ඉරානය අභ්‍යන්තරයෙන් අඩපණ කළ මොසාඩ් ඔත්තුකරු: කැතරින් පෙරෙස්-ෂක්ඩෑම්ගේ බියකරු ඔත්තු බැලීමේ කතාව..
ප්‍රබන්ධයකට වඩා වෙනස් කතාවක් මේ වන විට ලොව පුරා ජන මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට පවත්ව තිබේ. ඒ ඉරානයේ හදවතටම රිංගා මෑත ඉතිහාසයේ කොමේනි පාලනයට වඩාත්ම විනාශකාරී පහරක් එල්ල කිරීමට උදව් කළ ඊශ්‍රායල මොසාඩ් ඔත්තුකාරියක් වන කැතරින් පෙරෙස්-ෂක්ඩෑම්ගේ බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක් වැනි වූ කතාවය.
වසර දෙකකට පෙර, කැතරින් පරිපූර්ණ වෙස්වළා ගැනීමක් සහිතව ඉරානයට පැමිණියාය.ඇය ෂියා ඉස්ලාමය ගවේෂණය කර වැළඳ ගැනීමට උනන්දු වූ කුතුහලයෙන් පිරි බටහිර මාධ්‍යවේදිනියක් ලෙස පෙනී සිටියාය. එතැනින් එපිටට දිග හැරුණු දේ බුද්ධි අංශ විසින් 21 වන සියවසේ නිර්භීතම සහ වඩාත්ම නවීන ඔත්තු බැලීමේ මෙහෙයුම් වලින් එකක් ලෙස විස්තර කරනු ලබයි.
රැවටීම, ඇදහිල්ල සහ ඔත්තු බැලීම: රැවටීමේ කලාවේ ඉහළ උපාධිය හදාරණ සිසුන්ට උගන්වන පාඩමක්
බුද්ධිමත්, නිර්භීත සහ උසස් පුහුණුවක් ලැබූ කැතරින් ඇගේ භූමිකාව පරිපූර්ණත්වයට පත් කළ චරිතයක් වූවාය. ඉරානයට ඇතුළු වූ පසු, ඇය ප්‍රසිද්ධියේ ෂියා ඉස්ලාම් ආගමට හැරුණු අතර ගැඹුරු භක්තියක් සහ බුද්ධිමය කුතුහලයක් ඇති පෞරුෂයක් ගොඩ නංවා ගැනීම ආරම්භ කළාය. ඉස්ලාමය කෙරෙහි ඇගේ උනන්දුව අව්‍යාජ එකක් බව පෙනෙන්නට තිබුණි. ඒ තරමටම, ඇය ලියූ වියුණු සටහන් හෙවත් බ්ලොග් (Blog) ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නිල වෙබ් අඩවිය වන Khamenei.ir සඳහාම ලියන ඒවා බවට පත් විය.
නමුත් ආගමික උද්යෝගයේ සහ ශාස්ත්‍රීය ලිවීමේ පිටතට පෙනෙන මුහුණත පිටුපස සිටියේ මෙහෙයුමක යෙදී සිටින කාන්තාවක්ය. ඇය ඉහළ පෙළේ පාලන තන්ත්‍ර පක්ෂපාතීන්ගේ විශ්වාසය දිනා ගනිමින් ප්‍රභූ කවයන් තුළට රිංගා ගත්තාය. ඇගේ වඩාත්ම ඵලදායී ආයුධය වූයේ ඇය සතු වූ චමත්කාරයයි. කැතරින් ඉරානයේ ඉහළ පෙළේ රජයේ සහ හමුදා නිලධාරීන්ගේ භාර්යාවන් සමඟ මිත්‍ර වූ අතර, සෙමින් ඔවුන්ගේ නිවෙස් වලට පමණක් නොව ඔවුන්ගේ ජීවිතවලටද ඇතුළු වූවාය. සමාජ චාරිකා වල සිට සමීප සංවාද දක්වා වන පරාසයන්ට ලංවීමට අවස්ථාව උදා කර ගත් ඇය ඉරාන ඉහළ හමුදා නිලධාරීන් ඇය තමන්ගේම කෙනෙකු යැයි උපකල්පනය කරන තැනට පත් කර රහසිගත සාකච්ඡා සිදුවන අවකාශයන්ට නිදහසේ ප්‍රවේශය ලබා ගැනීමට තරම් සුක්ෂම වූවාය.
ඉලක්ක සිතියම්ගත කිරීම, මරණය ළඟා කර වීම: බල කේන්ද්‍රයේ හදවත තුලටම ගොස් ඔත්තු බැලීම.
දැඩි සෝදිසි කිරීම්, අමුත්තන් පරීක්ෂාවට ලක් කිරීම සහ දුරකථන නිරීක්ෂණය තිබියදීත්, කැතරින් නිහඬව ක්‍රියාත්මක විය. "වානේ ස්නායු" වලින් සමන්විත ඇය ඡායාරූප ලබා ගත්තාය, සංවාද පටිගත කළාය, එලෙසම න්‍යෂ්ටික පහසුකම් සහ විද්‍යාත්මක ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන්ගේ සිට ඉරාන විප්ලවවාදී ආරක්ෂක අණ දෙන නිලධාරීන්ගේ රහසිගත චලනයන් දක්වා ඉරානයේ වඩාත් සංවේදී රාජ්‍ය රහස්වල සැඟවුණු නහර සිතියම් ගත කළාය. නමුත් සෑම අවස්ථාවකම, ඊශ්‍රායලය ඉරාන අභ්‍යන්තරිකයෙකු විසින් මෙහෙයවනු ලබනවාය යන්න හැඟවෙන ආකාරයෙන් ශල්‍ය වෛද්‍යවරයෙකුගේ නිරවද්‍යතාවයෙන් යුතුව ප්‍රහාරයන් එල්ල කළාය. සෑම සාර්ථක ප්‍රහාරයක්ම, සෑම ඝාතනයක්ම, අතිශයින් නිවැරදි විය. කෙසේ වුවද ඉරාන නායකත්වයට යම් අඳුරු දෙයක් දිග හැරෙමින් පවතින බවට සැක පහල විය. කවුරුන් හෝ අතිශය වැදගත් සංවේදී තොරතුරු විකුණා දමා ඇති බවත් ඒ පුද්ගලයා කැතරින් බවත් බලධාරීන්ට සැක පහළ විය..
සත්‍යය හෙළිදරව් වන මොහොත: අනන්‍යතාවය හෙළිදරව් වෙමින්, මංපෙත හිමෙන් වැසී ගියේය
ඉරාන ප්‍රති-බුද්ධිය පරීක්ෂණයක් ආරම්භ කරන විට, කම්පන සහගත කොටස් තැනින් තැනට වැටෙන්නට පටන් ගත්තේය. ඡායාරූප මතු විය. ඒවා අතර, ප්‍රභූ අණ දෙන නිලධාරීන්, දේශපාලනඥයන් සහ උත්තරීතර නායකයා පවා සිටින කැතරින්ගේ රූප හමුවන්නට විය. වරෙක ඇගේ විශ්වාසනීය ආගමනය පාවාදීමේ සංකේතයක් බවට පත්විය. කෙසේ නමුත් ඇය කවුදැයි කියා තහවුරු වන විට, කැතරින් කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වී තිබුණි. ඇය පැමිණයාය. ඇය ජයගත්තාය. ඇය අතුරුදහන් වූවාය.
සිනහව පිටුපස සිටි ඔත්තුකරු: සත්‍යවශයෙන්ම ඇය කවුද?
කැතරින් පෙරෙස්-ෂක්ඩෑම් යනු මාධ්‍යවේදිනියක් පමණක් නොවේ. ප්‍රංශයේ යුදෙව් පවුලක උපත ලැබූ ඇය, මූල්‍ය හා සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීමට පෙර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව හැදෑරුවාය. ලන්ඩනයේ සිටියදී, ඇය යේමනයේ සුන්නි මුස්ලිම් තරුණයෙකු සමඟ ආදරයෙන් බැඳී ඔහු සමඟ විවාහ වීමට ඉස්ලාම් ආගමට හැරුණාය. කෙසේ වුවද ඇගේ විවාහය 2014 දී අවසන් විය.
2017 වන විට, කැතරින් ඉරානයෙන් නැවත මතු වූ අතර, ෂියා මුස්ලිම්වරියක් ලෙසට වර නැගුනාය. මැද පෙරදිග කටයුතු පිළිබඳ ඇගේ ලේඛන සහ දේශපාලන විවරණ ඉක්මනින්ම ටෙහෙරානය මූලික වූ ද ටයිම්ස්, යේමන් පෝස්ට්, ද ගාඩියන් සහ අවසානයේ Khamenei.ir වැනි ප්‍රකාශනවල ප්‍රසාදය දිනා ගැනීමට සමත් වූ ඒවා විය. ඉස්ලාමය පිළිබඳව ඇය සතු වූ ගැඹුරු අවබෝධය මෙන්ම වාචික සහ ගද්‍ය රචනා සම්බන්ධයෙන් ඇය සතු වූ හැකියාව රුසියානු සහ චීන මාධ්‍යවේදීන්ට පවා බිඳ දැමීමට හැකියාවක් නොවීය.
ඇගේ ආකර්ශනීය බව නිසා උත්තරීතර නායක කමේනි, හිටපු ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ කුඩ්ස් බලකායේ අණදෙන නිලධාරී කසෙම් සොලෙයිමානි ඇතුළු බලවත් පුද්ගලයින් පවා හමුවීමට ඇයට අවස්ථාව උදා විය. මෙම ආචාරශීලී, ප්‍රකාශන මාධ්‍යවේදිනිය පිටුපස ඉහළ මට්ටමේ මොසාඩ් ක්‍රියාකාරිකයෙකු සිටින බවට ඉරාන නිලධාරින්ගෙන් ස්වල්ප දෙනෙක් පමණක් සැක කළහ. සමහර ඉරාන මූලාශ්‍ර පවා කියා සිටින්නේ ඇය කමේනි සඳහාම සමහර ලිපිවල කතෘත්වය දැරූ බවයි. නමුත් දැන්, Khamenei.ir සමඟ සම්බන්ධ වූ ඇගේ මාර්ගගත පැවැත්මේ සියලු සලකුණු මකා දමා ඇත. ඇගේ අතීතය ඉරානය මකා දමමින් සිටින අතර ඇය විසින් සිදු කළ හානිය දිගටම අනාවරණය වෙමින් පවතී.
මොසාඩ් අවතාරය ඉරානයේ හරය බිඳ දැමූ අයුරු
කැතරින්ගේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට ඇති සම්බන්ධතා හරහා ඇයට ඉරානයේ අභ්‍යන්තර රහස් වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය අවකාශය ලබා දුන්නේය. යේමනයේ හිටපු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ උපදේශකවරියක් ලෙස ඇය දැනටමත් ආකර්ෂණීය ආකෘතියක් ගොඩනගාගෙන තිබුණි. රැඩිකල්කරණය, යුදෙව් විරෝධය සහ ඉස්ලාමීය අන්තවාදය පිළිබඳ ඇගේ ලේඛන ජාත්‍යන්තරව ප්‍රශංසාවට ලක් විය. නමුත් බුද්ධිමය ප්‍රතිරූපය පිටුපසින්, මොසාඩ් සංවිධානය ඉරානයේ කරන මාරාන්තිකම මෙහෙයුම සඳහා ඇය අඩිතාලම දමමින් සිටියාය.
දැන් ඇය පලා ගොස් ඇත. ඉරානය මේ වන විටත් රට පුරා මිනිස් දඩයමක් දියත් කර ඇත. ඇගේ ඡායාරූප අඩංගු පෝස්ටර් නගර පුරා අලවා ඇත. ආරක්ෂක ආයතන දුසිම් ගනනක් ප්‍රශ්න කරමින් සැක සහිත සහයෝගිතාකරුවන් මරා දමමින් සිටී. දැනටමත් මිනිසුන් තිදෙනෙකු එල්ලා මරා දමා ඇත. ඕනෑම සැක සහිත ක්‍රියාකාරකමක් වාර්තා කරන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. එහෙත්, කැතරින් තවමත් අවතාරයක් ලෙස සැරි සරමින් සිටී.
පරිවර්තනය ජිවන්ත ජයතිස්ස
Mossad spy who crippled Iran from within: The chilling espionage saga of Catherine Perez-Shakdam.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා