ඩිජිටල් හැඳුනුම්පත හරහා මෙරට සියලු දත්ත පිටරටකට යෑමේ අවදානමක්..
තොරතුරු තාක්ෂණ ආයතනය (ICTA) ඇතුළු ආයතන රටේ තිබියදී ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම විදෙස් රටකට ලබාදීමෙන් මෙරටේ සියලු දත්ත එම රටට ලබාගැනීමේ හැකියාවක් ඇති බව එම ක්ෂේත්‍රයේ නිරත විද්වත්හු පවසති.
විදෙස් රටක් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් අනුව ඉතිහාසයේ නොවුණු ආකාරයට එම රටේ පුවත්පත්වල සහ වෙබ් අඩවිවල පමණක් ශ්‍රී ලංකාවට ඩිජිටල් හැඳුනුම්පත සකසා දීම සඳහා එම රටේ සමාගම්වලට පමණක් ඉදිරිපත් වීමට හැකි ටෙන්ඩරය 2025 ජුනි 30 වැනිදා පළකර ඇතැයි ද ඔවුහු කියා සිටිති.
මෙහිදී සියලුම මෘදුකාංග සහ ඊට සම්බන්ධ සියලුම භාණ්ඩ සහ සේවාවන් එම රටේ සමාගම්වලින් ලබාගත යුතු බවත් වසරක් තුළ එම ක්‍රියාවලිය නිමා කළ යුතු බවත් මේ සඳහා ඔවුන්ට ශ්‍රී ලාංකික සමාගමක් සම්බන්ධ කරගත හැකි බවත් එහි සඳහන් වේ. එහෙත් කිසිදු හේතුවකින් ලාංකික සමාගමට මෙහි අයිතිවාසිකමක් නොමැති අතර ඔවුන්ට සියයට පනස් එකක (51%) අයිතියක් ලබාගත නොහැක. එම රටේ සමාගමට සියයට පනස් එකක (51%) හෝ ඊට වැඩි ප්‍රතිශතයක් තිබිය යුතු බව එහි සඳහන් වන බව ද මෙරට විද්වතුන් අවධාරණය කර සිටිති.
මෙහි ඉතාමත්ම බැරෑරුම් කාරණය වන්නේ මෙරට දත්ත කිසිදු ලෙසකින් එම රටට නොයන බව කිවූව ද යම් ලෙසකින් ශ්‍රී ලාංකික දත්ත එම රට වෙත යෑමේ අවදානම ඉහත කරුණු මත පවතින බව ඔවුහු පෙන්වා දෙති. එම විදේශීය රටට අවශ්‍ය නම් අනාගතයේදී මෙරට සියලු දත්ත මෙමගින් පහසුවෙන් ලබාගත හැකිවනු ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.
මෙවැනි මෘදුකාංගයක් විදෙස් රටකින් ලබාගැනීම නොකළ යුතු බවත් අවශ්‍ය නම් තොරතුරු තාක්ෂණ ආයතනය හෝ සුදුසු ආයතනයක් ටෙන්ඩර් කැඳවා පළපුරුදු ආයතනයක් රට තුළින්ම තෝරා ගැනීමෙන් රටේත් සමාජයේත් තොරතුරුවල රහස්‍ය භාවය මෙරට තුළම තබා ගැනීමට රජයේ ආයතනවලට හැකියාව ඇති බවද මෙරට විද්වත්හු පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්