News Category
From Date
To Date
Maximum Number of Result

හෙළ අටුවා කියන්නේ මොනවාද?.. හෙළයෝ පිළිතුර දැනගත යුතුම ප්‍රශ්නයක්..

Jul 17, 2025 at 12:13 PM
|

👉 මෙය සිංහල භාෂාව භාවිත කරන සියලුදෙනා පිළිතුර දැනගත යුතු වැදගත් ප්‍රශ්නයකි.  

 👉 හෙළ අටුවා යනු මුලින්ම අපේ සිංහල භාෂාවෙන් සම්පාදනය වූ පොත් ලෙස සැකෙවින් හැඳින්විය හැකිය. 

👉 හෙළ යනු සිංහල යන තේරුම ඇති යෙදුමක් වන අතර, අටුවා යනු  අර්ථ විවරණ යන තේරුම ඇති යෙදුමකි. 

👉 ඒ අනුව හෙළ අටුවා යනු මිහිදු හිමියන් පාලි භාෂාවෙන් ලංකාවට ගෙන ආ ධර්ම කාරණාවලට සිංහල බසින් සම්පාදනය වූ අර්ථ විවරණ හෙවත් අට්ඨ කතා ලෙස හැඳින්විය  හැකිය. 

👉 පොත් ලෙස හැඳින්වුවද ආරම්භයේදී මේවා ග්‍රන්ථාරූඪව නොපැවති අතර, පළමුව හෙළ අටුවා සම්පාදනය වූයේ කට පාඩමින් මතක තබා ගත හැකි සූත්‍ර එකතුවක් වශයෙනි. 

👉 පැරණි කාලයේ ලංකාවේ මෙන්ම ඉන්දියාවේද පැවති සම්ප්‍රදාය වූයේ කට පාඩමින් මතක තබා ගත හැකි ශ්ලෝක ආකාරයෙන් ග්‍රන්ථ සම්පාදනය කිරීමය.

👉 ඒ අනුව ආරම්භයේදී මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ හෙළ අටුවා මුලින්ම ලේඛන ගත වූයේ වළගම්බා රාජ්‍ය සමයේදීය. 

👉 මීළඟට හෙළ අටුවාවල වයස ගැන සලකා බලතොත් මුලින්ම මේ කෘති සම්පාදනය වනුයේ දේවානම්පිය තිස්ස රාජ්‍ය සමයේදී, එනම් ක්‍රි.පූ. 307 - 267 අතර කාලයේය. ඒ අනුව දැනට හෙළ අටුවාවල වයස අවුරුදු 2300ක් පමණ වේ. 

👉 මෙකල ශ්‍රී ලංකාවේ භාවිත වූ භාෂාව සිංහල, හෙළ, සීහළ, හෙළදිව් බස ආදී නම්වලින් හඳුන්වා ඇති අතර, පාලි බසින් ලක්දිවට ගෙන ආ ධර්ම කාරණා තේරුම් කරදීම සඳහා හෙළ බසින් හෙළ අටුවා සම්පාදනය වී තිබේ.  

👉 මෙයින් අපට පැහැදිලි වන තවත් වැදගත් කාරණයක් තිබේ. එනම් ක්‍රිස්තු පූර්ව තුන් වන සියවස වන විටත්, බුදු දහමේ එන ගැඹුරු ධර්ම කාරණා විස්තර කළ හැකි භාෂාවක් ලංකාවේ පැවති බවය. එය සිංහල භාෂාවේ දියුණු බව හා ප්‍රකාශන ශක්තිය පිළිබඳ වැදගත් සාධකයකි. 

👉 ලෝකයේ දැනට ශේෂව පවතින හත්දහසක් පමණ වන භාෂා අතර, මේ තරම් දීර්ඝ ඉතිහාසයක් ඇති භාෂා සියයක්වත් දක්නට නැති බව බොහෝදෙනා නොදනිති. 

👉 ඒ අනුව හෙළ අටුවා ලියැවුණු යුගය පමණක් සලකා බැලුවද අපේ භාෂාවේ වයස අවුරුදු 2300ක් පමණ වන අතර, අපේ භාෂාව පිළිබඳ ඊටත් වඩා පැරණි සාධක හමුවී තිබේ. 

👉 අනුරාධපුර සල්ගහවත්ත නම් ස්ථානයේ කැණීම්වලින් හමුවූ ක්‍රිස්තු පූර්ව හය වන සියවසට අයත් බ්‍රාහ්මීය අක්ෂර දැනට ලංකාවෙන් හමුවන පැරණිතම අක්ෂර සාධක වෙයි. 

👉 මේ අනුව ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී එනම් අදින් අවුරුදු 2300කට පමණ පෙර මුල්ම සිංහල ග්‍රන්ථ සම්පාදනය වී තිබුණද අද වන විට මේ හෙළ අටුවා මුළුමනින්ම පාහේ අභාවයට ගොස් තිබේ. 


👉 ඒ අනුව හෙළ අටුවා යනුවෙන් යමක් පැවති බව අද අපට දැනගත හැකිවී ඇත්තේ පසුකාලීනව ඒ පිළිබඳ ලියැවුණු වෙනත් පොත් තුළිනි. 

👉 කාලයේ බලපෑමට අමතරව හෙළ අටුවා අභාවයට යෑමට බලපෑ තව හේතුවක් වනුයේ පස් වන සියවසේ, එනම් ක්‍රිස්තු වර්ෂ 410 - 431 අතර කාලයේ, මහානාම රජ දවස දඹදිව සිට ලංකාවට පැමිණි, බුද්ධඝෝෂ නම් භික්ෂුවක් විසින් අපේ හෙළ අටුවා නැවතත් පාළි භාෂාවට පරිවර්තනය කිරීමය.  

👉 මේ කාලය වන විට ඉන්දියාවේ තිබූ බොහෝ ධර්ම ග්‍රන්ථ අභාවයට ගොස් තිබූ බැවින් උන්වහන්සේට අවශ්‍ය වූයේ ලංකාවේ ආරක්ෂා වී තිබූ ධර්ම ග්‍රන්ථ පාලි භාෂාවට පෙරලා වැඩි පිරිසකට වටහා ගත හැකි ආකාරයට සකස් කිරීම බව පැවසෙයි.  ඉන්පසුව මේ පොත්වලට වැඩි අවධානයක් ලැබීමද හෙළ අටුවා අභාවයට යාමට හේතුවක් ලෙස සැලකේ. 

👉 මීළඟට හෙළ අටුවා පිළිබඳ විස්තර හෙළි වන මූලාශ්‍ර මොනවාදැයි සලකා බලමු. එහිදී අපට ප්‍රධාන මූලාශ්‍ර තුනක් හමුවෙයි. ඒ සමන්තපාසාදිකාව, ධම්පිය අටුවා ගැටපදය, සාරාත්ථදීපනී යන කෘති තුනයි. 

මේ අතරන් සමන්තපාසාදිකාව යනු බුද්ධඝෝෂ හිමියන් විසින් විනය පිටකයට ලියූ අටුවාවකි. දම්පිය අටුවා ගැට පදය යනු දස වැනි සියවසේ දී රචනා වූ ධර්ම ග්‍රන්ථයකි. සාරාත්ථදීපනී යනු පොළොන්නරු යුගයේ ලියැවුණු කෘතියකි.  

👉 මේ අතුරෙන් අපට හෙළ අටුවා පිළිබඳ වැඩිම තොරතුරු අනාවරණය වන්නේ බුද්ධඝෝෂ හිමියන්  ලියූ කෘතිවලින් වන අතර, උන්වහන්සේ විසින් හෙළ අටුවා ලෙස ගත හැකි පොත් විසි අටක පමණ නම් විවිධ තැන්වල සටහන් කර තිබේ. 

👉 එහෙත් මේවා වෙන වෙනම පොත් විසි අටක් ලෙස ගත නොහැකි බවත්, ඒ ඇතැම් නාම එකම පොතට කියන පර්යාය පද බවත්, ඇතැම් නම් එකම පොතක අනු කොටස් බවත් විද්වත්හු පෙන්වා දෙති. ඒ අනුව එවැනි අවශේෂ නාම ඉවත් කළ විට බොහෝ විද්වතුන් විසින් අවිවාදයෙන් හෙළ අටුවා ලෙස පිළිගන්නා මූලික ග්‍රන්ථ තුනක් තිබේ. ඒවා නම් 

1. මහා අට්ඨකතා හෙවත් මූලට්ඨකතා (මහා අටුවාව)  

2. මහා පච්චරිය අට්ඨකතා හෙවත් මහා පසුරු අටුවාව  

3. කුරුන්දි අට්ඨකතාව හෙවත් කුරුන්දිවෙල්ලී අට්ඨකථා 

යන පොත් තුන වන අතර, මේවායින් සමස්ත ත්‍රිපිටකයේ පිටක තුනටම අර්ථ විවරණ සැපයුණු බව පැවසේ. 

👉 මේ අතරින් කුරුන්දි යන නාමය බෙහෙවින් ප්‍රකට එකක් වී ඇත්තේ කුරුන්දි විහාරය පිළිබඳ කාලයක් තිස්සේ රටේ කතාබහක් ඇතිවී තිබීම නිසාය. කුරුන්දි අට්ඨකතාව දේවානම්පිය තිස්ස රජ සමයේදී කුරුන්දි විහාරයේ රචනා වූවක් ලෙස සැලකේ. එය කුරුන්දි විහාරයේ ඓතිහාසික වැදගත්කමට අදාළ තීරණාත්මක සාධකයකි. 

👉 මීට අමතරව අනුරාධපුර යුගයේදී රචනා වූ ධම්පිය අටුවා ගැටපදයේ හෙළ අටුවාවල ඇතුළත්ව තිබූ පාඨ කිහිපයක්ම උපුටා දක්වා තිබේ. 

👉 මේ පාඨවල භාෂා ලක්ෂණ ඒ යුගයේ ලියැවුණු සෙල්ලිපිවල භාෂා ලක්ෂණ සමඟ මනාව ගැලපෙන අතර, විල්හෙල්ම් ගයිගර් විද්වතා මේ යුගය හඳුන්වා ඇත්තේ සිංහල ප්‍රාකෘත යුගය යනුවෙනි. 

👉 ඒ අනුව සිංහල ප්‍රාකෘත යුගයේ ලියවුණු සෙල්ලිපි සහ හෙළ අටුවා භාෂා ලක්ෂණ අතින් සමානකම් පෙන්වීමද හෙළ අටුවා ලියවුණේ ක්‍රිස්තු පූර්ව තුන් වන සියවස තුළ බව සනාථ කෙරෙන කරුණකි. 

👉 ඉතිහාස කාරණා දැන ගැනීමට අමතරව, සිංහල භාෂාවේ වැදගත්කම ගැන බොහෝදෙනා තුළ ඇති අඩු තක්සේරුව, හීනමානය වැනි රටක් වශයෙන් අප තුළ ඇති ආකල්පමය ගැටලු නිරාකරණය කරගැනීමටද අපට මේ දැනුම වැදගත් වෙයි. 

👉 භාෂාව යනු හුදු සන්නිවේදන මෙවලමකින් ඔබ්බට ගිය, ඕනෑම රටක ඉදිරි ගමන, අභිවෘද්ධිය සමඟ අනුලංඝනීය සම්බන්ධයක් සහිත මානව පැවැත්මේ අතිශය වැදගත් අංගයකි. 

👉 ජනප්‍රිය මාතෘකා නොවුණද අප මේ පිළිබඳ සංවාදයක් ගොඩනැඟිය යුත්තේ ඒ නිසාය. 

- ඉසුරු ප්‍රසංග


සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.