පෝට් සිටියේ සමාගම් හතරකට 2060 තෙක් බදු සහන දෙමින් ගැසට්ටුවක්..
ජනාධිපති අනුර කුමාර දිසානයක මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යවරයා ලෙස කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටියේ සමාගම් 4ක් සඳහා දේශීය ආදායම් පනත යටතේ වසර 35ක කාලයකට බදු සහන ලබාදී තිබේ.
ඒ සියළු ආදායම් , ලාභ සහ බෙදාදෙනු ලබන ලාභාංශ , රඳවා ගැනීමේ බදු සහ ආනයනික බදු සඳහා ය.
ඊට අමතරව එකතුකළ අගය මත බදු හෙවත් වැට් බදු වලින්, මුදල් පනතේ විධිවිධාන වලින්, සුරා බදු වලින්, රේගු බදු වලින්, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු හෙවත් පැල් බදු වලින්, අපනයන සංවර්ධන පනතෙන් , කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනතින් , හා විදේශ විනිමය පනතින් එම සමාගම් හතර නිදහස් කර ඇති අතර ඒ වසර 25 ක කාලයක් සඳහා ය.
Ceylon Real Estate Holdings ( Private ) Limited , Clothespin Management and Development ( Private ) Limited , IFC Colombo (Private ) Limited සහ ICC Port City ( Private ) Limited යන සමාගම් වලට ඒ ආකාරයට බදු සහන ලබාදී තිබේ.
එම බදු හා පනත් වල විධිවිධාන වලින් එම සමාගම් නිදහස් කිරීම 2025 ජූලි මස 14 දිනෙන් ආරම්භ වන අතර දේශීය ආදායම් පනතින් නිදහස් කිරීම 2060 ජූලි 13 දක්වා ක්රියාත්මක කෙරේ.
අනෙක් පනත් සම්බන්ධයෙන් වන නිදහස් කිරීම් 2050 ජූලි 13 දක්වා ක්රියාත්මකය.
මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ජූලි 14 දින සහිතව අංක 2445/2, අංක 2445/3, අංක 2445/4 සහ අංක 2445/5 යනුවෙන් නිකුත්කර ඇත.
- ලසන්ත රුහුණගේ
අනිද්දා
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්රම්ප්