රනිල්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා.. අනුරත් ඒ පාරේම යාම විශිෂ්ඨයි..- මහින්ද සිරිවර්ධන
ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් අසීරු හා තීරණාත්මක පියවරයන් රටේ වත්මන් සාර්ථකත්වයට හේතු වූ බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අවධාරණය කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ දෙරණ 360 වැඩසටහනට එක්වෙමිනි.
සිරිවර්ධන මහතා පෙන්වා දුන්නේ, ආර්ථිකය දුෂ්කර තත්ත්වයක පැවති සමයේ ජනාධිපති වික්‍රමසිංහ මහතා තම දේශපාලන අනාගතය පිළිබඳ නොසිතා, රට වෙනුවෙන් අවශ්‍ය අසීරු තීන්දු ගැනීමට නොපසුබටව කටයුතු කළ බවයි. “එම තීන්දු තීරණ නොගන්නට මේ සාර්ථකත්වය ගිලිහී යන්නට තිබුණා,” යැයි ඔහු ප්‍රකාශ කළේය.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ සාකච්ඡා අතරතුරදී බොහෝ අවස්ථාවල ජනාධිපති වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගෙන උපදෙස් ලබා ගැනීමට සිදු වූ බවද සිරිවර්ධන මහතා සිහිපත් කළේය.
එමෙන්ම, රටවල් සමඟ කටයුතු කළ ආකාරය ඇතුළුව, ඔහු සමඟ කටයුතු කළ කාලය තුළ බොහෝ දේ ඉගෙන ගැනීමට ලැබුණු බවද ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන් කෙරෙහි විශ්වාසය තබා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළ සිරිවර්ධන මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ ආර්ථික කළමනාකරණ ක්‍රියාවලිය තුළ බොහෝ තීන්දු තීරණ ගනු ලැබුවේ ඔහු විසින් බවද පැවසීය.
වත්මන් සාර්ථකත්වයට එය ප්‍රධාන හේතුවක් වූ අතර, තමන්ද එම අත්දැකීම් තුළින් බොහෝ දේ උගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව, මෙතෙක් පවත්වාගෙන පැමිණි ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට පවත්වාගෙන යාමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණය “විශිෂ්ට තීරණයක්” බවද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.
2019 දී වැඩපිළිවෙල වෙනස් කිරීම හේතුවෙන් ඇති වූ තත්ත්වය සිහිපත් කළ ඔහු, නායකයෙකු ලෙස ජනාධිපති දිසානායක මහතා එය තේරුම් ගෙන පවත්වාගෙන ආ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඓතිහාසික තීන්දුවක් බව පැවසීය.
එම අවස්ථාවේදී ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන, විවිධ රටවල් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වූ බවද සිරිවර්ධන මහතා වැඩිදුරටත් සිහිපත් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි