ස්ටාලින් ගුරු විරෝධතා කැඳවීමට යයි..
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා නොකරන්නේ නම් දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කිරීමට සිදුවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කර ඇත.
ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ වත්මන් රජය ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වසර කිහිපයකට පෙර ආචාර්ය උපාලි සේදුරයන් විසින් නිර්දේශ කරන ලද එකක් බවත්, කිසිදු පාර්ශ්වයක අදහස් විමසීමකින් තොරව එය ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය පිළිගත නොහැකි බවත්ය.
මෙම ප්‍රතිසංස්කරණ ලබන වසරේදී 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද, ඒ සඳහා ගුරු පුහුණු වැඩසටහන් හෝ ජාතික අධ්‍යාපන ආයතනය දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවද ස්ටාලින් මහතා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් විභාග ගැටලු, ළමුන් ඇතුළත් කිරීමේ ප්‍රශ්න, විශ්වවිද්‍යාල ප්‍රවේශයේ තරගකාරීත්වය සහ කුසලතා සංවර්ධනය වැනි ප්‍රධාන ගැටලු පහකට විසඳුම් ලබාදිය යුතු බවයි. මීට පෙර කිසිදු රජයක් මෙම ගැටලුවලට විසඳුම් ලබාදී නොමැති බව පෙන්වා දුන් ස්ටාලින් මහතා, නව රජය යෝජිත ප්‍රතිසංස්කරණ මගින් මෙම ප්‍රශ්නවලට අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයිය යුතු බවද කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්