ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂා ලෙස පිළිගෙන තිබෙනවා - ඇමති හර්ෂණ නානායක්කාර කියයි..
‘අපගේ රට දිහා බැලුවම යුක්තිය, සංහිඳියාව සහ රාජ්‍යයේ සුජාතභාවයේ ලිට්මස් පරීක්ෂාව විදිහටත් භාෂාව හඳුන්වන්න පුළුවන්. කෙනෙකුට තමන්ට සමීපතම භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමට හෝ ඇසීමට ඇති අවස්ථා නැති නම් එයින් හැඟවෙන්නේ එම සමාජයේ මනුෂ්‍යත්වය ප්‍රතික්ෂේප කිරීමක් ලෙසයි’ යයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය භාෂා සතිය අවසානයේ පැවති සමාප්ති උළෙලට (07) දිනයේ සහභාගී වෙමිනි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංයේ උපදෙස් පරිදි රාජ්‍ය භාෂා සතිය 2025.07.01 දිනෙන් ආරම්භ වූ අතර ඒ යටතේ සංවිධානය කර තිබූ වැඩසටහන් රැසක් අවසන් කරමින් එහි සමාප්ති උත්සවය (2024.07.07) දින ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ගරු අධීකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆ්ෆෙර් යන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී උත්කශවත් අයුරින් පැවැත්වුණි.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය.
රාජ්‍ය භාෂා සතියේ සමාප්තිය සමරන අද දිනයේදී, අපි රැස්වන්නේ දින දර්ශනයේ දිනයක් සලකුණු කිරීමට පමණක් නොවේ. ජාතියේ සියලුම ජන කොටස් සඳහා සමානාත්මතාවය, ගෞරවය සහ යුක්තිය සඳහා අපගේ නොසැලෙන කැපවීම තහවුරු කිරීමටයි.
භාෂාව තාක්ෂණික කාරණයක් නොවන බව මම අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම සන්නිවේදන මාධ්‍යයකට වඩා වැඩි තේරුමක් භාෂාව මගින් නිරූපනය වෙනවා. භාෂාව කියන්නේ පුද්ගලයෙකුගේ අනන්‍යතාවයේ හදවතයි. ඒ වගේම මතකයේ හඩයි. ගෞරවයේ රිද්මයයි. චින්තනයේ ගෘහ නිර්මාණ ශිල්පයයි. අපගේ රට දිහා බැලුවම යුක්තිය, සංහිඳියාව සහ රාජ්‍යයේ සුජාතභාවයේ ලිට්මස් පරීක්ෂාව විදිහටත් භාෂාව හඳුන්වන්න පුළුවන්.
භාෂාව ගැඹුරු චිත්තවේගීය කාරණාවක්. කෙනෙකුට තමන්ට සමීපතම භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමට හෝ ඇසීමට ඇති අවස්ථා නැති නම් එයින් හැඟවෙන්නේ එම සමාජයේ මනුෂ්‍යත්වය ප්‍රතික්ෂේප කිරීමක්. යටිතල පහසුකම් ලබා දීමෙන් හෝ සටන් පාඨ හරහා පමණක් ජාතික ඒකාබද්ධතාවය සාක්ෂාත් කරගතනොහැකි වන්නේ මේ නිසයි. ජාතීන් අතර සංහිඳියාව ඇති වන්නේ භාෂා ප්‍රතිපත්ති, භාවිතයන් බවට පත්කිරීමෙනුයි.
අපගේ ඉතිහාසය දිහා හැරිලා බැලුවම, භාෂා අයිතිවාසිකම්වලට ගරු කිරීමට අපොහොසත් වීම කුඩා වැරැද්දක් නොවන බව අප කිසි විටෙකත් අමතක නොකළ යුතුයි. එය විශාල අසාධාරණයක් ඇති කළා පමණක් නොවෙයි ජාතීන් අතර අවිශ්වාසය, අසමගිය සහ අවසානයේ ආයුධ සන්නද්ධ ගැටුමකට පවා දායක වූ සංසිද්ධියක් වුණා. මේ පාඩම හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඉතිහාසය පුනරාර්වර්තනය වීම අනිවාර්යයයි. ඒ නිසා එය අප නැවත නොකළ යුතු උගත් පාඩමක් විදිහට සැබෑ ගැඹුරකින් වටහාගෙන කටයුතු කළ යුතුයි. මේ අර්ථයෙන් භාෂාව සාමය සඳහා වූ සිතුවිල්ලක් පමණක් නෙවෙයි සාමයේ පදනම භාෂාවයි.
සමානාත්මතාවය නොමැතිව කල් පවතින සාමයක් තිබිය නොහැකියි. රාජ්‍යය තම ජනතාවගේ භාෂාවට ගරු කිරීමට අපොහොසත් වුවහොත් සමානාත්මතාවයක් ඇති වන්නේ නැහැ. අපි ඒක තේරුම් අරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. එළැඹෙන ඔක්තෝබර් මස සිට සියළු ග්‍රාම සේවා කොට්ඨාශ මඟින් අයදුම්පත් භාෂා දෙකෙන්ම නිකුත් කිරීමට කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂා ලෙසත් ඉංග්‍රීසි සම්බන්ධීකරණ භාෂාවක් ලෙස පිළිගෙන තිබෙනවා. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත මගින් ශක්තිමත් නීතිමය පදනමක් සකස් කර තිබෙනවා. කෙසේ වෙතත්, භාෂා අයිතීන් සම්බන්ධව නීතිමය පිළිගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. කඩදාසි මත ඇති අයිතිවාසිකම් ජනතාවගේ ජීවිත වල යථාර්ථයන් බවට පත්විය යුතු බවත්, අමාත්‍යතුමා සඳහන් කලේය.
විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් විචිත්‍රවත් වූ සමාප්ති උළෙල පාසැල් මට්ටමින් සංවිධානය කර තිබූ ආදර්ශ පාඨ නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු වූ අතර අග්‍රාමාත්‍ය හරිනි අමසූරිය මෙනවිය, ජාතික ඒකාබද්ධතා අමාත්‍ය මුනීර් මුලාල්ෆර් මහතා,, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනවිය මෙම අවස්ථාවේදී අදහස් පල කළේය.
කැනේඩියානු මහ කොමසාරිස් Eric Walsh මහතා, බංග්ර්දේශ මහකොමසාරිස් Andalib Elias අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මකීර්ති, මහාචාර්ය S.J. යෝගරාජා යන මහත්ම මහත්මින් විශ්ව විද්‍යාල සිසුන්, පාසැල් සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..