බෝම්බ සමග අත්අඩංගුවට ගත් LTTE සැකකරුවන්ගේ KD KILLER KING’S නම් වට්ස්ඇප් ගෘප් එකක් ගැන තොරතුරු හෙළිවේ..
වව්නියාව, සෙට්ටිකුලම ප්‍රදේශයෙන් අත්බෝම්බ 86 ක් හා T56 උණ්ඩ 321 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද විමර්ශන ආරම්භ කර ඇතැයි, පොලිසිය පවසයි.
ඒ, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ගිණුම්වලට අවස්ථා රැසකදී වෙනත් පාර්ශ්වයකින් මුදල් ලැබී ඇති බව හෙළිවීමත් සමගය.
පෙරේදා (21) පස්වරුවේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පොලිසිය සිදුකළ සෝදිසියකදී ත්‍රිරෝද රථයක ගමන්කරමින් සිටි හිටපු LTTE සාමාජිකයකු T56 ගිනි අවියක් සහ උණ්ඩ 36 ක් සමග අත්අඩංගුවට ගෙන තිබිණි.
එම පුද්ගලයා මෝටර් රථයකින් කොම්පඤ්ඤ වීදියේ සිට කිරිබත්ගොඩට පැමිණ ඇති අතර ඔහු පැමිණි මෝටර් රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රිරෝද රථයකින් ගමන්කර තිබේ.
එම සැකකරු තුට්ටුවාකේ, නේරියකුලම පදිංචි කාලියාප්පෙරුමාල් රමේෂ් නැමැත්තෙකි.
අත්අඩංගුවට ගත් රමේෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණයවූ තොරතුරු මත මන්නාරම පාර නේරියලුකම ලිපිනයේ පදිංචි 22 හැවිරිදි ඇන්ටන් සුවේන්ද්‍රන් වික්‍රම් නොහොත් දේවා නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ පිහිටි නිවස හා අවට පරීක්ෂා කිරීමේදී, එහි වළදමා තිබූ ජීව අත්බෝම්බ 86 ක් සහ T56 උණ්ඩ 321 ක් පොලිසිය ඊයේ (22) සොයා ගත්තේ ය.
5.5 ජීව උණ්ඩ 03 ක්, ෆ්‍රේගැබ් නැමැති මත්ද්‍රව්‍ය කරල් 5,600ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 10 ක් ද පොලිසිය සොයාගත් භාණ්ඩ අතර වේ.
එම පුද්ගලයාගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී කාන්තාවක් විසින් ඔහුගේ බැංකු ගිණුමට වරින් වර මුදල් බැරකර ඇති ආකාරය නිරීක්ෂණය කර තිබේ.
පොලිසිය පැවසුවේ, ඒ අතර අප්‍රේල් මාසයේ වරින්වර රුපියල් 150,000ක්, 190,000ක් 150,000ක් සහ එකොලොස් ලක්ෂ අනූහත්දහසක් ද බැරකර ඇති බවයි.
අත්බෝම්බ සහිත බෑගයක් මීට මාස තුනකට පෙර තවත් පුද්ගලයකු විසින් ඔහුට ලබාදී ඇති බව, 22 හැවිරිදි ඇන්ටන් සුවේන්ද්‍රන් වික්‍රම් නොහොත් දේවා ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර තිබේ.
ඒ අනුව එම බෑගය ලබාදී ඇත්තේ නේරියකුලම ගාන්ධි නගර් හි පදිංචි පුද්ගලයෙකි.
ඔහු මුහුදු මාර්ගයෙන් විදෙස්ගත වීමට වැඩි ඉඩක් පැවතීම හේතුවෙන් විමර්ශන නිලධාරීන් මේ වනවිට ඔහු පිළිබඳව නාවික හමුදාව සහ ගුවන් තොටුපොළ දැනුවත් කර ඇත.
මෙම සිදුවීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු නේරියකුලම දුටුවායි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.
වව්නියාව සෙට්ටිකුලමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අධිකරණයෙන් වරෙන්තුකරුවකු ද වේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් භාරයේ තිබූ ජංගම දුරකතන විමර්ශන කටයුතු සඳහා ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ඨාසයට භාර දී ඇති අතර ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් KD KILLER KING’S යන නමින් වට්ස්ඇප් සමූහයක් පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරම්, පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ ජාවාරම් සිදුකරන බවට ද තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
සැකකරුවන් කිසියම් ත්‍රස්ත සංවිධානයකට සහාය දුන්නාදැයි විමර්ශන කණ්ඩායම් මේ වනවිට විමර්ශනය කරමින් සිටින අතර මත්ද්‍රව්‍ය ජාවාරමට ඇති සම්බන්ධය තහවුරු කර ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ද විමර්ශන ක්‍රියාවළියට සම්බන්ධ වී සිටී.
මේ අතර කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් සැකකරු පැමිණි බව කියන මෝටර් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනාද මේ වනවිට කොම්පඤ්ඥ වීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්