News Category
From Date
To Date
Maximum Number of Result

රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් ගැන කමිටු වාර්තාවේ නිගමන මෙන්න..

Jul 2, 2025 at 02:47 PM
|

බහාලුම් තොගයන් නිදහස් කිරීම සම්බන්ධව එල්ල වූ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටු වාර්තාව ඉකුත් දා පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.

මෙම කමිටු වාර්තාවෙන් අවදානම් වර්ගීකරණය යටතේ අනිවාර්යයෙන් ස්කෑන් පරීක්ෂාවට ලක් කළ යුතු රතු ලේබලය යටතේ වූ බහාලුම්  151 අතරින් බහාලුම් 37ක් කිසිදු ස්කෑන් පරීක්ෂාවකට ලක් නොකර නිදහස් කර ඇතැයි හෙළිදරව් කර තිබේ.

තවද  මෙම රතු ලේබලය යටතේ වූ බහාලුම් නිදහස් කිරීමේදි ස්කෑන් පරීක්ෂාවක් සිදුකළ යුතු වුවද ස්කෑන් පරීක්ෂාවන් සිදුකරන නිලධාරීන් අදාළ බහාලුම් 37 ස්කෑන් පරීක්ෂාවට ලක් කළ  යුතු බවට සටහනක් යොදා තිබුණද කිසිදු ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර අදාළ බහාලුම් නිදහස් කර ඇතැයි මෙම කමිටු වාර්තාවෙන් හෙළි ව ඇත.

මේ සම්බන්ධයෙන් එම කමිටු වාර්තාවේ දක්වා ඇති නිගමන පහත පරිදි වේ.

"රේගු පරිශ්‍රය තුළ උද්ගත වූ බහාලුම් තදබදය නිරාකරණය කිරීම සඳහා තාවකාලික පියවරක් ලෙස, රේගු අවදානම් කළමනා කරණ පද්ධතිය මඟින් " රතු" ලෙස හඳුනාගත්, ඉහළ අවදානමක් ඇති බහාලුම අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් හා රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ එකඟතාවයෙන් පත්කළ කමිටුවක් මඟින් නිදහස් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් වන විමර්ශන කමිටුවේ නිගමනයන් වනුයේ,

(i) අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේදයකට අනුව අවදානම් කළමනා කරණ ක්‍රම වේදයක් අනුගමනය කිරීම සඳහා රේගු දෙපාර්තමේන්තුව විසින් 2021 ඔක්තෝම්බර් 26 දිනැතිව, දෙපාර්තමේන්තු නියෝග අංක 1531 යටතේ, වෙනම අවදානම් කළමනා කරණ අංශයක් ස්ථාපිත කරන ලදී. එහි මූලික අරමුණ වූයේ, බහාලුම් නිදහස් කිරීමේ දී එකී බහාලුම් ආනයනකරුවන් සම්බන්ධයෙන් පද්ධතිය තුළ ඇති දත්ත පදනම් කරගෙන පුද්ගල මැදිහත් වීමකින් තොරව, අවදානම අනුව, " රතු", "කහ " සහ " කොළ " ලෙස වර්ගී කරණය කර, ඒ අනුව, එකී අවදානමට සරිලන පරිදි ස්ථාපිත කර ඇති ක්‍රියාපටිපාටි අනුව බහාලුම් නිදහස් කිරීමය.

නමුත්, මෙම ප්‍රශ්නගත බහාලුම නිදහස් කිරීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් හා ඉහළ කළමනා කරණය විසින් ගත් තීරණයක් පරිදි අවදානම් කළමනා කරණ ක්‍රම වේදය මඟින් '" රතු " ලෙස වර්ගී කරණය කරන ලද බහාලුම් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම, දෙපාර්තමේන්තු නියෝග මත ස්ථාපිත කර ඇති පිළිගත් ක්‍රියාපටිපාටි වලට පටහැනි වේ.

(ii) රේගු ආඥා පනතේ 2 වන වගන්තිට ප්‍රකාරව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට රේගු දෙපාර්තමේන්තුවේ කර්තව්‍යයන් ඉටු කරගෙන යාම සඳහා " සාමාන්‍ය අධිකාරිත්වයක් " ලබා දී ඇති නමුත්, පිළිගත් ක්‍රියාපටිපාටි වලින් බැහැර වීම සඳහා ඔහුට ප්‍රකාශිත හෝ ව්‍යංග බලයක් පනත මඟින් ලබා දී නොමැත. එබැවින්, බහාලුම් නිදහස් කිරීම සඳහා රේගු දෙපාර්තමේන්තුව තුළ විධිමත් පරිදි ස්ථාපිත කර ඇති අවදානම් කළමනා කරණ ක්‍රම වේදයට පරිබාහිරව කමිටුවක් මඟින්, අවදානම් කළමනා කරණ පද්ධතිය යටතේ " රතු " ලෙස වර්ගී කරණය කරන ලද ඉහළ අවදානමක් සහිත බහාලුම භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සඳහා ගනු ලැබූ තීරණය පනත මඟින් ඔහු වෙත ලබා දී ඇති බලතල අතික්‍රමණය කිරීමක් වේ.

(iii) 2025 ජනවාරි 18 දින නිදහස් කළ බහාලුම් 309 තුළ තිබූ " රතු " ලෙස අවදානම් කළමනා කරණ පද්ධතිය මඟින් වර්ගී කරණය කළ බහාලුම් 151 සහ 2024 ජූලි මාසයේ සිට අවස්ථා 13 කදී නිදහස් කළ '' රතු" ලෙස වර්ගී කරණය කළ බහාලුම් 999 භෞතික පරීක්ෂාවකට ලක් කර නොමැති බැවින්, හා එකී බහාලුම් සම්බන්ධයෙන් පසු විගණනයක් හෝ රේගු දෙපාර්තමේන්තුව තුළ ඇති අනිකුත් රේගු නිවාරණ අංශ මඟින් එම බහාලුම් පිළිබඳව විමර්ශනයක් සිදුකර, එකී බහාලුම් තුළ අවිආයුධ, රත්‍රං, දියමන්ති, මත්ද්‍රව්‍ය, සෞඛ්‍යයට අහිතකර ද්‍රව්‍ය, රේගු සටහන් කරයේ සඳහන් භාණ්ඩ වලට පටහැනි භාණ්ඩ හෝ ප්‍රමාණයන් ඇතුළත් වී තිබුනේ ද යන්න හෙළිදරව් කර නොමැති බැවින්, මෙම " රතු" ලෙස වර්ගී කරණය කරන ලද බහාලුම් වල සත්‍ය වශයෙන් අඩංගු ද්‍රව්‍ය පිළිබඳව හා එමඟින්, රටේ ආරක්ෂාව, සෞඛ්‍ය හෝ රාජ්‍ය ආදායමට සත්‍ය වශයෙන් සිදු වූ බලපෑම පිළිබඳව නිශ්චිතමතයක් පලකළ නොහැක. ඒ අනුව, රේගු දෙපාර්තමේන්තුව විසින් අවදානම් කළමනාකරණය සඳහා අවශ්‍ය විචක්ෂණශීලි පසු විපරම් ක්‍රියාමාර්ග අවශ්‍ය අවස්ථාවලදී නොගැනීම තුළින් රේගු දෙපාර්තමේන්තුවේ මූලික වගකීම් අවදානමට ලක් කර ඇත.

(iv) 2024 ජූලි මාසයේ සිට 2025 ජනවාරි 18 දක්වා කාල පරිච්ඡේදය තුළ රේගු පරිශ්‍රය තුළ වරින් වර ඇති වූ බහාලුම් තදබදය සමනය කිරීමේ අරමුණ ඇතිව, සද්භාවයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ කළමනා කරණය ගත් තීන්දුවක් මත දෙපාර්තමේන්තුව තුළ නීත්‍යානුකූල ලෙස ස්ථාපිත කර ඇති බහාලුම් නිදහස් කිරීම සඳහා වන ක්‍රමවේදයෙන් බැහැරව කමිටුවක් මඟින් " රතු " ලේබල් යටතේ වර්ගී කරණය කරන ලද ඉහළ අවදානමක් සහිත අනිවාය භෞතික පරීක්ෂාවකට ලක් කළ යුතු බහාලුම් එසේ නොකර නිදහස් කිරීම සත්‍ය වශයෙන් බහාලුම් තදබදය නිරාකරණය කිරීම සඳහා ගත් පියවරක් බවට පරීක්ෂණ කමිටුවට නිරීක්ෂණය නොවීය.

එනම්, අවස්ථා 14කදී කමිටුව විසින් නිදහස් කල බහාලුම් ප්‍රමාණයන් පරීක්ෂා කිරීමේදී ඇතැම් දිනවල බහාලුම් 13 ක් සහ 63 ක් වශයෙන් අවම බහාලුම් ප්‍රමාණයක් නිදහස් කළ අවස්ථා ද තිබු අතර, මුළු කාල පරිච්ඡේදයම සැලකිල්ලට ගත් විට, එක් අවස්ථාවක දි නිදහස් කර ඇති උපරිම බහාලුම් ප්‍රමාණය 383 කි. එමෙන්ම, 2024 ජුලි මාසයේ සිට 2025 ජනවාරි 18 දින දක්වා කමිටුව රැස් වී බහාලුම් නිදහස් කළ දින වල රේගු පරිශ්‍රය තුළ තිබූ බහාලුම් ප්‍රමාණය පිළිබඳ විස්තර ඉල්ලුම් කළද, ඒ පිළිබඳ තොරතුරු නොලැබුන බැවින්, එම එක් එක් දිනයන්හි, නිදහස් කළ බහාලුම් ප්‍රමාණය, එදිනට රේගුව තුළ ගොඩගැසී තිබූ බහාලුම් ප්‍රමාණය පිළිබඳ විස්තර ඉල්ලුම් කළ, එම එක් එක් දිනයන්හි, නිදහස් කළ බහාලුම් ප්‍රමාණය, එදිනට රේගුව තුළ ගොඩගැසී තිබූ සත්‍ය බහාලුම් ප්‍රමාණය හා සැලකීමේදී භෞතික පරීක්ෂාවකින් තොරව " රතු" ලේබල් සහිත බහාලුම් නිදහස් කිරීමෙන් ඇති විය හැකි ඉහළ අවදානමද නොසලකා බහාලුම් තද බදය නිරාකරණය කිරීමේ අරමුණින්ම ගත් ක්‍රියා මාර්ගයක් ලෙස තහවුරු කරගතනොහැකි විය.

එසේ සද්භාවයෙන් බහාලුම් තදබදය සමනය කිරීමේ අරමුණින් මෙම ක්‍රියාදාමය සිදු කළේ නම්, මෙම ක්‍රමවේදය පිළිබඳව විධිමත් පරිදි රේගු දෙපාර්තමේන්තුවේ සියලු අංශ දැනුවත් කර, රේගු පරිශ්‍රයෙන් පිටවු පසු ඒ පිළිබඳව අනෙකුත් රේගු විමර්ශන අංශ මඟින් පරීක්ෂාවකට ලක් කර " රතු " ලෙස වර්ගී කරණය කරන ලද බහාලුම් භෞතික පරීක්ෂා නොකිරීමෙන් ඇති විය හැකිව තිබූ අවදානම අවම කරගැනීමට හැකිව තිබුණි.

(v) බහාලුම් නිදහස් කිරීම සඳහා පත් කළ කමිටුව විසින් 2025 ජනවාරි 18 දින නිදහස් කළ ඉහළ අවදානමක් ඇති '' රතු " වර්ගීකරණය යටතේ වන බහාලුම් 151 අතුරින් බහාලුම් 114 ක් ස්කෑන් පරීක්ෂවට ලක් කර ඇති අතර, එම ස්කෑන් පරීක්ෂාවේදී ඇතැම් බහාලුම් වල අඩංගු ද්‍රව්‍ය හා ප්‍රමාණයන් පිළිබඳව අවිනිශ්චිතතාවයක් තිබෙන බවත් ඒවා වැඩිදුර විමර්ශනය කරන ලෙස අදාළ බහාලුම් ස්කෑන් කරන ලද නිලධාරීන් ලිඛිතව දන්වා තිබියදීත්, ඒ පිළිබදව අවධානය යොමු නොකර අදාළ බහාලුම් නිදහස් කිරීම මගින් ඒ සඳහා වගකිව යුතු නිලධාරීන් තම රාජකාරි වගකීම පැහැර ඇති අතර, එකී නිලධාරීන්ට විරුද්ධව අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුය."




සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ බරපතළම සහ දැවැන්තම මූල්‍ය වංචාව මෙරටට බාල ගල්අඟුරු ආනයනය කිරීම බවත්, ඒ හරහා රටට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 18කට ආසන්න බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමට භික්ෂූන්වහන්සේට මිස වෙනත් කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියෝ පවසති.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දීප්කේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

ප්‍රධාන පුවත්

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.