ශ්‍රී ලංකාවේ ‘ආරක්ෂාව’ පහත වැටිලා – ගෝලීය ශ්‍රේණිගත කිරීම් හෙළිකරයි..
ශ්‍රී ලංකාව නවතම ගෝලීය ආරක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකකින් පහත වැටී තිබේ.
ඒ, ගෝලීය දත්ත රැස්කරන්නෙකු වන Numbeo විසින් නිකුත් කරන ලද 2025 මධ්‍ය වාර්ෂික වාර්තාවට අනුවය.
එම දර්ශකයේ ආරක්ෂිත දර්ශක ලකුණු 57.7 සමගින් ශ්‍රී ලංකාව මේවනවිට 61 වැනි ස්ථානයේ පසුවේ.
2024 වර්ෂයේදී ශ්‍රී ලංකාව පසුවූයේ එම වාර්තාවේ 59 වැනි ස්ථානයේ වන අතර ලබා ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 57.9 කි.
මෙම වාර්ෂික දර්ශකය අපරාධ මට්ටම් සහ ආරක්ෂාව පිළිබඳ නිර්ණායක මත පදනම්ව ආරක්ෂිත පරිසරයක් පෙන්නුම් කරන ඉහළ ලකුණු ලබාගත් රටවල් සමඟ ඇගයීමට ලක්කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2025 දර්ශකයේ ලකුණු 85.2ක් සමඟින් ඉහළින්ම සිටින අතර, සමීක්ෂණයට ලක්කළ රටවල් 148ක් අතරින් පළමු ස්ථානය ඔවුන් සතුවේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඩුම ගෝලීය අපරාධ අනුපාතිකය ද වාර්තා කර ඇති අතර එරටට හිමිව ඇති අපරාධ දර්ශක ලකුණු 14.8 ක් පමණි.
ලොව ආරක්ෂාව අතින් පහළින්ම පසුවන්නේ හයිටියයි.
ඒ අනුව හයිටියට එම දර්ශකයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලකුණු 19.0 හිමිව ඇති අතර ඉහළම අපරාධ දර්ශකය 81.0 වේ.
ඊට අමතරව පැපුවා නිව්ගිනියාව, වෙනිසියුලාව, ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව වැනි රටවල් ද ඉහළම අපරාධ මට්ටම් සහ අවම ආරක්ෂිත ලකුණු වාර්තා කර ඇති රටවල් අතරට අයත් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්