වැඩිම ලාබය ලබන ආයතන අතර බැංකු සිටිනවා නම් ව්‍යවසායකයාට කවදාවත් ගොඩ යන්න බෑ.. - රටේ ව්‍යවසායකත්වය වර්ධනය කිරීමට නොහැකි හේතු වෛද්‍ය වසන්ත බණ්ඩාර පැහැදිලි කරයි (වීඩියෝ)
ව්‍යවසායකත්වය වර්ධනය කිරීම ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රධානතම උපාය මාර්ගික ප්‍රවේශය වුවත්, මූලධර්මික වැරදි හදාගැනීමකින් තොරව ගොඩ යන්නට නොහැකි බව වසර ගණනාවක් තිස්සේ මෙරට ආර්ථිකය ගොඩනගා ගැනීමට නොහැකි වීම තුළින් වටහා ගැනීමට හැකි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ආර්ථිකය කළමනාකාරීත්වයේ දී ඉල්ලුම සහ සැපයුම ප්‍රධාන වනවා සේම ඉල්ලුම පැත්තෙන් බරපතළ විකෘතිතා පවතින විට ව්‍යවසාකත්වය වර්ධනය වීමක් සිදු නොවන බව ඒ මහතා පවසයි.
මෙරට සිටින අතලොස්සක් වූ ආනයනකරුවන් කිහිපදෙනා මෙරට සමස්ථ ආර්ථිකය හසුරුවන බවත්, ඔවුන් ආනයක ගෙනවිත් ප්‍රථාපනය කළ පසු දේශීය ව්‍යවසායකයාට, දේශීය ගොවියාට උඩට පැමිණීමට නොහැකි බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
වෙළෙඳපොලේ පවතින අවුල ලෙහන්නේ නැතුව ආර්ථික ඉඩප්‍රස්ථා නිර්මාණය කළ නොහැකි බවත්, ආර්ථික ඉඩප්‍රස්ථා නිර්මාණය නොකර මොනතරම් ණය දුන්නත්, උපදෙස් දුන්නත් කුඩා පරිමාණ ව්‍යවසායකයාට මෙම වෙළෙඳපොල අත්පත් කරගැනීමට නොහැකි බවත් ඒ මහතා පවසයි.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ රූපවාහිනී සංවාදයකට එක්වෙමිනි.
වැඩිම ලාභ ලබන සමාගම් අතර බැංකුවක් තිබේ නම් ඒ රටේ කිසිඳු දේශීය ව්‍යාපාරිකයකුට ගොඩයන්න බැරි බවට ලෝකයේ ප්‍රකට කියමනක් ඇති බවත්, අපේ රටේ සිදුව ඇත්තේ ද මේ හා සමාන දෙයක් බවත් ඒ මහතා පැහැදිලි කරයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි