News Category
From Date
To Date
Maximum Number of Result

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු පෙරවීම

Nov 27, 2023 at 07:55 AM
|

ශ්‍රි ලංකාවේ බෞද්ධ ඉතිහාසය තුල ඇඹූ සුවිශිෂ්ටතම ශෛලමය ප්‍රතිමාවට මෙසේ සිවුරු පොරවන්නට යෑම එම ශිල්පියාටත් ප්‍රතිමාවටත් කළ නිගරුවකි. කලා ශිල්පියා ප්‍රතිමාවට දිය යුතු උපරිම වටිනාකම ලබාදී ඇති හෙයින් තවත් වෙනස්කම් කිරීම අවශ්‍ය නොවේ.  බෞද්ධ ඉතිහාසයත්, සාහිත්‍යයත්, කලාවත් වෙනස් කරමින් මුදල් සඳහාම ඉතිහාසයේ වටිනාකම් හෑල්ලු කරන චීවරධාරීන් සහ අමන බෞද්ධ පිරිසක් වර්තමානය වන විට බිහිව ඇත. 

සිදුවෙමින් පවතින මෙවැනි දේ ගැන ඇත්තේ අසීමිත කණගාටුවකි.

අවුකන බුද්ධ ප්‍රතිමාවේ ඉතිහාසය ගැන පොත් පත් ඇසුරින් සොයාගත් කරුණු අනුව කලකට පෙර මා විසින් ලියූ සටහනක් පහතින් දැක්වෙයි. 

ඉහළ නිල්වන් අහස විනිවිද

නැඟෙන ඔබගේ යෝධ බුදු බඳ

මගේ නෙත සිත මෝහනය කර

මගේ කුදු බව පසක්‌ කොට ඇත

ප්‍රංශ සම්භවයක් සහිත Richard Lesley Brohier නැතහොත් ආර්. එල්. බ්‍රොaහියර් මහතා 1892 ඔක්තෝබර් 5 වන දින කොළඹදී උපත ලැබීය. ඔහු ද්විතීයික අධ්‍යාපනයෙන් පසු කොළඹ කාර්මික විද්‍යාලයෙන් මිනින්දෝරු පාඨමාලාවක් හදාරා 1910 දී මිනින්දෝරු සේවයට එක්‌විය. ශ්‍රී ලංකාවේ පළමු මිනින්දෝරුවා ලෙස සැලකෙන්නේත් එතුමාය.

රාජකාරි කටයුතු වලට අමතරව ඔහුගේ දින චර්යාවේ ප්‍රධාන අංගයක් වූයේ ලංකාවේ විවිධ ප්‍රදේශ වල සංචාරය කොට ගවේශණය කිරීමයි.

මේ අත්දැකීම් මත, ඔහු විසින් ග්‍රන්ථ රැසක් රචනා කළ අතර එම ග්‍රන්ථ පසුකාලීනව අභය හේවාවසම් මහතා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කළේය.

ඔහුගේ සංචාරයන් අතර තුර, ඔහු කළ ඉතාමත්ම වටිනා සොයාගැනීමක් වූයේ, වන ගතව, ජනශූන්‍ය ප්‍රදේශයක තිබූ අවුකන ශෛලමය බුද්ධ ප්‍රතිමාව සොයා ගැනීමයි.

මිනින්දෝරු කටයුත්තක් සඳහා උස් කඳු ගැටයක් සොයා ගැනීමට බ්‍රොaහියර්ට අවශ්‍ය විය. ඔහු ඒ සඳහා ගම්වැසියන් ද සමඟින් කැලය කපමින් ඉදිරියට යන්නට විය. කලා වැවේ සිට සැතපුම් එකහමාරක් පමණ ගිය තැන ඔහුට දැක ගැනීමට හැකිවූයේ කලාකරුවකු විසින් මේ කුඩා දිවයින තුල බිහිකල තවත් විස්මය දනවන නිර්මාණයකි.

එය ගස් වැල් වලින් වැසීගිය තරණය කළ හැකි ගල් පර්වතයක් ලෙස මුලින් සිතුනත්, එය එසේ නොවන බව ඒ දෙස බලාසිටි බ්‍රොaහියර්ට වැටහුනි. එය හුදෙක්ම ගලක් නොව, ලොව බිහිවූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයෙකු වූ බුදුන්වහන්සේගේ අසම සම කරුණාව, දයාව මුසු අධ්‍යාත්මය පිළිබිඹු වන අති සුන්දර කලා නිර්මාණයක් බව බෞද්ධයෙකු නොවූ ඔහු තේරුම් ගත්තේය. ප්‍රතිමාව දැකීමෙන් ඔහු තුල තිබූ ස්වයං අභිමානය පහව ගොස් විසල් ප්‍රතිමාව ඉදිරියේ තමා කුරුමිට්ටෙකු ලෙස ඔහුට හැඟුනි. ඒ බව ඔහුගේ "Seeing Ceylon" (බ්‍රොaහියර් දුටු ලංකාව) නම් කෘතියෙහි සඳහන් කර තිබේ.

අවුකන බුදුපිළිමය නැවත සොයා ගැනීමෙන් පසු එය වන්දනාමාන කිරීම සඳහා විවිධ පිරිස් පැමිණෙන්නට විය.

අවුකන බුද්ධ ප්‍රතිමාව ගැන පසුව සිදුකළ පුරාවිද්‍යා සමීක්ෂණ වලින් විවිධ කරුණු රැසක් සොයා ගැනුනි. මහාචාර්ය පරණවිතාන සූරීන්ට අනුව මේ බුදුපිළිමය පස්වන සියවසේ අග භාගයේ, ධාතුසේන රජ සමයේ ඉදිවන්නට ඇතැයි සැළකේ. මෙය කලාවැව ආසන්නයේ පිහිටීමත්, මහා වංශය වැනි ග්‍රන්ථ වල ඇති තොරතුරු අනුවත් මේ නිගමනයට ආවා විය හැකියි. නමුත් මේ අවට ඇති අතිපෞරාණික ලෙන්විහාර වල ඇති බ්‍රාහ්මී අක්ෂර වලට අනුව, භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා වැඩසිටි විහාර සංකීර්ණයක් පළවන හෝ දෙවන සියවස් වල මෙහි තිබෙන්නට ඇතැයි සැලකේ.

'අව්කන' නැතහොත් 'අවුකන' නම බුදුපිළිමය නැවත සොයාගත් කාලයේ යොදන්නට ඇති බව විශ්වාස කෙරේ. මහා වංශයේ සඳහන් වන කාලවාපී විහාරය නැතහොත් කලාගුලු විහාරය මෙය බව සැලකේ. මහා වංශයෙහි බුද්ධ ප්‍රතිමාව සඳහන් වන්නේ 'කාලසේල සත්ථු පඨිමා' ලෙසයි. 

පර්වත කොනක තිබූ නිසා (පබ්බතකෝන) පව්කොන ලෙස ව්‍යවහාර වී පසුව අව්කන වූ බව, කුඩා වැවක් මේ අසල තිබූ නිසා, වැව්කොන ලෙස ව්‍යවහාර වී පසුව අව්කන වූ බව, පටිමාඝරය විනාශවී ගිය පසු අව්වෙන් පීඩාවට ලක් වු නිසා අව්කන වූ බව, මේ නම යෙදීමට හේතුවූ බව සැලකෙන ජනප්‍රවාදයන්ය.

අඩි 46 කුත් අඟල් 6ක් උස අවුකන පිළිමවහන්සේ බුදුන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පැහැදිළිව නිරූපනය වන අයුරින් නිමවා ඇති සුවිශේෂ නිර්මාණයකි. ඒනිසා මෙය විශ්මිත කලා නිර්මාණයක් ලෙස මෙන්ම, බුදුන් වහන්සේ ගැන මෙනෙහි කිරීමෙන් සිත සනසාගත හැකි නිර්මාණයක්ද ලෙසද වැදගත් කමක් උසුලයි. අවුකන පිළිම වහන්සේගේ සිරසට වැටෙන ජල බිඳු නාසය දිගේ ගලාගෙන පැමිණ, සිරි පතුල් දෙක අතර ඇති සළකුනක් මතට වැටෙන ලෙස ලම්භකව, සමබර සෘජු පිළිමයක් ලෙස නිර්මාණය කර ඇත. එමගින් ප්‍රතිමාවේ නිර්මාණකරුවාගේ විශ්මිත හැකියාව මොනවට පැහැදිළි වෙයි.

මේ ප්‍රතිමාව නිර්මාණය කළ කලා ශිල්පියා "බරණ" නැමති ගල් වඩුවෙකි. විහාරස්ථානය ආසන්නයේ ඇති ගල්වඩුවාගම නැමති ග්‍රාමය ඔහුට උපහාරයක් ලෙස ලබා දුන් නින්දගමක් ලෙස සැලකේ.

එය අවුකන ආශ්‍රිතව බිහිවූ ජන කවියකින්ද පැහැදිළි වේ.

'අවුකන විහාරෙට අසුවුණ පටුනු ගම

නින්දෙට දන්දෙන්ට සැදුනා නියම ගම

දෙන්නට දෙයක් ගැන සිතවූ රජු මෙහෙම

පඬුරක් ලෙසින් දුන්නා ගල්වඩුව ගම'

බ්‍රොaහියර් මහතා විසින් අවුකන පිළිමය සොයාගත් ආකාරයත්, අබෞද්ධ, වෙනත් සංස්කෘතියක හැදී වැඩුනු ඔහු අවුකන පිළිමයෙහි ඇති භෞතික හා ආධ්‍යාත්මික රූපකායට ආකර්ශණය වූ අයුරුත්, එවැන්නක් ඕනෑම කෙනෙකුට සිදුවිය හැකි බවත් පාදක කොට ගෙන විමලරත්න කුමාරගම, මහගම සේකර වැනි කවීහු පසුකාලීනව කාව්‍ය රචනා කරන ලදී.

'පරණ හුරු දිගු මඬල ඉක්‌මී

මගේ කුදු බව පෙනෙන්නේ නැත

අරණ වැසි දිවි වලස්‌ රාවෙන්

සිරුර සිත කිළි පොළන්නේ නැත

මරණයෙන් මිරිකා ගත්තත් හස

රිදුම දුක පළ කරන්නේ නැත

මරණ මිනිසුන් මැද ද හිමියනි

ඔබේ මදහස මැරෙන්නේ නැත'

මෙසේ ලියන ලද්දේ විමලරත්න කුමාරගම සූරීන් ය.

එම අවස්ථාව මහගමසේකර සූරීන්ගේ සක්වා ළිහිණි කාව්‍ය සංග්‍රහයේ දැක්වෙන්නේ මෙලෙසිනි.

"ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන

ඔබේ සිරි පා දොවන්නම්

හදේ මැළවෙන කැලෑ මල් ගෙන

ඔබේ සිරිපා පුදන්නම්


නො අදහා බුදු කෙනෙකු දෙවියකු

මානයෙන් වල්මත් ව සිටි මම

ගලක්‌ යෑයි ඔබ සිතා සිටියෙමි

තෙතක්‌ හෝ කිසි දයාවක්‌ නැති

ගලින් කළ ඔබ හදින් වෑහෙන

මහා කරුණා ගුණය නොපෙනිණි


අහිංසක හදවත්හි උපදින

මෙලෙක්‌ සංකල්පනා සිතුවිලි

ගලින් කළ ඔබහට ම මිස ලොව

ගලින් කළ අයට නෑඟෙයි


කෙළෙස්‌ මළ පිරි නුවර අතහැර

බවුන් වඩනට වනේ වැඩි ඔබ

සොයා ආවෙමි පොළෝ තලයේ

අනෙක්‌ පිහිටක්‌ නොමැති වූ විට


ඉහළ නිල්වන් අහස විනිවිද

නැඟෙන ඔබගේ යෝද බුදු බඳ

මගේ නෙත සිත මෝහනය කර

මගේ කුදු බව පසක්‌ කොට ඇත


ඔබේ පා මුල බැගෑපත් ලෙස

වැටී අයදිමි අහෝ සාමිනි

ජීවිතේ යම් පලක්‌ ඇත්නම්

කිමැයි ඒ මට කියා දුන මැන'

මේ කවි පන්තියේ තෝරාගත් කවි කිහිපයක් ආචාර්ය පන්ඩිත් අමරදේවයන් විසින් තනුවක් යොදා ගීතයක් ලෙස ගායනය කරන ලදී. 'ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්' ගීතය බිහිවූයේ ඒ අයුරිනි.

Janaka Boralessa

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.