරීමට සහ සූරාකෑමට නිර්මාණය කර ඇති උත්තේජක සිරගෙයක් නිර්මානය කර ඇත. මේ අනුව, ආධිපත්‍යය තවදුරටත් වැඩ කරන ශරීරය මත පමණක් නොව, පරීක්ෂ්‍යමානයාගේ සමස්ත ජීවිතය මත ක්‍රියාත්මක වන අතර, අපගේ ආවේදනාත්මකතාව අගය කිරීමේ සහ පාලනයේ නව අවකාශයක් බවට පත් කරයි.

නමුත් මෙම නව බල උපාංග ජීවිතය සංවිධානය කිරීමේ පමණක් නොව මරණය කළමනාකරණය කිරීමේ මාර්ගයක් ලෙස, නීක්‍රො දේශපාලනයේ (නීක්‍රො දේශපාලනය් යනු සමාජීය හා දේශපාලනික බලය යොදා ගනිමින් සමහර පුද්ගලයින් ජීවත් විය යුතු ආකාරය සහ සමහරු මිය යා යුතු ආකාරය නියම කිරීම පිළිබඳ සමාජීය දේශපාලනික න්‍යායකි.) නව තාක්ෂණයන් ද පූර්ව නිගමනයට ලක් කරයි. ගාසා තීරයේ, යටත් විජිතවාදී ඊශ්‍රායල රාජ්‍යය කෘතිම බුද්ධිය යුද්ධයේ අවියක් බවට පත් කර ඇත. ලැවෙන්ඩර් සහ ෆයර් ෆැක්ටරි වැනි වැඩසටහන් ස්වයංක්‍රීයව ඉවත් කළ යුතු ශරීර පවා තීරණය කරන්නේ ඇල්ගොරිතම ගණනය කිරීම සමූලඝාතන ප්‍රතිපත්තියක් බවට පරිවර්තනය කරමිනුයි (972 සඟරාවේ  We are Social 2025 උපුටා දක්වමින් මේ බව පවසා ඇත, +972 සඟරාව යනු ඊශ්‍රායලයේ වාමාංශික ප්‍රවෘත්ති සහ මත ප්‍රචලිත කරන මාර්ගගත සඟරාවක් වන අතර එය 2010 අගෝස්තු මාසයේදී ටෙල් අවිව් හි ඊශ්‍රායල ලේඛකයින් හතර දෙනෙකුගේ එකතුවක් විසින් ආරම්භ කරන ලදී.). යුද්ධයට AI තාක්ෂණය යෙදීමෙන්, ඇතැම් පරීක්ෂ්‍යමානයාන්ගේ ජීවිත අගය කරනු ලබන්නේ විනාශ කිරීමට, පාලනය කිරීමට හෝ හුදෙක් දත්ත වලට අඩු කිරීමට ඇති හැකියාව අනුව පමණක් වන අතර, එමගින් නීක්‍රො දේශපාලනයේ නව යාන්ත්‍රණයන් පිළිබිඹු වන්නේය. මෙහිදී, AI  තාක්ෂණය තවදුරටත් ජීවිතය සංවිධානය කිරීමට උත්සාහ නොකරන නමුත් මරණය කළමනාකරණය කිරීමට උත්සාහ කරයි, වින්දිතයින් සංඛ්‍යා ගොනු, ලකුණු සහ ඇල්ගොරිතම වලට ගොනු කිරීමෙන් මනුෂ්‍යත්වය හෑල්ලුවට ලක් කරනු ලබයි. මේ අනුව, ජෛව දේශපාලනය ජීවිතය වෙනස් අයුරකින් හැඩගැසීමට ලක් කර සංවිධානය කරන අතරම, එම තාක්ෂණයම භාවිතා කරමින්, මරණය කෙරෙහි නව ආකාරයේ බලයක් ස්ථාපිත කර මිනිස් සිරුරු සහ ජීවිත කෙරෙහි සම්පූර්ණ පාලනය අත්පත් කරගනිමින් රාජ්‍ය ස්වෛරීභාවය නැවත අර්ථ දක්වනු ලබයි.

නිගමනය වැළැක්විය නොහැකිය. ප්‍රාග්ධනයේ මෙම නව අවධියේ අවදානමට ලක්ව ඇත්තේ පුද්ගලයා සතු ශ්‍රම බලය පමණක් නොව පුද්ගලයාගේ සමීපතම අවකාශයන්හි පවා යටත් විජිතකරණය වී ඇති පුද්ගලයාගේ සමස්ථ ජීවිතයයි. මෙම සන්දර්භය තුළ, සැබෑ ආරවුල පවතින්නේ ඇල්ගොරිතම ග්‍රහණයෙන් දැනට සාක්ෂාත් කර ගෙන ඇති සහ ප්‍රත්‍යවේක්ෂණය සඳහා, වෙළඳ භාණ්ඩ නොවන ආශාව සඳහා සහ, සියල්ලටත් වඩා, උපාශ්‍රිත පන්තිවල සාමූහික සංවිධානය සඳහා භාවිතා කළ හැකි කාලය තුළ පවතින කාලය පිළිබඳවය. සාත්‍රේ ප්‍රකාශ කළ පරිදි, "සටන්කරුවෙකුගේ ආයුධය ඔහුගේ මනුෂ්‍යත්වයයි" (Sartre Studies International Vol. 27, No. 1, 2021). අද වෙන කවරදාටත් වඩා, මෙම මනුෂ්‍යත්වය සතු කාලය නැවත අත්පත් කර ගැනීමේ සහ ආධිපත්‍යය ප්‍රතිනිෂ්පාදනය නොකරන නමුත් විමුක්තිදායක භාවිතයන් සක්‍රීය කරන තවත් අතථ්‍යතාවයක් ගොඩනැගීමේ හැකියාව තුළ අවදානමට ලක්ව ඇත. අපගේ හැඟීම් කළමනාකරණය කරන, අප වෙනුවෙන් තීරණ ගන්නා සහ අපගේ බැඳීම් ප්‍රතිස්ථාපනය කරන තාක්ෂණයන්ට මුහුණ දෙන විට, ප්‍රතිරෝධය යනු ප්‍රතික්ෂේප කිරීමකින් පමණක් සමන්විත විය නොහැකි ඒ වෙනුවට පොදු දේ සංකල්පනය කර සංවිධානය කළ හැකි ආත්මීයකරණ අවකාශයන් නිර්මාණය කිරීම කළ යුතුය. මක්නිසාද යත් මිනිසෙකු යනු "කුමක්ද" යන්න පැවසීම යනු ඔවුන්ට විය හැකි දේ පැවසීමකි. තවද සාමූහික හා නිර්මාණාත්මක විභවයක් වන එම බලය අපගේ අතට නැවත පැමිණිය යුතුය.

* පෝලා ගිමෙනෙස්  මහත්මිය මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් සහ "ජාතික ආරක්ෂාව සහ ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපායමාර්ගික අධ්‍යයනය" පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. ඇය  NODAL(Noticias de América Latina y el Caribe) හි අධ්‍යක්ෂවරියයි.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

පසුගිය ජූලි 25 වනදා, අපේ ඇමරිකානු ජනතාව සඳහා වූ බොලිවේරියානු සන්ධානය - ජනතා වෙළඳ ගිවිසුම (The Bolivarian Alliance for the Peoples of Our America–Peoples' Trade Treaty ALBA-TCP)  වෙනිසියුලාවේ කැරකාස්හිදී "සාමය සහ යුද්ධයට එරෙහි ජනතාවගේ සමුළුව”අවස්ථාවේදී පෝලා ගිමෙනෙස්  මහත්මිය කළ දේශනයේ ලිඛිත සටහන මගින් සැකසුණි.

El tiempo expropiado: tecnologías digitales y el nuevo rostro del capital Por Paula Giménez*

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවේචනවලට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක් – චීනය පිළිබඳ “බොරු නිර්මාණය කර ප්‍රචාරය කිරීම” නවත්වන ලෙස ඉල්ලයි.
යේමනයේ හූති ව්‍යාපාරය හෙවත් අන්සාර් අල්ලාහ් (Ansar Allah) සංවිධානය, සෞදි අරාබියේ ප්‍රධානතම ගුවන් තොටුපොළක් වන රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සෘජු හා නිවැරදි මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.
පළමු වරට පර්සියානු බොක්ක, හෝමුස් සමුද්‍ර සන්ධිය, ඕමාන් මුහුද හෝ උතුරු ඉන්දියානු සාගරය තුළ කිසිදු ඇමරිකානු නෞකාවක් නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.