පරාටේ’ නීතිය තවත් වසරකට අත්හිටුවන්නැයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ඉල්ලති..
මෙරට ව්‍යාපාර ආරක්‍ෂා කරගැනීමේ පියවරක් ලෙස මාස තුනකට අත්හිටු වූ 'පරාටේ' නීතිය අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට නැවතබලගැන්වෙන බවත් ව්‍යාපාරිකයන්ට නැවත හිස එසවීමට එම නීතිය අවම වශයෙන් තවත් වසරක කාලයකට අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් විශාල පිරිසක් නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලය කොළඹදී පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවේදී සුසන්ත ලියනාරච්චි මහතා එසේ පැවසීය.
' පරාටේ' නීතිය නැවත සක්‍රීය වූ වාහාම ව්‍යාපාරිකයන්ගේ දේපළ අනිසි ලෙස පවරා ගැනීමට ඇතැම් බැංකු සූදානමින් සිටින බවත් එම තත්වය වළක්වා ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීමෙන් මෙරට ආර්ථිකය ආරක්ෂා කිරීමට රජය වාහාම මැදදිහත් විය යුතු බවත් ඒ මමහතා කීය. මෙරට 2018 වන විටලියාපදිංචි කර්මාන්තකරුවන් 130,300 සිටියත් ආර්ථිකය කඩා වැටීමත් සමඟ කර්මාන්ත කඩා වැටීමෙන් 2022 වසර වන විට පැවැති කර්මාන්ත 1017,000 න් එම අගෝස්තු මස වන විට කර්මාන්ත 263,000 ක් සම්පූර්ණයෙන්ම වසාදමා තිබූ බවත් ඉන් පසුව එම ව්‍යාපාරවල දේපළ පවරා ගැනීමට බැංකු කටයුතු කළ බවත් ඒ මහතා කීය.
ව්‍යාපාර වැටීමට හේතුව ව්‍යාපාරිකයන්ගේ දුර්වලතාවක් නොවන බවත් රටේ ආර්ථිකය කඩා වැටීම ව්‍යාපාර කඩා වැටීම හේතුව වීම නිසා බැංකුවලට දේපළ පවරා ගැනීමට මාර්ග පාදා ඇති ' පරාටේ' නීතිය තාවකාලිකව අත්හිටුවා පනත ව්‍යාපාරිකයන්ට නැගිටීමට කාලය දියයුතු බව කී ඒ මහතා බැංකු අනීතික ලෙස දේපළ පවරා ගැනීමට පැමිණිය හොත් නීතිමය පියවර ගන්නා බව ද සඳහන් කළේය.
' පරාටේ' පනත මෙරට රාජ්‍ය බැංකු ආරක්‍ෂා කරගැනීමට සම්මත කළ නීතියක් වුවද එම නීතිය මේ වන විට පෞද්ගලික බැංකු සහ මූල්‍ය ආයතන වලට ද ආදේශ කර ඇති බවත් එම බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල ගන්නා තීරණයකින් රටේ ආර්ථිකයේ දැවැන්තකොටස්කරුවන් වන ව්‍යාපාරිකයන්ගේ දෙපළ පවරා ගැනීමට නිර්දේශ කිරීම අසාධාරණ බවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වාණිජ මණ්ඩලයේ සාමාජිකයෝ සඳහන් කළහ.
ඇතැම් බැංකු මේ වන විටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපළ වරගෙන ඇති බවත් එසේ වුවහොත් ව්‍යාපාරිකයන්ට මහ මගට බැසීමට සිදුවන බව ද එම මණ්ඩලයේ සාමාජිකයෝ කියති.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්රස්ථානයක් බවට..