දුම්රිය මහ පුටුවට දුෂණ චෝදනා රැසක් එල්ල වූ අයෙක් පත් කරන්න හදනවා - ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක පෙරමුණෙන් චෝදනා..
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී තනතුරට දූෂණ හා අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇති ඉහළ නිලධාරියෙකු පත්කිරීමට කණ්ඩායමක් උත්සාහ කරන බව ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක පෙරමුණ චෝදනා කරයි.
එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනිත් ලංකාගේ මහතා ප්‍රකාශ කළේ, මෙම කණ්ඩායමට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් සහ දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සම්බන්ධ වී සිටින බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, දැනට දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරන ධම්මික ජයසුන්දර මහතා දෙපාර්තමේන්තුවේ දියුණුව වෙනුවෙන් විශාල කැපකිරීමක් කර ඇති අතර, එහි ප්‍රතිඵල දැනටමත් දැකගත හැකි බවයි. ජයසුන්දර මහතා නීතිවිරෝධී හා වංචනික ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් ඔහුව එම තනතුරෙන් ඉවත් කිරීමට විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවන බවද ලංකාගේ මහතා හෙළිදරව් කළේය.
මීට අමතරව, විදේශීය සංචාරකයින් සඳහා සංචාරක දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර ඇති අතර, මේ වන විට එම දුම්රිය සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, එමගින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් ඉහළ දැමීමට වත්මන් සාමාන්‍යාධිකාරීවරයා කටයුතු කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. වත්මන් සාමාන්‍යාධිකාරීවරයා පසුගිය ආණ්ඩුව සමයේද මෙම තනතුර දැරූ බවත්, දේශපාලන පළිගැනීමක් ලෙස ඔහුව ඉවත් කළ බවත්, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඔහු යළි එම තනතුරට පත්කළ බවත් ජනිත් ලංකාගේ මහතා සඳහන් කළේය.
සාමාන්‍යාධිකාරීවරයා සමඟ බොහෝ දුම්රිය වෘත්තීය සමිති සහ දුම්රිය සේවකයන් එක්ව සිටින බවද ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක පෙරමුණේ ලේකම්වරයා පැවසීය. දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙන ඊ-ටිකට්පත් ක්‍රමවේදය, සන්නිවේදන ව්‍යාපෘති සහ දුම්රිය ඉඩම් සම්බන්ධ ව්‍යාපෘති රැසක්ම කෝටි ගණනින් මුදල් උපයන ව්‍යාපාරික කටයුතු ලෙස මෙම කණ්ඩායම විසින් සිදුකරන බවත්, ඊට අදාළ සාක්ෂි සමඟ මේ පිළිබඳව නොබෝ දිනකින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් ජනිත් ලංකාගේ මහතා අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්