News Category
From Date
To Date
Maximum Number of Result

සංස්කෘතියේ නායකයෙක්..

Jul 28, 2025 at 07:34 PM
|

(2025 ජුලි 27 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කර තිබෙන “චීන පෙරැළිය” ලිපි මාලාවේ 6 වැනි කොටස)

“චීන පොදු නිෂ්පාදන පක්‍ෂය යනු චීන වැඩ කරන පන්තියේ, චීන ජනතාවගේ සහ චීන ජාතියේ පෙරටුගාමියා වේ” කියලා ඒ පක්‍ෂයේ ව්‍යවස්ථාවේ ම සඳහන් කරලා තියෙනවා. පක්‍ෂය විසින් (1) චීනයේ උසස් නිෂ්පාදන බලවේගවල ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන අවශ්‍යතා සපුරාලන බවත්, (2) චීනයේ උසස් සංස්කෘතිය සඳහා දිශානතියක් ලබාදෙන බවත්, (3) චීනයේ අතිමහත් බහුතර ජනතාවගේ මූලික අභිලාසයන් නියෝජනය කරන බවත් ඒ තුළින් තවදුරටත් අවධාරණය කරලා තියෙනවා. ඉතින් චීනයේ ඉතාමත් දීර්ඝ වූ ඉතිහාසය ගැනත් පොහොසත් සංස්කෘතිය ගැනත් මහත් අභිමානයකින් චීන නායකයෝ නිතර නිතර කතාකිරීම පුදුමයට කාරණයක් නෙවෙයි.

චීනයේ දීර්ඝ ඉතිහාසය සහ පොහොසත් සංස්කෘතිය පිළිබඳව අභිමානයෙන් කතා කරන නායකයෝ අතර මාඕ ත්ස-තුං ඉස්සරහින් ම හිටියා. ලිපි සහ නිබන්ධනවලින්, දේශනවලින් සහ කවි නිර්මාණවලින් මාඕ ත්ස-තුං මේ අභිමානය හොඳින් ම ප්‍රකාශ කරලා තියෙනවා. ඔහුගෙන් පස්සේ චීනයේ පාලනය භාරගත්ත හැම නායකයෙක් ම ඒ පාරේ ගිහිල්ලා තියෙනවා. වර්තමාන චීන ජනාධිපති ශී චින්-පිං මහත්තයා කියන කරන දේවල්වලිනුත් මේ කාරණය නිරීක්‍ෂණය කරන්න පුළුවන්.

ශී චින්-පිං මහත්තයා චීනයේ ජනාධිපති ධුරය භාරගත්තේ 2013 මාර්තු මාසයේ. ඒ අවුරුද්දේ අගෝස්තු 19 වැනි දා පවත්වපු දේශනයක දී ඔහු මෙහෙම කියනවා.

“අපි නිතර ම චීන ලක්‍ෂණ ගැන කියනවා. ඒ අදහස ප්‍රවර්ධනය කරනවා. මෙහෙම කරද්දි අපි සළකා බලන්න ඕන කරුණු තියෙනවා. හැම රටකට ම, හැම ජාතියකට ම තමන්ගේ ඓතිහාසික සම්ප්‍රදායන් තියෙනවා. තමන්ගේ සංස්කෘතික උරුමයන් තියෙනවා. ඒ ඒ රටවල්වලට ආවේනික මූලික ජාතික සාධක තියෙනවා. ඉතින් ඒ රටවල්වලට උරුම ලක්‍ෂණ මත පදනම් වෙලයි ඒ අයගේ සංවර්ධන මාවත් හැදෙන්න ඕන. චීන ජාතියේ ගැඹුරුතම අධ්‍යාත්මික ගවේෂණයන්ගේ ප්‍රතිඵල චීන සංස්කෘතිය විසින් රැස් කරගෙන තියෙන බවත්, චීන ජාතියේ පැවැත්ම සහ සංවර්ධනය ඒ ප්‍රතිඵලවලින් පෝෂණය වෙන බවත් අපි ඉතාමත් පැහැදිළිව තේරුම්ගන්න ඕන. විශිෂ්ට සාම්ප්‍රදායික චීන සංස්කෘතිය චීන ජාතිය සතු ප්‍රකට ම සම්පත බවත් එය අපගේ ගැඹුරුතම සංස්කෘතික මෘදු බලය බවත් අපි පැහැදිළිව තේරුම්ගන්න ඕන.

චීන ලක්‍ෂණ සහිත සමාජවාදය මුල් බැසගන්නේ චීන සංස්කෘතියේ සාරවත් පසෙහි බවත්, එය විසින් චීන ජනතාවගේ අභිලාෂයන් පිළිබිඹු කරන බවත්, චීනයේ සංවර්ධන හා ප්‍රගතිගාමී අවශ්‍යතාවලට සහ කාලයේ වෙනස්කම්වලට අනුවර්තනය වන බවත් අපි පැහැදිළිව වටහාගන්න ඕන. චීන ලක්‍ෂණ සහිත සමාජවාදයට ගැඹුරු ඓතිහාසික මුල් වගේ ම පුළුල් ජාතික යථාර්ථය විසින් පිළිබිඹු කරන පදනමක් ඇති බවත් අපි පැහැදිළිව තේරුම්ගන්න ඕන.

චීන ජාතිය විසින් දිගුකල් පවත්නා සංස්කෘතියක් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා ම, කිසිම සැකයක් නැතුව චීන ජාතියට අභිනව සංස්කෘතික තේජසක් නිර්මාණය කිරීමේ හැකියාවකුත් තියෙනවා. අපේ අද්විතීය සංස්කෘතික සම්ප්‍රදාය, අද්විතීය ඓතිහාසික ඉරණම සහ අද්විතීය මූලික ජාතික තත්ත්වයන් විසින් අපේ ම ලක්‍ෂණවලට ගැළැපෙන සංවර්ධන මාවතක ගමන්කිරීමට අපිට නියම කරලා තියෙනවා.

අපේ සාම්ප්‍රදායික සංස්කෘතියේ වගේ ම විදේශීය සංස්කෘතික උරුමයන්ගේ බලපෑමත් අපිට තියෙනවා. අපි අපේ අතීතයෙන් වර්තමානයට සේවය ලබාගන්න ඕන. අපිට ගැළැපෙන විදේශීය උරුමයන්ගෙනුත් චීන ජාතියට සේවය ලබාගන්න ඕන. වැඩකට නැති දේවල් අයින් කරලා දාන්න අපිට පුළුවන්. වැඩක් ඇති දේ වැළඳගන්නත් අපිට පුළුවන්. හැබැයි අපි මේ ඉවත්කිරීම් සහ වැළඳගැනීම් කරන්න ඕන ඒ සම්බන්ධයෙන් කෙරෙන පුළුල් විද්‍යාත්මක අධ්‍යයනයක් තුළිනුයි.”

2013 අගෝස්තු මාසයේ ඉඳලා 2023 සැප්තැම්බර් මාසය දක්වා චීන ජනාධිපති ශී චින්-පිං විසින් සංස්කෘතිය සහ ඉතිහාසය සම්බන්ධයෙන් කරපු ප්‍රකාශ 22 ක් 2024 අගෝස්තු මාසයේ “සත්‍යය සෙවීම” සඟරාවේ පළ කරලා තියෙනවා. එයින් පස්සේ මේ දක්වා ගතවෙච්ච අවුරුද්දක කාලය තුළත් ශී චින්-පිං ජනාධිපතිතුමා නිතර නිතර ම මේ කාරණය ගැන කතා කරලා තියෙනවා.

විචාරයක් නැතුව බාහිර සංස්කෘතික භාවිතාවන් සේවනයකිරීමෙන් තමන්ගේ සංස්කෘතියට හානියක් වෙන්න පුළුවන් කියන කාරණයත් ශී චින්-පිං ජනාධිපතිතුමා අවධාරණය කරලා තියෙනවා. 2013 දෙසැම්බර් 12 වැනි දා පවත්වපු දේශනයක දී, ඔහු මේ අන්ධානුකරණය විවේචනය කළේ මෙහෙමයි.

“අපේ නගරවල බොහෝ ඓතිහාසික මතකයන් රැස්වෙලා තියෙනවා, විශේෂයෙන් ම, ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තියෙන සමහර පැරණි නගර ගැන හිතන්න. ඒවා අපිට උරුම ඉතාමත් වටිනා සංස්කෘතික සම්පත්. කලබලයට, එහෙමත් නැතිනම් අඥානකමට ඒවා විනාශ කරන්න ඉඩදෙන්න බෑ. සමහර නගරවල ව්‍යාජ ස්මාරක හැදීම වෙනුවෙන් අපිට උරුම සැබෑ පුරාවිද්‍යා ස්මාරක කඩලා දාලා. නගර 30 කට වැඩි ප්‍රමාණයක ඉදි කරන්න යන අලුත් ස්මාරක පිළිබඳ වාර්තාවක් මම කියෙව්වා. ඵන් චින්-ලියැන්ගේ මන්දිරය අලුත් විදිහකට හදන්න යනවා. ඡින් ෂි-හුවං අධිරාජ්‍යයා මියගිය හින්දා අතරමග වැඩ නැවැතිච්ච ආ-ඵං මාළිගාව අලුතින් හදන්න යනවා.

සමහර පරණ නම් වෙනස් කරලා ඒ වෙනුවට විදේශ නම් යොදන ලෙඩකුත් ඇතිවෙලා. එක තැනක් “මෑන්හැටන්” කියලා නම් කරලා. තව තැනක් “වැනීස්” කියලා නම් කරලා. තවත් තැනක් “කැලිෆෝනියා 1886” කියලා නම් කරලා. තවත් තැනකට ස්වීඩනයේ තියෙන “මාස්ත්‍රන්ද්” නගරයේ නම දාලා. මෙහෙම ආගන්තුක නම් මහ ගොඩක් පටලවලා. මේ නම් චීනයේ ඉතිහාසය සහ සංස්කෘතියත් එක්ක පෑහෙනවා ද? මෙහෙම වැඩ කළාම, අපේ ජනතාව ව්‍යාකූල සහ වික්‍ෂිප්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ ස්ථානවලට අදාළ ඉතිහාසයෙනුත් ඒවා ඈත් කරනවා. මේ කටයුතු අපේ ජාතික සංස්කෘතික උරුමයට හිතකර ඒවා නෙවෙයි.

ඊට අමතරව, අපි තවත් කාරණයක් තේරුම්ගන්න ඕන. මෙහෙම වැඩකිරීම නීති විරෝධියි. අපේ රටේ ස්ථාන නාම කළමනාකරණය පිළිබඳ රෙගුලාසිවලින් කියන්නේ මොකක්ද? ඒ සවිස්තරාත්මක නීති මාලාවේ ඉතාමත් පැහැදිළිව සඳහන් කරලා තියෙනවා අපේ රටේ ස්ථාන නාම විදේශීය ස්ථාන නම්වලින් හරි වෙනත් විදේශීය නම්වලින් හරි හඳුන්වන්න බෑ කියලා.

සංස්කෘතියක් උරුම කරගන්නවා කියන්නේ පහසු, සරල කාරණයක් නෙවෙයි. නාගරික ඉදිකිරීම්වලට නවීන අංග ඇතුළත්කිරීම දිගට ම කරගෙන යන්න ඕන. හැබැයි ඒ එක්කම, අපේ සාම්ප්‍රදායික විශිෂ්ට සංස්කෘතිය ආරක්‍ෂා කිරීමත් ප්‍රවර්ධනය කිරීමත් සිද්දවෙන්න ඕන. අදාළ නගරයේ ඓතිහාසික සංදර්භය දිගට ම පවතින්නත් ඕන.”

ඓතිහාසික වර්ධනයක් විදිහට සංස්කෘතිය ආරක්‍ෂා කරගන්න ඕන ආකාරය ශී චින්-පිං ජනාධිපතිතුමා නිතර ම අවධාරණය කරන බව මේ අදහස්වලින් පැහැදිළිවෙනවා. ඇත්තෙන්ම, එතුමා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන අදහස් ඇතුළත් කරලා විස්තරාත්මක මහ පොතක් වුනත් ලියන්න පුළුවන්. මෙහෙම පොඩි ලිපියකින් ඒ අදහස් ඔක්කොම ඉදරිපත් කරන්න අමාරුයි. කොහොම වුනත්, මේ ලිපිය අවසන් කරන්න කලින් ශී චින්-පිං ජනාධිපතිතුමා 2017 අප්‍රේල් 19 වැනි දා කරපු කතාවක් උපුටා දක්වන එක වටිනවා.

“චීන ජාතියට ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. චීන ශිෂ්ටාචාරයටත් ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. චීන සංස්කෘතිය ඉතාමත් පුළුල්. ඒ වගේ ම, ගැඹුරුයි. කෞතුකාගාරයක් කියන්නේ මේ සියල්ල කියලා දෙන විශ්වවිද්‍යාලයක්. කෞතුකාගාරයක් හදද්දි ඒකට අදාළ විශේෂ ලක්‍ෂණ සළකන්න ඕන. රටක සංවර්ධනයට මුහුදු මාර්ග ඉතාමත් වැදගත්. මුහුදු සේද මාවත සහ ඒ ආශ්‍රිත කාරණාවලට අදාළ ඉතිහාසය සහ සංස්කෘතිය තමයි මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන කෞතුක වස්තුවලින් කියන්නේ. අපි මේ කෞතුක වස්තුවලට කතා කරන්න ඉඩදෙමු. අපි ඉතිහාසයට කතා කරන්න ඉඩදෙමු. අපි සංස්කෘතියට කතා කරන්න ඉඩදෙමු.

සංස්කෘතික වස්තු ආරක්‍ෂා කරමින් සහ ඒවායේ භාවිතය ඉහළ නංවමින්, ඉතිහාසය පිළිබඳ පර්යේෂණ සහ උරුමය ප්‍රවර්ධනය කරමින් විශිෂ්ට වූ සාම්ප්‍රදායික චීන සංස්කෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම අපි අනිවාර්යයෙන් ම කළ යුතුයි. අපි අපේ සංස්කෘතික විශ්වාසය වර්ධනය කළ යුතුයි. විශිෂ්ට සාම්ප්‍රදායික චීන සංස්කෘතිය උරුම කරගැනීමේ පදනම මත දියුණු සමාජවාදී සංස්කෘතියක් වර්ධනය කරගත යුතුයි. සමාජවාදී සංස්කෘතික බලයක් ගොඩනැගීම වේගවත් කළ යුතුයි.”

(පින්තූරය: මැයි-චී-ෂන් ලෙන් විහාර නිරීක්‍ෂණය කරන ශී චින්-පිං ජනාධිපතිතුමා)

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.