අත්බෝම්බ 86ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට..
කිරිබත්ගොඩ පොලිස් වසමේ අලුත්පාර ප්‍රදේශයේදී T56 ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී තොරතුරු රැසක් හෙළිවී තිබේ.
අදාළ සැකකරු ඊයේ (21) පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබුණේ T56 ගිනිඅවියක්, එම පතොරම් 30ක් සහිත පතොරම් ගැබක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 650ක්ද සමගිනි.
ඉහත සැකකරු මෙම ගිනිඅවිය වව්නියාව සිට කොළඹ ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවත් මෙම ගිනිඅවිය තවත් පාර්ශ්වයක් වෙත ලබාදී අපරාධයක් සිදු කිරීමෙන් අනතුරුව නැවත වව්නියාවට රැගෙන යාමට සැලසුම් කර ඇති බවට සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (22) ඉහත සැකකරු හා සමීප සම්බන්ධතා පවත්වන ලද තවත් සැකකරුවෙකු සෙට්ටිකුලම පොලිස් වසමේ නෙරියකුලම් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 22ක් වන නෙරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඉහත සැකකරුගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත සැකකරුගේ නිවසේ සහ ගෙවත්තේ සඟවා තිබූ විවිධ වර්ගවලට අයත් අත්බෝම්බ 86ක්, T56 ජීව පතොරම් 321ක්, පැති අවි පතොරම් 03ක් සහ මත් කරල් 5600 ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්