බුද්ධාගම ආරක්ෂා කිරීම සඳහා පැවති බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ඉවත් කළා යැයි පැවසීම ඇතුළු රටේ බරපතළ ගැටලු කිහිපයක් විසඳීමට මැදිහත් වන්නැයි දයාසිරි මහනායක හිමියන්ගෙන් ඉල්ලයි
රටේ බෞද්ධාගම ආරක්ෂා කිරීම සඳහා මෙතෙක් පවත්වාගෙන ගිය බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ඉවත් කිරීම ඇතුළු රටේ බරපතළ ගැටලු කිහිපයක් විසඳීමට මැදිහත් වන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහනාහිමියන්ට සහ නියංගොඩ විජිතසිරි සහ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනු නාහිමිවරුන්ට ඊයේ (19) ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය.
ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හර විෂය කාණ්ඩයෙන් ඉවත් කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම සහ බස්නායක නිලමෙවරුන් හිතුවක්කාරී ලෙස පත් කිරීමද මේ ආණ්ඩුවට එල්ලවී ඇති බරපතළ චෝදනා බව ඔහු පෙන්වා දෙන්නේය.
බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ඉවත් කර ඇතැයි ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කර ඇති බවත් එසේ කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහමුලින්ම පටහැනි ක්‍රියාවක් බවත් ජයසේකර මහතා එම ලිපියේ සඳහන් කර ඇත
එසේම එය බෞද්ධාගමට එල්ල කළ මරු පහරක් බවද හෙතෙම සඳහන් කළේය
විහාර හා දේවාලගම් පනත බරපතළ ලෙස උල්ලංඝනය කරමින් පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් තමන්ගේ හෙන්චයියන් බස්නායක නිලමේ පුටුවල වාඩි කරවීමෙන් අද පෙරහර පවා කඩා වැටෙන තත්වයක් මතුව ඇතැයි එම ලිපියෙන් කරුණු පෙන්වාදී ඇති දයාසිරි ජයසේකර මහතා ආගම හා සංස්කෘතිය අමතක කර කටයුතු කිරීමෙන් ඉතිහාසය නොදත් ආගමට සංස්කෘතියට ගරු නොකරන ඔලමොට්ටල පිරිසක් බිහිවීම වැළැක්විය නොහැකි බවද ප්‍රකාශ කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්