ආණ්ඩුවට මාස 10යි.. දුන් පොරොන්දු එකක්වත් ඉටු කරලා නෑ.. එකක් කළ බවට වෙරිටේ රිසර්ච් කියන්නේ බොරුවක් - උදය ගම්මන්පිල
‘ආණ්ඩුවට මාස 10යි. පොරොන්දු 1,329න් එකක්වත් ඉටු කරලා නෑ. එකක් කළ බවට වෙරිටේ රිසර්ච් කියන්නේ බොරුවක්’ යයි පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
“මේ ආණ්ඩුව පත් වුණේ අවුරුදු පහකට. ඒ කියන්නේ මාස 60කට. හරියටම අදට මේ ආණ්ඩුව පත් වෙලා මාස 10යි. ඒ කියන්නේ ආණ්ඩුවේ ආයු කාලයෙන් 1/6ක් අදින් ඉවරයි. එහෙම නම් මේ ආණ්ඩුව ලබා දුන්නු පොරොන්දු වලින් 1/6ක් මේ වන විට ඉටු කර තිබෙන්න ඕනි.
මේ ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ ලබා දුන්නු පොරොන්දු නම් ඔක්කෝම වගේ පච වෙලා තිබෙනවා. අපි මාලිමා පච 100ක් එකතු කරලා උදය ගම්මන්පිල යූ ටියුබ් නාලිකාවට එකතු කරලා තිබෙනවා. ඒවා ආවාට ගියාට කිව්ව ගොං කතා කියමුකෝ. නමුත් මැතිවරණ ප්‍රකාශනයක් එහෙම නෑ. විද්වතුන් වෘත්තීයවේදින් සහ දේශපාලකයින් එකතු වෙලා සකස් කරන වැදගත් ලේඛණයක්. වේදිකාවේ පච කිව්වත් මැතිවරණ ප්‍රකාශනයේ පච තිබෙන්න බෑ. මේ නිසා පිවිතුරු හෙළ උරුමයේ පර්යේෂණ අංශය විසින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” කියන ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ පොරොන්දු ගැන හොයලා බැලුවා.
මේ මැතිවරණ ප්‍රකාශනයේ “පරිසමාප්ත ජීවිතයක් – සුවපහසු රටක්” කියන පරිච්ඡේදයේ පොරොන්දු 331ක් තිබෙනවා. “ගෞරවනීය ජීවිතයක් – සුරක්ෂිත රටක්” කියන පරිච්ඡේදයේ පොරොන්දු 181ක් තිබෙනවා. “නවීන ජීවිතයක් – පොහොසත් රටක්” කියන පරිච්ඡේදයේ පොරොන්දු 604ක් තිබෙනවා. “අභිමානවත් ජීවිතයක් – නොසැලෙන රටක්” කියන පරිච්ඡේදයේ පොරොන්දු 213ක් තිබෙනවා. මේ සියල්ල එකතු කලාම මාලිමා ආණ්ඩුව ජනතාවට පොරොන්දු 1,329ක් ලබා දීලා තිබෙනවා. අදට ආණ්ඩුවේ ආයු කාලයෙන් 1/6ක් අවසන් නිසා අද වන විට මේකෙන් අඩුම ගණනේ 1/6ක් ඒ කියන්නේ පොරොන්දු 221ක් ඉටු කරලා තිබෙන්න ඕනි. නමුත් ඇත්තටම ඉටු කරලා තිබෙන්නේ කීයද? අපට නම් ඉටු කළ පොරොන්දු එකක්වත් හමු වුණේ නෑ. මොනවා හරි ඉටු කලා නම් අනේ අපට කියන්න. එතකොට අපි ඒක පිලි ගන්නම්.
වෙරිටේ රිසර්ච් කියන රාජ්‍ය නොවන සංවිධානයක් කියලා තිබුණා පුද්ගල ආදායම් බදු වල නිදහස් සීමාව ඉහළ දැමීමේ යෝජනාව විතරක් ඉටු කලා කියලා. නමුත් ඒක බොරුවක්. මාලිමාව පොරොන්දු වුණේ පුද්ගල ආදායම් නිදහස් සීමාව ලක්ෂ 12 සිට ලක්ෂ 24 දක්වා ඉහල නංවනවා කියලා. මැතිවරණ ප්‍රකාශනයේ 103 පිටුව බලන්න. ඒකේ තිබෙන්නේ එහෙමයි. “පුද්ගලයින් සඳහා වන වාර්ෂික නිදහස් බදු සීමාව රුපියල් ලක්ෂ 12 සිට රුපියල් ලක්ෂ 24 දක්වා වැඩි කිරීම සහ බදු කාණ්ඩ සහ බදු අනුපාත සාධාරණ ලෙස සංශෝධනය කිරීම”.
ඇත්තටම නිදහස් බදු සීමාව වැඩි කලේ ලක්ෂ 24ට නොවේ. ලක්ෂ 18ක් දක්වා විතරයි. ඉතින් කොහොමද ඒ පොරොන්දුව ඉටු කලා කියන්නේ. මුකුත්ම නොකරපු ආණ්ඩුවක් එක පොරොන්දුවක් හරි ඉටු කලානෙ කියලා ආණ්ඩුව බේරා ගන්න ගහපු ගැටයක් ඒක.
මේ ආණ්ඩුව බලයට ආවේ බදු අඩු කරලා ආදායම වැඩි කරලා බඩු මිල අඩු කරලා අපට පොහොසත් රටක් ලස්සන් ජීවිතයක් ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා. හැබැයි අඩු වෙලා තිබෙන්නේ බිත්තර මිල විතරයි. බිත්තර වලින් විදුලි පහන් පත්තු වෙන්නේ නෑ. බිත්තර වලින් වාහන දුවන්නේ නෑ. අසනීප වලට බෙහෙත් ගන්න ගියාම දොස්තර බිත්තර කන්න කියලා ලියන්නේ නෑ. අද මේවාට එරෙහිව උද්ඝෝෂණයක් වත් නැත්තේ එදා හිටියේ ඇවිදින ඇටසැකිලි නම් අද ඒ ඇටසැකිලි වලට ඇවිදින්නවත් බැරි තත්වයක් ඇති වෙලා තිබෙන නිසා. ඒ නිසා “පොහොසත් රටක් – ලස්සන් ජීවිතයක්” කියන ආණ්ඩුවේ තේමාව “පොහොසත් අයට – ලස්සන් ජීවිතයක්” ලෙස වෙනස් කරන්න අපි යෝජනා කරනවා”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්