News Category
From Date
To Date
Maximum Number of Result

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා - ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි..

Jul 13, 2025 at 09:40 PM
|

ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයට සාක්ෂිකරුවෝ බොහෝදෙනෙක් සිටිය හ. එහෙත්, ඒ ගෝර්ඩන් වයිස්, ෆ්‍රැන්සිස් හැරිසන්, චැනල් 4, දරුස්මාන් මණ්ඩලය, චාල්ස් පෙටි්‍ර යන අය නොවේ. ඔවුන් එහි සාක්ෂිකරුවන් නොවන්නේ, ඒ අය කිසි විටෙකත් යුද කලාපය තුළ නොසිටි හෙයිනි. තමන් සාක්ෂිකරුවන් යැයි ප්‍රවර්ධනය කර ගත් තවත් බොහෝ අයගේ සම්පූර්ණ ලැයිස්තුවක් තිබේ. ඔවුන් තම තමන් අතර හුවමාරු කර ගනිමින් සිටියේ, ඔවුන් කියා සිටින දෙයට කිසිදු සම්බන්ධයක් නැති වෙනස් න්‍යාය පත්‍රයකට ඉතා හොඳින් ගැලපෙන තමන් විසින් ම සකස් කර ගන්නා ලද තොරතුරු කිහිපයක් පමණි. ඔවුන්ගේ විශ්වාසනීයත්වය තවදුරටත් ප්‍රශ්නකාරී එකක් වෙන්නේ, ඔවුන්ගේ මූලාශ්‍ර නිසා ය. එනම්, ඔවුන් සියල්ලෝ ම එල්ටීටීඊ හිතවාදීන් වීම නිසා ය.

කෙසේ වෙතත්, ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය පුරා ම සාක්ෂිකරුවෙක් සිටියේ ය. ඔහු විදේශිකයෙකි. ඔහුගේ නම බී. මුරලි රෙඩ්ඩි ය. ‘ද හින්දු’ පුවත්පතේ ‘ෆ්‍රන්ට් ලයින්’ අන්තර්ජාල පුවත් සඟරාවේ සේවය කරන ඉන්දියානු මාධ්‍යවේදියකු වන ඔහුගේ Final Hours – An eyewitness account of the last 70 hours of Eelam War IV – (අවසන් පැය කිහිපය – IV වන ඊළාම් යුද්ධයේ අවසාන පැය 70 ඇසින් දුටු සාක්ෂිකරුගේ වාර්තාව) මගින් ඔහු තමා ම දුටු දෑ පිළිබඳව ඇසින් දුටු සැබෑ සාක්ෂියක් අපට ලබා දෙයි.

ජන සංහාරයක් පිළිබඳව ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ චෝදනා ගලා එමින් පවතින අතර, මෙම චෝදනා බොහොමයක් යුද්ධය අවසන් වීමටත් පෙර සිට ම කල්තියා සූදානම් කර තිබූ ඒවා ය. මේ සම්බන්ධ කිසිවකුගේ අවධානයෙන් ගැලවිය නොහැකි පුද්ගලයා වෙන්නේ, ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි ය. ඇත්ත වශයෙන්ම මේ සියලු දේවල් ගැඹුරින් නිරීක්ෂණය කළ එක ම විදේශීය මාධ්‍යවේදියා ඔහු ය. ශ්‍රී ලංකා හමුදාව එහි හමුදා මෙහෙයුම සිදු කළ ආකාරය මෙන් ම, එහි සිටි සිවිල් වැසියන්ගේ තත්ත්වය සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව දැනුවත්ව සිටි හොඳම සාක්ෂිකරු ලෙස සිටින්නේ ඔහු ය. මුරලි රෙඩ්ඩි විසින් එවන ලද කිසිදු උණුසුම් පුවතක් කිසි විටෙකත් ඉවත නොදමන ලද අතර, ඒවා අන්තර්ජාල ගත කිරීමේ දී කිසිවිටෙක තහනමකට ලක් නොවීය. සන්නද්ධ හමුදා හිතාමතා ම සිවිල් වැසියන්ගේ ආරක්ෂාව අවදානමට ලක් කරන බවට සියුම් ලෙස කළ ඇඟවුමක් හෝ කිසිදු වචනයක් හෝ ඒවායේ නොතිබිණි. එනිසා, මුරලි රෙඩ්ඩිගේ වාර්තා අතිශයින් වැදගත් ඒවා බවට පත්වේ. කිසිදා යුද කලාපය අසලකවත් නොසිටිය ද, චෝදනා එල්ල කිරීමේ දී එම කුරිරුකම් තමන් විසින්ම දුටුවාක් මෙන් නිරූපණය කරන අය දෙස බලන විට, මුරලි රෙඩ්ඩි නම් මේ සාක්ෂිකරුගේ වාර්තාව ඔවුන් පවසන දෑ සමග කිසිසේත් ම නොගැලපේ.

ඔවුන් එල්ල කරන එක් චෝදනාවක් වෙන්නේ, ‘විදේශීය මාධ්‍යවේදීන්ට යුද කලාපයට ඇතුළුවීමට අවසර ලබා නොදුන්නේය’ යන්න ය. එහෙත්, එම චෝදනාව අසත්‍යයක් බව මුරලි රෙඩ්ඩිගේ වාර්තාවෙන් ගම්‍ය වේ. මන්ද? මුරලි රෙඩ්ඩි යනු ‘ද හින්දු’ පුවත්පතේ ‘ෆ්‍රන්ට් ලයින්’ අන්තර්ජාල පුවත් සඟරාවේත්, සමස්ත ඉන්දීය ගුවන්විදුලියේත්, දූරදර්ශන් රූපවාහිනියේත් සේවය කරන මාධ්‍යවේදීන්ගේ කණ්ඩායමේ නෙනෙකි. එවකට යුද කලාපයට ප්‍රවිෂ්ඨ වීමට අවසර දී තිබූ එක ම විදේශීය මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ආයතන මේවා ය. තව ද, බි්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වන සේනාංකයට පවා ඉන්දියානු මාධ්‍යවේදීන් අනුයුක්ත කර සිට ඇත.

ඔවුන් නගන මීළඟ චෝදනාව වෙන්නේ ‘ශ්‍රී ලංකා රජය විසින් යුද කලාපයන් හි මාධ්‍ය ආවරණය සීමා කරන ලදැයි’ යන්න ය. මෙම චෝදනාව ද අසත්‍යක් බව සනාථ වී ඇත්තේ, යුද කලාපයේ මාධ්‍ය ආවරණය සඳහා කිසිදු කොන්දේසියක් නියම කර නොතිබූ බව ඉන්දියානු මාධ්‍යවේදීහු තහවුරු කරන හෙයිනි. ඒ මෙසේ ය.

‘අපට යුද කලාපයේ සිට මීටර් 400ක පමණ දුරක් දක්වා නිදහසේ සහ බාධාවකින් තොරව ගමන් කිරීමට අවසර දී තිබිණි. එහි දී හමුදාවත්, ඉතිරිව සිටි එල්ටීටීඊ නායකයන් හා ඔවුන්ගේ කාඩර්වරුන් අතරත් දරුණු සටන් ඇති වී ය. ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරීත්වය යටතේ 58 වන සේනාංක මූලස්ථානයේ මෙහෙයුම් කාමරයට එබී බැලීමට පවා අපට ඉඳහිට හැකි වී ය. එහි දී මිනිසුන් රහිත ගුවන්යානා මගින් ලබාගත් යුද කලාපයේ රූප අඟල් 24 සහ අඟල් 7 ප්‍රමාණවල කුඩා හා විශාල රූපවාහිනී තිරවල විකාශනය කරනු දක්නට ලැබිණි. ඊට අමතරව, භූමිය හමුදාවේ දැඩි පාලනය යටතට පත්වූ පසු, හමුදාව බොහෝ විට සංචාරයේ නිරතවූයේ, අවසාන සටන් කලාපයේ සිට මීටර් 300 සිට 400 දක්වා දුරකිනි.’

ගෝර්ඩන් වයිස්, ෆ්‍රැන්සිස් හැරිසන් හෝ චැනල් 4 වැනි කිසිදු පාර්ශ්වයකට කිසි විටෙක එවැනි ප්‍රවේශයක් නොතිබිණි. අවසානයේ ඔවුන් ලෝක කීර්තිය ලබා ගැනීම සඳහා සිදුකළේ, දෙකට දෙකක් එකතු කර එය හතළිස් දාහකින් වැඩිකර එය ඊට වැඩි සංඛ්‍යාවක් බවට පත් කිරීම යි.

‘වඩාත් ම වැදගත් දෙය නම්, අපට බාධාවකින් තොරව අන්තර්ජාලයට ප්‍රවේශ වන්නට තිබූ හැකියාව යි, එම හැකියාව යුරෝපයේ කොතැනක හෝ පිහිටා ඇති එල්ටීටීඊ හිතවාදී වෙබ් අඩවියක් ලෙස සැලකෙන ‘ටැමිල්නෙට්’ වෙබ් අඩවියට පවා බාධාවකින් තොරව හිමිවී ය. යුද කලාපයක පවත්නා සීමාවන් තුළ වුව ද, අන්තර්ජාලය භාවිත කරන කාලයේ දී එහි සම්බන්ධතාව සහ වේගය පිළිබඳ අනපේක්ෂිත ගැටලු ඇති නොවී ය. අපගේ මූලස්ථානයට ප්‍රවෘත්ති යැවීමට පෙර වෙබ් අඩවියේ ඇති වාර්තා කියවා නිවැරදි කර ගැනීමට තරම් ප්‍රමාණවත් කාලයක් තිබිණි. හමුදාව මේ සම්බන්ධයෙන් අපෙන් කිසිදු ප්‍රශ්නයක් නොඇසූ හ.’

ගල්ෆ් යුද සමයේ දී පවා සිදුවූයේ, ඊට හාත්පසින් ම වෙනස් දෙයකි. එහි දී මාධ්‍යවේදීන් සියලු ම දෙනා ඒකාබද්ධව සෑම අයිතමයක් ම ලිඛිත ආරක්ෂාව සඳහා සමාලෝචනය කළ යුතු වී ය. මෙයින් පෙනී යන්නේ යුද පෙරමුණේ සිටි මෙරට මාධ්‍යවේදීන්ට අන්තර්ජාල පහසුකම් ලබා දී තිබූ හෙයින්, සිවිල් වැසියන්ට සිදුවන හානි පිළිබඳ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඔවුන් ද දැනුවත්ව සිටි බවත්, එම චෝදනා සනාථ කිරීමට හෝ ඔවුන් ගැන විමසිල්ලෙන් සිටීමට සුදුසු ම ස්ථානයේ ඔවුන් සිටි බවත් ය.

මුරලි රෙඩ්ඩිගේ Last Hours (අවසන් පැය කිහිපය) වාර්තාවෙන් 2009 මැයි 16 වන දින පස්වරු 3 ට ආරම්භ වී 2009 මැයි 19 වන දින පස්වරු 12.30 ට අවසන් වන ඊළාම් යුද්ධයේ අවසාන පැය 70 තුළ කිසිදු වරදක් සිදුවී ඇති බවක් යන්තමින්වත් හැඟවෙන්නේ නැත. මුරලිට අනුව, එල්ටීටීඊය අත්පත් කරගත් කලාපයෙන් පලා ගිය දෙමළ සිවිල් වැසියන්ගේ අවසාන කණ්ඩායම 80,000 ක් පමණ ය.

මෙහි තවත් සිත්ගන්නාසුලු කරුණ නම්, මුරලි මෙම අවසාන කණ්ඩායම සමඟ කළ සාකච්ඡාවලින් පෙනී ගියේ, මැයි 10 වන දින වන විට තමන් ‘තීරණාත්මක පරාජය’ වෙත ළඟා වන බවත්, සිවිල් වැසියන් අල්ලාගෙන සිටීම කිසිදු අරමුණක් නැති වැඩක් බවත් එල්ටීටීඊය වටහාගෙන ඇති බව ය. කෙසේ වෙතත්, යුද්ධය අවසන් කරන්නේ කුමන ආකාරයකට ද යන්න පිළිබඳව එල්ටීටීඊයට පැහැදිලි අවබෝධයක් නොවූ බව මුරලි පෙන්වා දෙයි. සිවිල් වැසියන් රඳවා තබා ගැනීමටත්, ඔවුන් මිනිස් පලිහක් ලෙස භාවිත කිරීමට හෝ සිවිල් වැසියන් මරාගෙන ඔවුනට ද මැරෙන්නට හැකිව තිබිණි. එහෙත්, මැයි 11 වන විට එල්ටීටීඊය තීරණය කළේ මුරපොළවල් අතහැර දමා, ආරක්ෂක වළලු බිඳ දමා, ඔවුනට විනාශ කළ හැකි සියල්ල විනාශ කර දැමීමට ය.

‘අවසාන අදියරේ දී හමුදාව සිවිල් වැසියන්ට අවිචාරවත් ලෙස වෙඩි තැබූ බව’ ඔවුන් නගන තවත් චෝදනාවකි. මෙම චෝදනාව අසත්‍ය බවට වන සාක්ෂි ද මුරලිගේ වාර්තාවෙන් ඉදිරිපත් වී තිබේ. මුරලිට අනුව, මැයි 11 දින වන විට එල්ටීටීඊය මුරපොලවල් විනාශ කර, ආරක්ෂක වළලු කඩා දමන්නට තීරණය කර තිබිණි. සිවිල් වැසියන්ට එල්ටීටීඊ ග්‍රහණයෙන් ඉවත් වීමට ඔවුන් අවසර දීම ආරම්භ කළේ මැයි 12/13 දින සිට ය.

වැදගත්ම තොරතුරු ලැබෙන්නේ, ‘මැයි 15 වන දින රාත්‍රිය වන විට වර්ග කිලෝමීටර් 1.5 ක ප්‍රදේශයක කොටු වී සිටියේ සිවිල් වැසියන් නොවේ’ යනුවෙන් රෙඩ්ඩි පවසන විට ය. යුද කලාපය තුළ සිටි එක ම සංවිධානය වූ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සිය මානුෂීය මෙහෙයුම් අත්හිටුවන බවට තීරණය කර ඒ බව නිවේදනය කළේ එහි සිවිල් වැසියන් නොසිටි නිසා ය.

ඔවුන් මෙම නිවේදනය නිකුත් කරන ලද්දේ, සියලු ම සිවිල් වැසියන් යුද කලාපයෙන් ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගොස් ඇති බවත්, අවසන් සටනේ දී සටන් කිරීමට ඉතිරිව සිටියේ, හමුදාව සහ එල්ටීටීඊය පමණක් බවත් පැහැදිලි වූ බැවිනි. මෙයින් හෙළි වෙන්නේ මැයි 16 සිට මැයි 19 දක්වා යුද කලාපය තුළ කිසිදු සිවිල් වැසියකු නොසිටි බව ය. එසේ නම්, 40,000 ක් හෝ 125,000 ක් මිය යන්නට ඇත්තේ කෙසේ ද?

එල්ටීටීඊ පවුල්වල සාමාජිකයන් වූ අවසාන සිවිල් වැසියා දක්නට ලැබුණේ, මැයි 15/16 දිනවල නාවික හමුදාව විසින් මුහුදු කොටි නායක සුසෙයිගේ පවුලේ අය රඳවා තබා ගත් අවස්ථාවේ දී ය. මැයි 16 වන දින 50,000 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා පලා ගිය හ. මැයි 27 වන දින හමුදා කඳවුරක සිටිය දී ප්‍රභාකරන්ගේ දෙමව්පියන් ද සිවිල් වැසියන් සමඟ ගොස් ඇති බව සඳහන් කළ යුතු ය. රෙඩ්ඩි පවසන්නේ ප්‍රභාකරන්, ඔහුගේ පුත් චාල්ස් ඇන්තනි, පොට්ටු අම්මාන්, සුසෙයි සමඟ යුද කලාපය තුළ සිටින බව සුසෙයිගේ බිරිඳ තහවුරු කළ බව ය.

‘2,000 ත් 3,000 ත් අතර මළසිරුරු සංඛ්‍යාවක් සිවිල් වැසියන්ගෙන් පිරුණු ප්‍රදේශයක සෑම තැනක ම වැතිරී ඇති අතර සිවිල් වැසියන් සියල්ලෝ ම එම මළ සිරුරුවල දැඩි දුර්ගන්ධයෙන් පීඩා විඳිති’ යනුවෙන් ‘ටැමිල්නෙට්’ වෙබ් අඩවියේ වූ සඳහනක් රෙඩ්ඩි උපුටා දක්වයි. එයින් අදහස් වෙන්නේ මළසිරුරු 2000-3000 ක් යනු ‘සිවිල් වැසියන්’ නොව, ඒ එල්ටීටීඊ සාමාජිකයන්ගේ මළසිරුරු බව ය. එක්කෝ ඔවුන්ට ශ්‍රී ලංකා හමුදාව වෙඩි තබා ඇත, නැතහොත්, සමහර විට තුවාල ලබා අනෙක් අය සමඟ ගමන් කිරීමට නොහැකිව සිටි තමන්ගේ ම සාමාජිකයන්ට එල්ටීටීඊ සාමාජිකයන් ම වෙඩි තබා ඇත. එල්ටීටීඊ සාමාජිකයන් තමන්ගේ ම පිරිමි සහ කාන්තා සාමාජිකයන් බස් රථයකට දමා ගිනි තබා මරා දැමූ ආකාරය අපි දුටුවෙමු.

මැයි 16 වන දින ජෝර්දානයේ පැවති G-11 සමුළුවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ එල්ටීටීඊය පරාජය කළ බවත්, ඔහු ‘ත්‍රස්තවාදය පරාජය කළ ජාතියක නායකයකු ලෙස’ ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන බවත් ය. මෙම ඨ-11 සමුළුවේ දී ම ජනාධිපති රාජපක්ෂ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය (ICRC) වෙත දැනුම් දුන්නේ, ශ්‍රී ලංකා රජය එල්ටීටීඊයේ යටත් වීම කොන්දේසි විරහිතව පිළිගැනීමට සූදානම් බව ය. කෙසේ වෙතත්, එල්ටීටීඊය හමුදාවට යටත් වීමට සූදානම් නොවී ය.

G-11 සමුළුවේ දී ජනාධිපති රාජපක්ෂ තවදුරටත් මෙසේ පවසයි. “භූමියේ ගැටලුවේ සංකීර්ණත්වය පිළිබඳ අඩු අවබෝධයක්වත් නොමැතිව බාහිරව නියම කරන ලද විසඳුම් අසාර්ථක වීමට ඉඩ ඇති බව ඉතිහාසය අපට උගන්වා ඇත. එබැවින්, ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලුම ප්‍රජාවන්ට පිළිගත හැකි දේශීය විසඳුමක් සෙවීමට මගේ රජය දැඩි ලෙස කැපවී සිටී”

රෙඩ්ඩිට අනුව, දෙමළ සිවිල් වැසියන් නොමැති යුද කලාපය තුළ කොටු වී සිටි එල්ටීටීඊයේ අවසානය මේ අනුව ආරම්භ වූයේ, මැයි 16 වන දින වෙරළ තීරය පිරිසිදු කිරීමත් සමඟ ය. වෙරළ තීරය නිදහස් කර ශ්‍රී ලංකා හමුදාව යටතේ තිබීමෙන් හෙළි වෙන්නේ, ඒ වනවිට එල්ටීටීඊය රට අභ්‍යන්තරයට කොටු වී සිටි බව ය. මෙය මැයි 17 වන දින අලුයම 5 ට පමණ ඇති වූ දැඩි සටනකට තුඩු දුන්නේ ය. මුරලි රෙඩ්ඩි පවසන්නේ ‘කොටින් බලාපොරොත්තු රහිත සටනක් දියත් කළේ හරියට ම එල්ටීටීඊයේ ඉහළ නිලධාරීන් බේරා ගැනීමට නොවේ නම්, අවශ්‍යයෙන් ම කළයුතු නියෝගයක් ඉටුකිරීමට’ බව ය. රෙඩ්ඩි විසින් එය පැය 22 ක සටනක් ලෙස හඳුන්වන අතර, මැයි 18 වන දින වන විටත් හමුදා ප්‍රධානියාට ප්‍රභාකරන්ගේ මරණය තහවුරු කිරීමට නොහැකි වූ බව ඔහු පවසයි.

එල්ටීටීඊයේ ඉහළ නිලධාරීන්ගේ මළ සිරුරු හඳුනා ගැනීම සඳහා එම ස්ථානයට මුරලි රෙඩ්ඩි ද ගෙන ගොස් තිබේ. ප්‍රභාකරන්ගේ වැඩිමහල් පුත් චාල්ස් ඇන්තනි ඇතුළු 18 දෙනකුගේ මළසිරුරු ඒ අතර තිබී ඇත. තවත් සිත්ගන්නාසුලු කරුණක් වෙන්නේ, මෙම එල්ටීටීඊ නායකයන් ‘වෙඩි තැබීම්වලින් ලද තුවාලවලින් හෝ කාඩර්වරුන් විසින් පුපුරවා හැරගන්නා ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මිය ගොස් ඇති බව පෙනෙන්නට තිබුණි’ යනුවෙන් සහ ‘සමහරු සයනයිඩ් පවා ගිල දමා තිබුණි’ යනුවෙන් රෙඩ්ඩි පවසා තිබීම යි. මෙයින් පෙනී යන්නේ, ශ්‍රී ලංකා හමුදාව විසින් අල්ලා ගැනීමට හෝ වෙඩි තැබීමට පෙර එල්ටීටීඊ සංවිධානයට සියදිවි නසා ගැනීමේ වැඩි හැකියාවක් තිබූ බව ය.

එල්ටීටීඊ නායකයන් 18 දෙනා සමඟ තවත් මළ සිරුරු 250ක් ද සොයා ගන්නා ලදී. යුරෝපයේ සිටින ඔවුන්ගේ සම්බන්ධතා වෙත නඩේසන් සහ පුලිතේවන් විසින් මැයි 18 වන දින යවන ලද දුරකථන පණිවිඩයක ‘තුවාල ලැබූ සාමාජිකයන්, එල්ටීටීඊ සිවිල් නිලධාරීන් සහ සිවිල් වැසියන් 1000 ක් පමණ ආරක්ෂිත කලාපය තුළ රැඳී සිටින’ බව සඳහන් කර ඇත. කලාපය තුළ සිවිල් වැසියන් 40,000 ක් පමණ සිටින බවට කිසිදු සඳහනක් නොමැති වීම මෙම සංඛ්‍යාව ගොතන ලද බොරුවක් බවට වන තවත් සාක්ෂියකි.

මැයි 19 වන දින දහවල් වන විට භට පිරිස් ප්‍රභාකරන්ගේ සහ සුසෙයිගේ මළ සිරුරු සොයා ගත් නමුත්, ‘ටැමිල්නෙට්’ වෙබ් අඩවිය උපුටා දක්වමින් ‘කේ.පී’ කියා සිටියේ, ප්‍රභාකරන් ‘ජීවතුන් අතර බවත්, ඔහු හොඳින්’ සිටින බවත් ය. මැයි 17 වන දින නඩේසන් තමාටත්, පුලිතේවන්ටත් යටත්වීමට අවශ්‍ය හෙයින්, ඒ සඳහා අතරමැදියකු ඉල්ලා සිටි බව මැයි 24 වන දින අන්තර්ජාල සංස්කරණයේ මාරි කොල්වින් (ද සන්ඩේ ටයිම්ස්, ලන්ඩන්) ලියා ඇති බව රෙඩ්ඩි උපුටා දක්වයි. පැහැදිලිව ම එයින් හැඟවුණේ එල්ටීටීඊ නායකයන් ම එල්ටීටීඊ නායකත්වයෙන් බිඳී යමින් සිටි බවකි.

මේ අනුව, මුරලි රෙඩ්ඩිගේ Last Hours වාර්තාව 2009 මැයි 16 වන දින පස්වරු 3 සිට 2009 මැයි 19 වන දින දහවල් 12:30 දක්වා සිදුවීම් සංක්ෂිප්තව දක්වා ඇත්තේ මෙසේ ය.

මැයි 10 වන දින – එල්ටීටීඊය ඔවුන්ගේ ඉරණම තේරුම් ගනී.

මැයි 11 වන දින – එල්ටීටීඊය ඔවුන්ගේ දේපළ විනාශ කරයි.

මැයි 12/13 – එල්ටීටීඊය සිවිල් වැසියන්ට පිටව යාමට ඉඩ දෙයි.

මැයි 15 වන දින වැදගත් සිදුවීම්.

එල්ටීටීඊය කොටු කළ වර්ග කිලෝමීටර 1.5 ක භූමි ප්‍රමාණයක සිවිල් වැසියන් නැත.

සිවිල් වැසියන් නොමැති නිසා ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ (ICRC‍) මෙහෙයුම් අත්හිටුවයි.

මැයි 16 සිට 19 දක්වා සිවිල් වැසියන් නැත – සිවිල් වැසියන් 40,000 ත් 125,000 ත් අතර සංඛ්‍යාවක් සිටියේ කෙසේ ද?

මැයි 16 වන දින වැදගත් සිදුවීම්.

සිවිල් වැසියන් 50,000 ක් පලා ගියහ.

තම රජය කොන්දේසි විරහිතව යටත් වීමක් ලබා දෙන බව ජනාධිපති රාජපක්ෂ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව හරහා එල්ටීටීඊයට දැනුම් දෙන අතර, එය එල්ටීටීඊ සංවිධානය ප්‍රතික්ෂේප කරයි.

මැයි 17/18 – එල්ටීටීඊය සහ ශ්‍රී ලංකා හමුදාව අතර සටනක් ආරම්භ වෙයි.

මැයි 19 – ප්‍රභාකරන්ගේ මරණය නිවේදනය කරයි.

මුරලි රෙඩ්ඩි නම් සාක්ෂිකරුවා විසින් උණුසුම් පුවත් ලෙස යුද කලාපයෙන් ම ලබා දෙන ලද විස්තර වර්තමානයේ ශ්‍රී ලංකාවට එරෙහිව භාවිත කරන දෙයට වඩා වෙනස් තොරතුරු දැක්වීමක් පෙන්නුම් කරයි. එනිසා, වසර 30ක් පුරා එල්ටීටීඊ සංවිධානයට සමෘද්ධිමත් වීමට ඉඩ දීමෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් මිලියන 20කට හානි සිදුකළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත යුතුව ඇත.

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඇස්තමේන්තු කළේ යුද්ධයේ අවසාන අදියරේ දී සිවිල් වැසියන් 7000 ක් පමණ මිය ගිය බව ය. ඕස්ටේ්‍රලියාව බලා ගිය ගෝර්ඩන් වයිස් විසින් එම සංඛ්‍යාව 40,000 දක්වා ඉහළ නංවනු ලැබී ය. ඔහු තම පොත් එළිදැක්වීමේ උත්සවයක දී නැවත එම සංඛ්‍යාව 10,000 දක්වා වෙනස් කළ අතර, අංක වෙනස් කිරීමේ වගකීම මුද්‍රණකරුවන්ට පැවරීමෙන් ඊට තමන්ගේ සම්බන්ධයක් නැතැයි ප්‍රකාශ කළේ ය.

මෙම සංඛාලේඛන පිළිබඳ අනුමාන ඇස්තමේන්තු සපයන්නන් අතරට තවත් අය එකතු වෙති. එවැන්නකු වන චාල්ස් පෙටි්‍ර ඔහුගේ වාර්තාවේ පවසන්නේ එම සංඛ්‍යාව 70,000 ක් බව ය. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ දේශීය කණ්ඩායම විසින් උපුටා දක්වන ලද මියගිය සංඛ්‍යාව 7721 ක් වන අතර, එල්ටීටීඊ ප්‍රචාරක අංශය වන ‘ටැමිල්නෙට්’ වෙබ් අඩවිය වාර්තා කළේ මුළු මරණ සංඛ්‍යාව 7398 ක් ලෙස ය.

රජය විසින් උතුරු පළාතේ සිදු කරන ලද පුළුල් සමීක්ෂණයනින් හෙළිවූයේ, යුද්ධයේ අවසන් අදියරේ දී මියගිය සහ අතුරුදන් වූ සංඛ්‍යාව 7400 ක් ලෙස ය. මෙම 7400 දෙනා අතර සටනේ දී මියගිය එල්ටීටීඊ සටන්කාමීහු ද සිටිති. එයින් අතුරුදන් වූ සංඛ්‍යාව දැක්වෙන්නේ 2600 ක් ලෙස ය. අතුරුදන් වූ 2600 දෙනාගෙන් 1600 ක් ම එල්ටීටීඊය සමග සිටි අය වන අතර, හමුදා පාලනය යටතේ පවතින ප්‍රදේශවල අතුරුදන් වී ඇත්තේ 438 දෙනෙක් පමණි.

මේ සම්බන්ධයෙන් The American Association for the Advancement of Science (විද්‍යාවේ දියුණුව සඳහා වන ඇමෙරිකානු සංගමය) ට පවා වාර්තා කළ හැකිවූ භූමිදාන කළ මළසිරුරු සංඛ්‍යාව 960 ක් පමණක් වන හෙයින්, මළ සිරුරු 40,000 ඇත්තේ කොහේ ද? යන ස්වර්ණමය ප්‍රශ්නයට අපි නැවත පැමිණ සිටිමු.

අපට අසන්නට ඇත්තේ මෙම පුද්ගලයන් මළසිරුරු ගණන් කළේ කෙසේ ද යන්න සහ ඔවුන් එම සංඛ්‍යා ගණනය කිරීමට භාවිත කළ මිණුම් ලකුණ කුමක් ද යන්න පමණි. මිලියන 2.2 ක් වූ ශ්‍රී ලංකාවේ දෙමළ ජනගහනයෙන් මිලියන 1 ක් දෙමළ ජනතාව මේ වනවිට වාසය කරන්නේ විදේශයන් හි ය.

ඒ කෙසේ වුව ද, මළවුන්ට නම් තිබිය යුතු ය. – ඔවුන්ගේ නම් මොනවා ද? මළවුන්ට ඥාතීන් සිටිය යුතු ය – ඥාතීන් කොහේ ද? මේ ඥාතීන් 40,000ක ගෙන් කිසිවකු ඔවුන්ගේ නම් ඉදිරිපත් නොකළේ ඇයි? අද වන විට මෙම 40,000 හෝ 125,000 කවුරුන් දැයි අපි නොදනිමු.

රෙඩ්ඩි සම්බන්ධයෙන් ගත් කල, ඔහු ඉන්දියානු මාධ්‍යවේදියකු වන අතර, එල්ටීටීඊය හෝ ශ්‍රී ලංකා හමුදාව වෙනුවෙන් කතා කිරීමට ඔහුට කිසිදු අවශ්‍යතාවක් නොමැත. ‘අවසාන පැය කිහිපය’ පිළිබඳ ඔහුගේ වාර්තා ඔහු ඒවා දුටු ආකාරයට ම සකස් කර ඇත. ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනාවලට එරෙහිව සිදුකර ඇති ඔහුගේ මෙම තොරතුරු දැක්වීමෙන් අපට නිගමනය කළ හැක්කේ, මේ සම්බන්ධයෙන් යමකු බොරු කියන බව ය. කිසිදා සාක්ෂිකරුවන් නොවූ ඒ බොරුකාරයන් මළ සිරුරු 40,000 ක් දුටු බව පැවසුව ද, ඔවුන් කවුරුන් දැයි නොදන්නා බව ය, වසර ගණනාවකට පසුව ද, ඔවුන්ට තවමත් ඔවුන්ගේ නම් හෝ ඥාතීන් සොයාගත නොහැකිව සිටින බව ය.

එහෙයින්, නිෂ්ඵල චෝදනා එල්ල නොකර මළවුන්ගේ නිශ්චිත නම් දැන ගන්නා ලෙස මෙම චෝදනා නගන්නන්ගෙන් ඉල්ලා සිටීමට කාලය පැමිණ තිබේ.

(‘ද හින්දු’ පුවත්පතේ ‘ෆ්‍රන්ට්ලයින්’ අන්තර්ජාල පුවත් සඟරාවේ සේවය කරන ඉන්දියානු මාධ්‍යවේදියකු වන මුරලි රෙඩ්ඩිගේ Final Hours – An eyewitness account of the last 70 hours of Eelam War IV – (අවසන් පැය කිහිපය – IV වන ඊළාම් යුද්ධයේ අවසාන පැය 70 ඇසින් දුටු සාක්ෂිකරුගේ වාර්තාව) පදනම් කරගෙන ෂෙනාලි ඩී වඩුගේ නම් ලේඛිකාව අන්තර්ජාලයේ පළකර ඇති Sri Lanka’s War had Witnesses ( Indian Journalist B. Murali Reddy නම් ලිපිය ඇසුරිනි)

- පරිවර්තනය

අනුර බී. සෙනෙවිරත්න

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.