මාලිමාව දිනවූ කතෝලික බෙල්ට් එකේ කැකිරාවේ සුදස්සන හිමිගේ නමත්..
මාලිමාව දිනවිය යුත්තේ ඇයි යන මැයෙන් ලංකාවේ කතෝලික සංවිධාන ජනාධිපතිවරණයේදී මාලිමාව දිනවිම සඳහා පත්‍රිකාවක් ජනතාව අතර බෙදාහැර ඇති බවත්, එම පත්‍රිකාවේ කැකිරාවේ සුදස්සන හිමියන්ගේ නම ද ඇතුළත්ව තිබී ඇති බවත් තොරතුරු අනාවරණය කරමින් සමාජ මාධ්‍යයේ තොරතුරු සංසරණය වේ.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් කැකිරාවේ සුදස්සන හිමියෝ සිය සමාජ මාධ්‍ය ගිණිමේ පළකර ඇති සටහනකින් කියවෙන්නේ උන්වහන්සේ විශ්ව විද්‍යාලයේ දී ක්‍රිස්තියානි ධර්මය හැදෑරූ බවත්, එම අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසද සේවය කළ බවත් ය.
එසේම මාලිමාව දිනවීම සඳහා බෙදාහැරි එම පත්‍රිකාවේ තමන්ගේ නමද අන්තර්ගත වූ බව උන්වහන්සේ පිළිගෙන තිබේ.
එම සටහනෙන් උපුටාගත් කොටසක් පහළින් දක්වා තිබේ.
"මම විශ්ව විද්‍යාලයේ ක්‍රිස්තියානි ධර්මය ඉගන ගත්ත වගේම, මම ඒ අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස වැඩ කරා. ඒ ඩිපාට්මන්ට් එකේ එවකට අංශාධිපති වූ විජිත් රොහාන් මහතා මගේ ගුරුවරයෙක් එතුමා හරහ තමයි ඇත්තටම මම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධ වුණේ. ඒ සමාජවාදී තරුණ සංගමය හරහා, පසුව ජවිපෙ සංවිධාන රාශියක එකතුවක් ලෙස ජාතික ජන බලවේගය නිර්මාණය කරා එහි එක සංවිධානයක් තමයි ජනෝදානය කියන්නෙ. පසුගිය ජනාධිපතිවරණයේදී ලංකාවේ කතෝලික බෙල්ට් එකේ මාලිමාව දිනවිය යුත්තේ ඇයි කියල ජනෝදානයෙන් දේශපාලන කැම්පේන් එකක් කරා.ඒ සදහා පත්‍රිකාවක් කතෝලික ජනතාව අතර බෙදාහැරිය. ඒ පත්‍රිකාවට මගේ නමත් දැන්නම් ඒකෙන් වටිනාකමක් එනව කියල විජිත් සර් කිවුව. ඒ වන විට මම ලංකාවෙත් නෙවෙයි හිටියෙ.මම කිවුව ගැටලුවක් නෑ දාන්න කියල. මොකද දේශපාලන වෙනසක අවශ්‍යතාවද වෙනුවෙන් තමයි ඒ වෙද්දී මම පෙනී හිටියෙ. නැතුව කතෝලික ආගම ප්‍රවර්ධන කරන්න නෙවෙයි."


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)