සීහලේ ලෝක උරුම පදනම සකස් කළ "ඇසළ ප්‍රකාශය" මහ නායක හිමිවරුන් වෙත පිළිගන්වති..
අස්ගිරි මහා විහාර පාර්ශවයේ ගරු ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිගේ මුලසුනින් පූජ්‍ය මහා බ්‍රිතාන්‍යයේ කස්සප හිමිගේ සහභාගිත්වයෙන් 2025 ජූනි මස 28 වනදා කොළඹ 7 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සීහලේ ලෝක උරුම පදනම විසින් දේශප්‍රේමී ජාති මාමක ජාතික සමුළුවක් සහ වැඩමුළුවක් සංවිධානය කරනු ලැබීය.
එහිදී මව්බිම මුහුණ දී තිබෙන බලවත් අනතුරෙන් ගැලවීයාමට කළ යුතු කාරණා ඇතුලත් ඇසළ ප්‍රකාශය නමින් ප්‍රකාශයක් සමාජගත කරනු ලැබීය. ඒ අනුව ඊයේ(07) "ඇසල ප්‍රකාශය" අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මාහිමිපාණන් වහන්සේ, මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේ, මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි මාහිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතූ පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමිපාණන් වහන්සේ යන මහා සංඝරත්නය වෙත පිලිගන්වනු ලැබීය.
ඒ සඳහා හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිණිය, නිමල් ලියනගේ මහතා සීහලේ ලෝක උරුම පදනම නියෝජනය කරමින් සහභාගි වූ අතර ඒ සඳහා ජාතික සංවිධාන රැසස්ක නියෝජිතයෝද සහභාගී වූහ.
ජාතික සංවිධාන නියෝජනය කරමින් පැමිණි පිරිසට මහාචාර්ය පූජ්‍ය මැදගොඩ ආභයතිස්ස හිමියෝ විසින් නායකත්වය දෙනු ලැබූහ.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර