ප්‍රශ්නගත බහාලුම් ගැන සෙවූ කමිටු වාර්තාව ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වූ දේ මෙන්න..
ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර බහාලුම් තොගයන් නිදහස් කිරීම සම්බන්ධව එල්ල වූ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටු වාර්තාව අද (30) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.
එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුව විසින් මෙම කමිටු වාර්තාව මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සඟවා තබා ගත් බවත් තමන් මෙම කමිටු වාර්තාව අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සභාගත කරන බවය.
එමෙන්ම මෙම කමිටු වාර්තාවෙන් අවදානම් වර්ගීකරණය යටතේ අනිවාර්යයෙන් ස්කෑන් පරීක්ෂාවට ලක් කළ යුතු රතු ලේබලය යටතේ වූ බහාලුම් 151 අතරින් බහාලුම් 37ක් කිසිදු ස්කෑන් පරීක්ෂාවකට ලක් නොකර නිදහස් කර ඇතැයි හෙළිව ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
තවද මන්ත්‍රීවරයා පැවසුවේ මෙම රතු ලේබලය යටතේ වූ බහාලුම් නිදහස් කිරීමේදි ස්කෑන් පරීක්ෂාවක් සිදුකළ යුතු වුවද ස්කෑන් පරීක්ෂාවන් සිදුකරන නිලධාරීන් අදාළ බහාලුම් 37 ස්කෑන් පරීක්ෂාවට ලක් කළ යුතු බවට සටහනක් යොදා තිබුණද කිසිදු ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර අදාළ බහාලුම් නිදහස් කර ඇතැයි මෙම කමිටු වාර්තාවෙන් හෙළි ව ඇති බවය.
තවද ස්කෑන් කළ යුතු බහාලුම් 103ක් කිසිදු ස්කෑන් පරීක්ෂාවක් සිදු නොකර නිදහස් කර ඇතැයිද පැවසූ මන්ත්‍රීවරයා මෙහිදී හෙළි කරන ලද්දේ බහාලුම් නිදහස් කිරීමට තීරණය කරන ලද්දේ පසුගිය ජනවාරි 18 වැනි දින වුවත් එම තීරණය ගැනීමට පෙර දිනය වූ ජනවාරි 17 වැනි දින බහාලුම් 02ක් ද නිදහස් කර ඇති බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි