නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දීම කතෝලික සභාවේ මතය නොවේ.. ජූඩ් ප්‍රනාන්දු පියතුමා කියලා තියෙන්නේ පුද්ගලික මතයයි..- අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක
පොලිස් සේවයෙන් නෙරපා හරින ලද නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට මරණ දණ්ඩනය නියම කළ යුතු බවට ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්යක්ෂ ගරු ජූඩ් ක්‍රිශාන්ත පියතුමා විසින් සිදු කරන ලද ප්‍රකාශය කතෝලික සභාවේ නිල ස්ථාවරය නොවන බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්යක්ෂ ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අද (ජූලි 21) ප්‍රකාශ කළේය.
සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, “ජූඩ් පියතුමා අපට දැනුම් දුන්නා ඔහු ඉරිදා ප්‍රකාශ කළේ ඔහුගේ පුද්ගලික මතය බව. පියතුමා ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ.” යනුවෙනි.
“ශ්‍රී ලංකාවේ කතෝලික සභාව සහ ගෝලීය කතෝලික සභාව මරණ දණ්ඩනය අනුමත කරන්නේ නැහැ” යනුවෙන් ද ඔහු අවධාරණය කළේය.
“නියෝජ්‍ය පොලිස්පති ජයවර්ධන මහතා 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ සහ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් පසුව පොලිස් කොමිසම විසින් සේවයෙන් පහ කර තිබෙනවා. ජනාධිපති කොමිසම විසින් සිදු කරන ලද සියලුම නිර්දේශ ක්‍රියාත්මක වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ මගින් තවත් තොරතුරු අනාවරණය වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යැයි ද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳව නව වාර්තාව සම්බන්ධයෙන් ආචාර්ය සරත් වීරසේකරගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත විවෘත ලිපියක්..
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන