නුවර වැවේ වැව් බැම්ම සංචාරකයන්ට විවෘත කරන්න නිරීක්ෂණ චාරිකාවක ගිය ඇමති ඇතුලට දමා නිලධාරීන් ගේට්ටුව වසති.. (වීඩියෝ)
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර, නුවර වැව නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී වැව් බැම්ම හරහා ඇති මාර්ගයේ ගේට්ටුවක් වසා තිබීම සම්බන්ධයෙන් සිද්ධියක් වාර්තා විය.
මෙම ගේට්ටුව වාරිමාර්ග නිලධාරීන් විසින් විවෘත කිරීමෙන් පසු නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස ප්‍රදේශයට ඇතුළු වී ඇත.
කෙසේ වෙතත්, ඔවුන් නැවත පිටතට පැමිණීමට උත්සාහ කරන විට, වාරිමාර්ග නිලධාරීන් විසින් ගේට්ටුව නැවත වසා දමා ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සභාවේ පැවති වැඩසටනකදී නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සහ පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සේන නානයක්කාර මහතා අදහස් පළ කළහ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී සේන නානායක්කර මහතා එහිදී කියා සිටියේ තමන් මෙරට සිටින සිරකාරයන්දැයි ඒ අවස්ථාවේදී සිතුන බවයි.
උතුරු මැද පළාත් වානිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. දිසානායක මහතා පවසන පරිදි, නුවර වැවේ වැව් බැම්මට පිවිසෙන මෙම මාර්ගය වසර 20 කට පමණ පෙර වසා දමා ඇත්තේ එවකට පැවති LTTE තර්ජන හේතුවෙනි. එම මාර්ගය නැවත විවෘත කරන ලෙස ඉල්ලා සිටියද, වාරිමාර්ග නිලධාරීන් ඒ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ජයන්ත ද සිල්වා මහතා පැවසුවේ, වැව් බැම්ම සම්බන්ධයෙන් මාස දෙකක පමණ සිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
මේ අතර, ගොවි සංවිධාන පවසන්නේ මෙම ඓතිහාසික පරිශ්‍රය සංචාරකයන් සඳහා විවෘත කිරීමෙන් වැව් බැම්මට දැඩි හානි සිදුවිය හැකි බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි