මුතුනගර් අක්කර 800ක් ඉන්දීය සුර්ය පැනල සවි කරන සමාගමකට..
“මුත්තුනගර් අක්කර 800ක භුමි ප්‍රදේශයක් ඉන්දියානු සුර්ය පැනල සවි කරන සමාගමකට ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනවා. එහි තිබෙන බරපතළ තත්ත්වය නම් මේ ඉඩම් මුඩු ඉඩම්වත්, අත්හැරලා දාපු ඉඩම්වත් නෙවෙයි. පසුගිය අවුරුදු පනහක කාලය තුළ වගා කළ ඉඩම්” යැයි ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා පැවසීය.
ත්‍රිකුණාමලය, මුත්තුනගර් ගොවිබිම් අක්කර 800ක් ඉන්දියානු සමාගමකට ලබාදීමට යෑම පිළිබඳ සොයා බැලීමට මුත්තුනගර් පැමිණි ජනතාව හමු වීමෙන් පසු සිදු කළ නිරීක්ෂණයන්ගෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතා ජාතික විධායක සහිත වසන්තමුදලිගේ මහතා එසේ කීය.
තවදුරටත් අදහස් දැක්වූ ජාතික විධායක සහික වසන්තමුදලිගේ මහතා,
”කුඹුරු අස්වද්දන්න කියලා ආණ්ඩුව කියනවා. කැඩුණු වැව් ටික හදන්න ආණ්ඩුව ආව කිව්වා. දැන් තියෙන වැව් ටිකත් මුත්තුනගර්වල කඩල දානවා. පුරන් කුඹුරු අස්වද්දන්න ආපු ආණ්ඩුව මෙන්න අස්වදන්න තිබුණු කිඹුරු ටික සමාගම්වලට දෙනවා. ආණ්ඩුවට මේක කරනවා නම් වෙනත් සාධාරණ විදිහකට කරන්න තිබුණා.
ගොවියෝ ටික බේරලා, ඉඩම් හිමියන් බේරලා ආණ්ඩුවට මේක කරන්න තිබුණා. ආණ්ඩුව කළේ බොරු පොරොන්දු දීලා ජනතාව අන්දලා ඡන්ද ටික කොල්ල කාලා. මෙන්න දැන් ගොවියන්ගේ පස්ස පැත්තට පයින් ගහලා දැන් මේ ඉඩම් ටිකෙන් පලයන් යන්න කියලා කියනවා.
ඡන්දෙට කලින් මේ ආණ්ඩුවේ නියෝජිතයින් ඇවිල්ල කිව්වේ මේ ඉඩම් ටික දෙන්නේ නැහැ. මැරුණොත් තමන්ගේ මරණය මතින් තමයි මේ ඉඩම් ටික ඉන්දියාවට ගන්න වෙන්නේ කියලා. එහෙම කියපු අය දැන් කිනවා ඇවිල්ලා මේ ඉඩම් ටික දෙන්න කියලා.
සූර්ය විදුලිය භාවිතයට ගන්න ඕනා. ඒකට ක්‍රම වේදයක් හදන්න ඕන. ගෙවල්වල තියෙන සූර්ය පැනල සවි කරන අයව දිරිමත් කරන්නෙ නැති ආණ්ඩුව ඉන්දියාවේ සුර්ය පැනල සමාගමකට මේ ඉඩම් දීම විහිළුවක්”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි