News Category
From Date
To Date
Maximum Number of Result

ජූඩ් නිශාන්ත පියතුමා කතෝලික සභාවට එරෙහිවෙලා - ධුරයෙන් නෙරපන්නැයි වතිකානුවට පැමිණිල්ලක්..

Jul 26, 2025 at 07:09 AM
|

නව ජනතා පෙරමුණ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටිය සුමන ධම්ම නායක ස්වාමින් වහන්සේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා ,විදේශ කටයුතු නියෝජ්‍ය ලේකම් විදුර අල්ගම මහතා හා මුල්‍ය කටයුතු ලේකම් දිනුෂ්ක ගුණසේකර මහතා  ශුද්ධාසනයේ තනාපති කාර්යාලය සඳහා ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා විසින් සිදු කල වගකීම් විරහිත මරණ දඩුවම ලබා දීමේ ප්‍රකාශය සම්බන්ධව නිසි විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ලිපියක් බාර දෙන ලදී.

එහිදි අදහස් දැක් වු පූජ්‍ය වැල්ලම්පිටිය සුමන ධම්ම නායක ස්වාමින් වහන්සේ විසින් ප්‍රකාශ කර සිටියේ පසුගිය ජුලි මස 20 වන දින ලංකා කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා විසින් මරණ දඩුවම අරබයා කරන ලද ප්‍රකාශය හේතුකොට ගෙන සමස්ත කතෝලික ජනතාවම අප්‍රසාදයට ලක් වී ඇති බවය. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයේ වගකීම් විරහිත ප්‍රකාශය පාදක කරගෙන නිලන්ත ජයවර්ධන එල්ලා මැරිය යුතු බව ප්‍රකාශ කිරීම දැඩි සේ හෙලා දකින බවය.

සාමාන්‍යෙයන් අපි දන්නා පරිදි වතිකානුවේ හා ලෝක කතෝලික සභාවේ හා අතිඋතුම් පාප් වහන්සේ මරණ දඩුවම ප්‍රතික්ශේප  කරලා තියෙනවා. විශේෂයෙන්ම  බයිබලයට ,දස පනතට , කිතුනුදහමට දනුව මරණ දණ්ඩනය පටහැනියි. සාමයේ සංකේතය වු ජෙසුස් වහන්සේගේ දහම දේශනා කරන අයෙකු විදිහට එතුමාගේ දර්ශනය වනුයේ  මිතුරාට ද සතුරාටද ප්‍රේම කරන ලෙසය. ඒ අනුව මෙවැනි කරුණක් ප්‍රකාශ කරන්නේ ඔහු කෙසේද යන්න අපිට ගැටළුවක් පවතිනවා.

2017 ලංකා කතෝලික සභාව මරණ දණ්ඩනය නිල වශයෙන් ප්‍රතික්ශේප කර තියෙනවා. මෙම ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා ලංකා කතෝලික සභාවට හා ලෝක කතෝලික සභාවට පටහැනිව මෙම ප්‍රකාශය සිදු කරලා තියෙන්නේ. ලංකා කතෝලික සභාවේ නිවේදනයෙන් ප්‍රකාශ කර සිටියේ මිනිසාට ජීවිතය ලබා දෙන්නේ දෙවියන් වහන්සේ නිසා මිනාසාගේ මරණය තීරණය කිරීමට බාහිර පාර්ශවයටකට අවසරයක් නැති බවය.

එසේ තිබියදි ජූඩ් ක්‍රිශාන්ත පියතුමාගේ ක්‍රියා කලාපය නිසා සමස්ත කතෝලික ජනතාව දැඩි අප්‍රසාදයට පත් වෙලා තියෙන්නේ. අපි කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක් කලා  මේ පිලිබඳ විනය ක්‍රියා මාර්ග ගෙන ඔහු තනතුරෙන් නෙරපා හැරලා කතෝලික ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කරලා ඔහුගේ පූජකත්වය ඉවත් කරන්න  කියලා. අපි සතියක් යනතුරු මේ පිළිබද ක්‍රියා මාර්ගයක් ගනීද කියලා බලා සිටියා. කිසිදු ක්‍රියා මාර්ගයක් ඒ වෙනුවෙන් නොගත් නිසා අද දින පාප් තුමන්ට ඒ පිලිබඳව අප විසින් පැමිණිලි කරන්න යෙදුනේ.

මෙවැනි වෛරීය අදහස් පතුරවන වහසි බස් ප්‍රකාශ කරන ජූඩ් ක්‍රිශාන්ත පියතුමා  පිළිබඳව නිසි විනය ක්‍රියාමාර්ග ගෙන  ඔහු පුජක තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය වියනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ලංකාවේ කාදිනල් හිමාපාණන්ට නියෝග කරන ලෙස ඉල්ලා අද දින අති උතුම් පාප් වහන්සේට ලිපියක් බාර දීම සිදු කරන ලදී.

මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන පමණක් නෙමේ වැරදි. ඔහු අවස්ථා 330 ක දී බුද්ධි තොරතුරු ලබා දී තියෙනවා. මෙලෙස බුද්ධි තොරතුරු ලබා දුන් වෙනත් නිලදාරියෙක් නැ. මෙලෙස ලබා දුන් බුද්ධී තොරතුරු ඔස්සේ ගොස් පරීක්ෂණ කර අත්අඩංගුවට ගැනීම සිදු කල යුත්තේ එවකට සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක රවි සෙනවිරත්න විසින් සිදු කල යුතු කාරණාවක්.

මහජන පොලිස් ලේකම් රවි සේනවිරත්න මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතායි  යන දෙදෙනාම එවකට සිටියේ  රහස් පොලිසියේය (CID) . ප්‍රහාරය එල්ල වෙන්නේ කවදාද? කොහොදිද? ඒ සඳහා පැමිණෙන්නේ කොයි වගේ පිරිසක්ද? යනාදි නිවැරදි සියලු තොරතුරු ලබා දුන් නිලන්ත ජයවර්දනට මරණ දඩුවම දෙන්න ප්‍රකාශ කරද්දි ලබා දුන් තොරතුරු අධ්‍යයනය නොකල රවි සෙනවිරත්නට හා ශානි අබේසේකරට තනතුරු වරදාන වරප්‍රසාද ලබා දෙන්න තීරණය කරනවා. එය කොතරම් සහසිජනක කාරණාවක් ද?

එමනිසා පෝරකයට යවන තීරණය කල යුත්තේ උසාවිය මිස කතෝලික සභාව හෝ කතෝලික පල්ලිය නොවන බව ප්‍රකාශ කර සිටිනවා. අපිත් බලා සිටින්නේ සාධාරණ පරීක්ෂණයකින් උසාවියෙන් සාධාරණයක් ඉටු වේ කියා. වගකීම් විරහිත බාවය අනුව නිලන්ත ජයවර්ධනට දඩුවම් දී තිබෙන පරිදි රවි සෙනවිරත්නට හා ශානි අබේසේකර ඇතුළු එම කාල සීමාවේ සියලු නිළධාරින්ට ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.

සම්බන්ධිත පුවත් | Related News

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.
දේශපාලන පක්ෂ භේදයකින් තොරව ගොවි ජනතාව එක්ව පවත්වාගෙන යන ගොවි සංවිධානවල පරිපාලනයට දේශපාලන අධිකාරිය අතපොවන බවට චෝදනා කරමින්, බෙදුම්ඇල ගොවි සමිතියේ සභාපතිවරයා සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා අතර සිදුවූ ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.
සිවුරට දඬුවම් දෙනවාට තමන් පෞද්ගලිකව අකමැති බවත්, සුද්දාගේ කාලයේත් සිවුරට දඬුවම් දුන් බවත් ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කර සිටියදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිදුකළ කරුණු දැක්වීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.
"සිරිලිය සවිය" අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (13) නියෝග කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිදුවීම මුල් කරගනිමින් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් පටු දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ දරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.