
ජාතියේ ව්‍යවස්ථාව
සිංහල මිනිස්සු එකතු කරන්න පුළුවන් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය කියන අරමුණ වටේ. සමාජ - ආර්ථික කටයුතුවලට වගේ ම යුද්ධයක්, ආක්‍රමණයක් ඇතිවෙච්ච වෙලාවටත් මිනිස්සු එකතු කරන්න වෙනවා. ඉතිහාසය පුරා ම අපි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය කියන අරමුණ වටේ අපේ මිනිස්සුන්ව එකතු කරලා තියෙනවා. අපේ මිනිස්සු ඒ අරමුණ වටේ එකතුවෙලා තියෙනවා.
මේ එකතු කිරීමට අවශ්‍ය මතවාදය මහාවිහාරය විසින් සපයලා තියෙනවා. ඒ මතවාදය සංග්‍රහ කරලා තියෙන්නේ මහාවංසය ඇතුළු මූල ග්‍රන්ථවල. මහාවංසය කියන්නේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අපේ මිනිස්සු කරපු කියපු දේවල් එකතු කරලා සංග්‍රහ කරපු ග්‍රන්ථයක්. ඇත්තෙන්ම මහාවංසය කියන්නේ සිංහල බෞද්ධ අපිට පූජනීය ග්‍රන්ථයක්. මහාවංසයේ මේ පූජනීය බව රැකගන්න තරමට තමයි අපේ මිනිස්සු එකතු කරන්න පුළුවන් වෙන්නේ. එහෙම කරනවා නම් විතරයි අපිට අපේ රට රැකගන්න පුළුවන් වෙන්නේ.
ජාතියේ හතුරෝ මේ කාරණය දන්නවා. ඉතින් ඒ හතුරෝ ඉවරයක් නැතුව මහාවංසයට පහරදෙනවා. මුලින් ම මේ වැඩේට යොදාගත්තේ NGOකාරයෝ. ඒත් ඒ සෙල්ලම සාර්ථක වුණේ නෑ. කොටි සංවිධානය ඉස්සරහට දාගෙන ක්‍රියාත්මක කරපු බටහිර අධිරාජ්‍යවාදී මෙහෙයුම පරාජයට පත් කරන්න අපිට පුළුවන් වුණා. ඒ වතාවෙත් අපේ මිනිස්සු එකතු කළේ මහාවිහාරය මුල් වෙලා මහාවංසය ඇතුළු මූල ග්‍රන්ථ ඔස්සේ ජනගත කරලා තියෙන මතවාදය විසින්.
2009 පරාජයෙන් පස්සේ අපේ හතුරෝ මුලින් ම කුළුගැන්නුවේ රාවණාවාදය. මේ ගැන හොඳ විස්තරයක් 'Ravanisation": The Revitalisation of Ravana among Sinhalese Buddhists in Post-War Sri Lanka කියන පොතේ තියෙනවා.
ඊ ළඟට මහා පරිමාණයෙන් ඉස්සරහට ගෙනාවේ යක්ඛවාදය. ඇත්තෙන්ම යක්ඛවාදය ප්‍රබන්ධ කළේ මීට අවුරුදු සීයකට විතර කලින්. ඒක කුල සාධකය මුල් කරගෙන ගොතපු කතාවක්.
දඹදෙණිය යුගයේ අවසාන භාගයේ ඉඳලා ජයවර්ධනපුර යුගය දක්වා කාලය තුළ මේ රටේ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවලට සංක්‍රමණය වෙච්ච මිනිස්සුන්ගෙන් සැළැකිය යුතු පිරිසකට මුළුමනින්ම සිංහල වෙන්න අවශ්‍ය කාලය පෘතුගීසි ආක්‍රමණය හින්දා ලැබුණේ නෑ. ක්‍රම ක්‍රමයෙන් සිංහල බෞද්ධ බවට පත්වුනත් එහෙම අය අපේ දේවල් ගත්තේ ඔළුවෙන්. සම්පූර්ණයෙන් ම මේ සංස්කෘතියට කිඳා බැහැපු අපේ මිනිස්සු අදාළ මතවාද, වත් පිළිවෙත් වැළැඳගන්නේ ඇඟෙන්.
නිරිතදිගට සංක්‍රමණය වෙච්ච සමහර මිනිස්සු සිංහල බවට පත්වෙන අතර ම පෘතුගීසි, ලන්දේසි, සහ ඉංග්‍රීසි යටත්විජිත පාලන තුළ ලැබුණු අවස්ථා ප්‍රයෝජනයට ඇරැගෙන ධනයෙන්, අධ්‍යාපනයෙන්, සහ දේශපාලනයෙන් සමාජයේ "ඉහළට" ගියා. ඒත් සියම් නිකාය පිහිටුවීමෙන් පස්සේ පනවපු සීමා හින්දා මේ අයට ශාසනය තුළ බලවත් වෙන්න බැරිවුණා. (ඇත්තෙන්ම මේ සීමා වක්‍ර ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තේ ජයවර්ධනපුර යුගයේ දී. තොටගමුවේ රාහුල හාමුදුරුවන්ට සංඝරාජ තනතුර ලැබුණේ නැත්තෙත් ඒ හින්දා. නිරිතදිග ප්‍රදේශවල 1425 දී විතර "සිංහල සංඝය" කියන කැරැල්ල ඇති කරන්නත් මේ තනතුර නොදීම හේතුවුණා). ඉතින් බුද්ධ ශාසනයේ ඉහළට යන්න බැරිවීම නිසා ඇතිවෙච්ච අසහනයක් නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල බලවත් වෙච්ච සමහර අය තුළ ඇතිවීම අපිට තේරුම්ගන්න පුළුවන්.
යක්ඛවාදය ඉපැදුණේ මේ අසහනයේ ප්‍රතිඵලයක් විදිහට. හැබැයි මෙතැන තව රස කතාවක් තියෙනවා. යක්ඛවාදය ප්‍රබන්ධ කරපු කුලයේ අය නෙවෙයි දැන් ඒක කර ගහගෙන යන්නේ. දැන් ඒක උස්සගෙන යන්නේ ඒ ප්‍රදේශවල ම බලවත් වෙච්ච වෙනත් කුලයක පිරිසක්.
මෙතැන අපිට ඉගෙනගන්න පුළුවන් හොඳ පාඩමකුත් තියෙනවා. යක්ඛවාදය ප්‍රබන්ධ කරපු කුලයේ අය විවිධ පෙරමුණුවලින් රටේ ඉස්සරහට ආවා. මහා යතිවරයන්වහන්සේලා පවා ඒ අය අතරින් බිහිවුණා. කිසිම කුලභේදයක්, උඩරට - පහතරට භේදයක් නැතුව උන්වහන්සේලා ජාතියේ බුහුමනට ලක්වෙලා තියෙනවා. ඒත් ථෙරවාදයට, මහාවිහාරයට, මහාවංසයට පහරදෙන අයට එහෙම ජාතික බුහුමන් ලැබෙන්නේ නෑ. ඉතින් එහෙම දේවල් කරලා කොච්චර ආඩපාලි කිව්වත් වැඩක් වෙන්නේ නෑ. ජාතික බුහුමන් ලැබෙන්නේ ථෙරවාදය, මහාවිහාර සම්ප්‍රදාය, සහ මහාවංසය කියන ත්‍රිවිධ රත්නයට ගරු කරන අයට විතරයි.
මේ තියෙන කුලභේද පුළුවන් ඉක්මනින් අතුගෑවිලා යන්න ඕන කියන එකයි මගේ ප්‍රාර්ථනය. එහෙම වෙනවා නම් මේ බොරු ප්‍රබන්ධත් අවසන් වෙයි. ඒ වගේ ම, හැම දෙනාට ම වෙනසක් නැතුව ජාතියේ පොදු අරමුණ වටේ එකතුවෙන්න පුළුවන් නම්, ඒ වෙනුවෙන් කැපවෙන්න පුළුවන් නම් ඒ මාර්ගයෙනුත් මේ භේද ඉක්මනින් ම තුරන්වෙලා යයි.
මහාවංසයට පහරදෙන තුන්වැනි පිරිස තමයි ජම්බුවාදියෝ. මේකට නම් එකතුවෙලා ඉන්නේ සුපිරි ම ගොන්නු සෙට් එකක්. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ සිංහල ඉගෙනගත්තේ නැති එවුන් දැන් සෙල්ලිපි පවා කියවනවා. උන් ලබාදෙන ආතල් එක රසවත් වුනත් මේකත් දිගටම කරගෙන යන්න ඉඩදෙන්න හොඳ නෑ.
මහාවංසය තමයි සිංහල ජාතියේ ව්‍යවස්ථාව. අපි ඒ පූජනීය ග්‍රන්ථය රැකගන්න ඕන. මේ නාඩගම්වලට ඉඩදීලා බලාගෙන හිටියොත් අපේ ජාතිය විසිරිලා යනවා. ආයෙත් රට අනතුරට පත්වෙච්ච වෙලාවක අපේ මිනිස්සු එකතු කරගන්න තියෙන මතවාදය අපිට අහිමිවෙනවා. ඉතින් තවත් පමාවෙන්න ඕන නෑ. අපි අපේ ජාතියේ ව්‍යවස්ථාව රැකගැනීම වෙනුවෙන් සටන් කරමු.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය අත්අඩංගුවට
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
