ශිරන්ති අල්ලන්න එපා කියා ජනපතිට කියන්නැයි මහින්ද කීවේ නෑ.. - මල්වතු මහානායක හිමි
ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මල්වතු මහානායක හිමිගෙන් ඉල්ලීමක් කර ඇතැයි සමාජ මාධ්‍යයන්හි පල වන පුවත සාවද්‍ය සහ පදනම් විරහිත එකක් යයි මල්වතු මහා විහාරය පවසයි.
මහානායක හිමියන් වෙනුවෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මල්වතු මහා විහාරයේ උපලේඛකාධිකාරී මහවෙල රතනපාල ස්ථවිරයන් විසිනි.
අදාල නිවේදනය මෙසේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් මහානායක මාහිමිපාණන් වහන්සේගෙන් සිදු කරන ලද ඉල්ලීමක් යැයි ප්‍රචාරය වන සාවද්‍ය පුවත සම්බන්ධවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට වත්මන් ජනාධිපතිතුමන් වෙත බලපෑම් කරන ලෙස මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරන ලද බවට සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය වන පුවත සාවද්‍ය හා පදනම් විරහිත පුවතක් බව ශ්‍රීමත් මහානායක මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් හා නියමය මතදැනුම් දෙනු කැමැත්තෙමි.
එවැනි හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදුව නොමැති අතර මෙවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් හා ප්‍රචාරය කරමින් අනවශ්‍ය ජන කැළඹීක් ඇති කිරීමට උත්සහ දරන පුද්ගලයන් හා සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේ දී නෛතික ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවත් වැඩි දුරටත් දන්වා සිටිනු කැමැත්තෙමි.
මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමය පරිදි
මහවෙල රතනපාල ස්ථවිර,
උපලේඛකාධිකාරී,
මල්වතු මහා විහාරය,
මහනුවර.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..