කොළඹ ඩොක්යාඩ් ඉඩම ඉන්දියාවට දී ඇත්තේ පර්චසය 62,250 බැගින්..
කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ කොටස්වලින් සියයට පනස් එකක් (51%) ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශය (MOD) මගින් කළමනාකරණය කරනු ලබන මැසගන් ඩොක් (MDL) සමාගමට ලබා දී ඇත්තේ පර්චසයක් රුපියල් 62,250 බැගින් යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ පැවසුවේය.
‘‘මෙවැනි කටයුත්තක් කොළඹ සහ ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව සිදුවීම ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඒ වගේම භූ දේශපාලන උගුලක අප පැටලෙනවා. මීට අදාළ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ ජුනි 27 වැනිදා. මෙය මුළුමනින්ම හොර ගිවිසුමක්. අප දන්නා තරමින් මේ සඳහා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය විධිමත්ව අරන් නැහැ. සේවකයන්ට ගිවිසුමේ පිටපතක් පෙන්වා තිබෙනවා. නමුත්, සාකච්ඡාවකට ඉඩක් දී නැහැ. මේ ආකාරයට හොර ගිවිසුම් අත්සන් කරන්නේ ඉන්දියාව සමග හොර ගිවිසුම් හරහා ඇති කරගත් එකඟතා නිසයි.
මේ වගේම හොර ගිවිසුමක් වන 2025 අප්‍රේල් 5 වැනිදා අත්සන් කළ ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගිතා ගිවිසුමේ 2.2.8 වගන්තියේ තිබෙනවා නැව් ඉදිකිරීම, නැව් අලුත්වැඩියාව, ජල ශාස්ත්‍රීය මිනුම් කටයුතු සහ සමුද්‍රීය මිනුම් කටයුතු සඳහා ඉන්දියාවට ඉඩ දෙනවා කියලා. ආණ්ඩුව බොරුවට ජපන් සමාගම පෙන්වා කර ඇරියාට කොළඹ ඩොක්යාඩ් සමාගම ඉන්දියාවට දෙන්නේ ආණ්ඩුවේ තීරණයකින්. නැතිනම් කොටස් වෙළෙඳපොළට නිදහස් නොකළේ ඇයි? මේ කොටස් රජය මිලදී නොගත්තේ ඇයි? ඉන්දියානු සමාගම කරන ආයෝජනය ඩොලර් මිලියන 47යි. එක වසරකදී නැව් අලුත්වැඩියාවෙන් පමණක් සොයන ශුද්ධ ලාභය ඩොලර් මිලියන 10ක්. ණයක් අරන් කොටස් මිලදී ගත්තත් අවුරුදු පහෙන් ණය ගෙවන්න තිබුණා.
ඩොක්යාඩ් සමාගම සතුව කොළඹ වරාය අසල අක්කර 25ක ඉඩමක් තියෙනවා. ඒ ඉඩම අවුරුදු 5කට කුලියට දුන්නත් මේ ගාණට පාඩුයි. ඩොලර් මිලියන 47 – 50 කියන්නේ අවුරුද්දකට ඩොලර් මිලියන 10යි. මාසෙකට ඩොලර් ලක්ෂ අටයි දශම තුනයි (8.3)යි. ඒ කියන්නේ අක්කරයක් මාසෙකට ඩොලර් 33,200යි. පර්ච් එකක් දීලා තියෙන්නේ ඩොලර් දෙසිය හතයි දශම පහකට (207.50). තව තේරෙන්න කිව්වොත් පර්ච් එක රුපියල් 62,250 ගානේ දීලා තියෙන්නේ. මේ ලෝක ශ්‍රේණිගත කිරීමවල 16 වැනි ස්ථානයේ තියෙන වරායක ඉඩමක්. මේකේ ආර්ථික පාඩුව, ඊට වඩා විශාලයි දේශපාලන අවදානම. මේක ජනතාද්‍රෝහී ගිවිසුමක්. මෙය පරාජය කරන්න ජනතාව පෙළගැසිය යුතුයි.’’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි