News Category
From Date
To Date
Maximum Number of Result

ජාතියේ ව්‍යවස්ථාව

Nov 26, 2023 at 07:16 AM
|

සිංහල මිනිස්සු එකතු කරන්න පුළුවන් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය කියන අරමුණ වටේ. සමාජ - ආර්ථික කටයුතුවලට වගේ ම යුද්ධයක්, ආක්‍රමණයක් ඇතිවෙච්ච වෙලාවටත් මිනිස්සු එකතු කරන්න වෙනවා. ඉතිහාසය පුරා ම අපි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය කියන අරමුණ වටේ අපේ මිනිස්සුන්ව එකතු කරලා තියෙනවා. අපේ මිනිස්සු ඒ අරමුණ වටේ එකතුවෙලා තියෙනවා.

මේ එකතු කිරීමට අවශ්‍ය මතවාදය මහාවිහාරය විසින් සපයලා තියෙනවා. ඒ මතවාදය සංග්‍රහ කරලා තියෙන්නේ මහාවංසය ඇතුළු මූල ග්‍රන්ථවල. මහාවංසය කියන්නේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අපේ මිනිස්සු කරපු කියපු දේවල් එකතු කරලා සංග්‍රහ කරපු ග්‍රන්ථයක්. ඇත්තෙන්ම මහාවංසය කියන්නේ සිංහල බෞද්ධ අපිට පූජනීය ග්‍රන්ථයක්. මහාවංසයේ මේ පූජනීය බව රැකගන්න තරමට තමයි අපේ මිනිස්සු එකතු කරන්න පුළුවන් වෙන්නේ. එහෙම කරනවා නම් විතරයි අපිට අපේ රට රැකගන්න පුළුවන් වෙන්නේ.

ජාතියේ හතුරෝ මේ කාරණය දන්නවා. ඉතින් ඒ හතුරෝ ඉවරයක් නැතුව මහාවංසයට පහරදෙනවා. මුලින් ම මේ වැඩේට යොදාගත්තේ NGOකාරයෝ. ඒත් ඒ සෙල්ලම සාර්ථක වුණේ නෑ. කොටි සංවිධානය ඉස්සරහට දාගෙන ක්‍රියාත්මක කරපු බටහිර අධිරාජ්‍යවාදී මෙහෙයුම පරාජයට පත් කරන්න අපිට පුළුවන් වුණා. ඒ වතාවෙත් අපේ මිනිස්සු එකතු කළේ මහාවිහාරය මුල් වෙලා මහාවංසය ඇතුළු මූල ග්‍රන්ථ ඔස්සේ ජනගත කරලා තියෙන මතවාදය විසින්.

2009 පරාජයෙන් පස්සේ අපේ හතුරෝ මුලින් ම කුළුගැන්නුවේ රාවණාවාදය. මේ ගැන හොඳ විස්තරයක් 'Ravanisation": The Revitalisation of Ravana among Sinhalese Buddhists in Post-War Sri Lanka කියන පොතේ තියෙනවා.

ඊ ළඟට මහා පරිමාණයෙන් ඉස්සරහට ගෙනාවේ යක්ඛවාදය. ඇත්තෙන්ම යක්ඛවාදය ප්‍රබන්ධ ක⁣ළේ මීට අවුරුදු සීයකට විතර කලින්. ඒක කුල සාධකය මුල් කරගෙන ගොතපු කතාවක්.

දඹදෙණිය යුගයේ අවසාන භාගයේ ඉඳලා ජයවර්ධනපුර යුගය දක්වා කාලය තුළ මේ රටේ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවලට සංක්‍රමණය වෙච්ච මිනිස්සුන්ගෙන් සැළැකිය යුතු පිරිසකට මුළුමනින්ම සිංහල වෙන්න අවශ්‍ය කාලය පෘතුගීසි ආක්‍රමණය හින්දා ලැබුණේ නෑ. ක්‍රම ක්‍රමයෙන් සිංහල බෞද්ධ බවට පත්වුනත් එහෙම අය අපේ දේවල් ගත්තේ ඔළුවෙන්. සම්පූර්ණයෙන් ම මේ සංස්කෘතියට කිඳා බැහැපු අපේ මිනිස්සු අදාළ මතවාද, වත් පිළිවෙත් වැළැඳගන්නේ ඇඟෙන්.

නිරිතදිගට සංක්‍රමණය වෙච්ච සමහර මිනිස්සු සිංහල බවට පත්වෙන අතර ම පෘතුගීසි, ලන්දේසි, සහ ඉංග්‍රීසි යටත්විජිත පාලන තුළ ලැබුණු අවස්ථා ප්‍රයෝජනයට ඇරැගෙන ධනයෙන්, අධ්‍යාපනයෙන්, සහ දේශපාලනයෙන් සමාජයේ "ඉහළට" ගියා. ඒත් සියම් නිකාය පිහිටුවීමෙන් පස්සේ පනවපු සීමා හින්දා මේ අයට ශාසනය තුළ බලවත් වෙන්න බැරිවුණා. (ඇත්තෙන්ම මේ සීමා වක්‍ර ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේ ජයවර්ධනපුර යුගයේ දී. තොටගමුවේ රාහුල හාමුදුරුවන්ට සංඝරාජ තනතුර ලැබුණේ නැත්තෙත් ඒ හින්දා. නිරිතදිග ප්‍රදේශවල 1425 දී විතර "සිංහල සංඝය" කියන කැරැල්ල ඇති කරන්නත් මේ තනතුර නොදීම හේතුවුණා). ඉතින් බුද්ධ ශාසනයේ ඉහළට යන්න බැරිවීම නිසා ඇතිවෙච්ච අසහනයක් නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල බලවත් වෙච්ච සමහර අය තුළ ඇතිවීම අපිට තේරුම්ගන්න පුළුවන්.

යක්ඛවාදය ඉපැදුණේ මේ අසහනයේ ප්‍රතිඵලයක් විදිහට. හැබැයි මෙතැන තව රස කතාවක් තියෙනවා. යක්ඛවාදය ප්‍රබන්ධ කරපු කුලයේ අය නෙවෙයි දැන් ඒක කර ගහගෙන යන්නේ. දැන් ඒක උස්සගෙන යන්නේ ඒ ප්‍රදේශවල ම බලවත් වෙච්ච වෙනත් කුලයක පිරිසක්.

මෙතැන අපිට ඉගෙනගන්න පුළුවන් හොඳ පාඩමකුත් තියෙනවා. යක්ඛවාදය ප්‍රබන්ධ කරපු කුලයේ අය විවිධ පෙරමුණුවලින් රටේ ඉස්සරහට ආවා. මහා යතිවරයන්වහන්සේලා පවා ඒ අය අතරින් බිහිවුණා. කිසිම කුලභේදයක්, උඩරට - පහතරට භේදයක් නැතුව උන්වහන්සේලා ජාතියේ බුහුමනට ලක්වෙලා තියෙනවා. ඒත් ථෙරවාදයට, මහාවිහාරයට, මහාවංසයට පහරදෙන අයට එහෙම ජාතික බුහුමන් ලැබෙන්නේ නෑ. ඉතින් එහෙම දේවල් කරලා කොච්චර ආඩපාලි කිව්වත් වැඩක් වෙන්නේ නෑ. ජාතික බුහුමන් ලැබෙන්නේ ථෙරවාදය, මහාවිහාර සම්ප්‍රදාය, සහ මහාවංසය කියන ත්‍රිවිධ රත්නයට ගරු කරන අයට විතරයි.

මේ තියෙන කුලභේද පුළුවන් ඉක්මනින් අතුගෑවිලා යන්න ඕන කියන එකයි මගේ ප්‍රාර්ථනය. එහෙම වෙනවා නම් මේ බොරු ප්‍රබන්ධත් අවසන් වෙයි. ඒ වගේ ම, හැම දෙනාට ම වෙනසක් නැතුව ජාතියේ පොදු අරමුණ වටේ එකතුවෙන්න පුළුවන් නම්, ඒ වෙනුවෙන් කැපවෙන්න පුළුවන් නම් ඒ මාර්ගයෙනුත් මේ භේද ඉක්මනින් ම තුරන්වෙලා යයි.

මහාවංසයට පහරදෙන තුන්වැනි පිරිස තමයි ජම්බුවාදියෝ. මේකට නම් එකතුවෙලා ඉන්නේ සුපිරි ම ගොන්නු සෙට් එකක්. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ සිංහල ඉගෙනගත්තේ නැති එවුන් දැන් සෙල්ලිපි පවා කියවනවා. උන් ලබාදෙන ආතල් එක රසවත් වුනත් මේකත් දිගටම කරගෙන යන්න ඉඩදෙන්න හොඳ නෑ.

මහාවංසය තමයි සිංහල ජාතියේ ව්‍යවස්ථාව. අපි ඒ පූජනීය ග්‍රන්ථය රැකගන්න ඕන. මේ නාඩගම්වලට ඉඩදීලා බලාගෙන හිටියොත් අපේ ජාතිය විසිරිලා යනවා. ආයෙත් රට අනතුරට පත්වෙච්ච වෙලාවක අපේ මිනිස්සු එකතු කරගන්න තියෙන මතවාදය අපිට අහිමිවෙනවා. ඉතින් තවත් පමාවෙන්න ඕන නෑ. අපි අපේ ජාතියේ ව්‍යවස්ථාව රැකගැනීම වෙනුවෙන් සටන් කරමු.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති -


සම්බන්ධිත පුවත් | Related News

දැනට වසර 51කට පමණ පෙර පටිගත කරන ලද දුර්ලභ වීඩියෝ දර්ශනයක් ඇසුරින්, ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් විසින් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳව කරන ලද විශේෂ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් Next page සමාජ මාධ්‍ය පිටුවේ පළකර තිබේ.
බටහිර රාජ්‍ය තම ආර්ථික, වෙළඳ, දේශපාලන අරමුණු උදෙසා , ආසියාවේ, අප්‍රිකාවේ අධ්‍යාපනය ස්වදේශිකයන් චින්තනයෙන් සහ ආර්ථික ජාතික විමුක්තියෙන් පාරාජිකාවන ලෙසත් , බටහිරයන් ආර්ථිකයෙන් වැඩෙන ලෙසත් අධ්‍යාපනය හසුරුවා ඇත.
2026 අගෝස්තු 07 වන දින, සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය මක්කමදී "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම" (Makkah Joint Defence Agreement) අත්සන් කරන ලදී. NATO හමුදා සන්ධානයේ ආකෘතියට සමානව සකස් කරන ලද මෙම ගිවිසුම මගින් අන්‍යෝන්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇත. එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ මෙම අත්සන් තැබූ පාර්ශව තුනෙන් ඕනෑම එකකට එල්ල වන සන්නද්ධ ප්‍රහාරයක්, පාර්ශවයන් තිදෙනාටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබන බවයි.
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
සෙවුතා (Ceuta) කියන්නේ ස්පාඤ්ඤයට අයිති ස්වායත්ත නගරයක්. භූමියක් විදිහට ගත්තාම මේ නගරය අයිතිවෙන්නේ අප්‍රිකානු මහද්වීපයට. ඒත් අප්‍රිකානු මහද්වීපයේ උතුරු ම කෙළවරේ තියෙන ස්පාඤ්ඤයට අයිති නගරයක් හින්දා දේශපාලනිකව යුරෝපයට අයිති ප්‍රදේශයක් විදිහට ඒක සළකනවා. මේ ස්වායත්ත නගරය යුරෝපා සංගමයේ විශේෂ බල ප්‍රදේශයක් (A special territory of members of the European Economic Area) විදිහටත් සම්බන්ධ කරගෙන තියෙනවා.
2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.
රාජ්‍ය ආදායම 27% කින් ඉහළ ගොස් ඇති බව පවසමින් ආණ්ඩුව අත්පොළසන් දෙද්දි මහ පොළොවේ ජීවත්වන ජනතාවට දැනෙන්නේ තව තවත් බදු තොණ්ඩුව හිර වෙනවා පමණි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.