අල්ලස් කොමිසමට පැමිණිලි දෝරෙ ගලයි..
මේ වසරේ ගතවූ මාස 05 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබේ.
එම කොමිසන් සභාව පෙන්වාදෙන්නේ 2025 වසරේ ජනවාරි මස පළමුවනදා සිට මැයි මස 31 වනදා දක්වා කොමිසන් සභාව වෙත පැමිණිලි 2,138ක් ලැබී ඇති බවය.
2024 වර්ෂයේ ඉතිරිව ඇති පැමිණිලි ද සමගින් මේ වන විට කොමිසන් සභාව සතුව පවතින සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,221ක් වන බව සඳහන් වේ.
ඉන් පැමිණිලි 224ක් විමර්ශනයට නියෝග කර ඇති අතර ප්‍රමාණවත් කරුණු නොතිබීම හා පනතට අදාළ නොවීම යන කරුණු මත පැමිණිලි 524ක් විමර්ශනය නොකිරීමට තීරණය කර ඇත.
පැමිණිලි 282ක් විමර්ශනය සඳහා වෙනත් ආයතන වෙත යොමු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් මේ වසරේ ගත වූ මාසය 05ට අදාළව නිකුත් කළ ප්‍රගති වාර්තාවේ දැක්වේ.
අදාළ කාලය තුළ අල්ලස් කොමිසම විසින් සමස්ත වැටලීම් 44ක් සිදුකර ඇති අතර ඉන් සාර්ථකවූ වැටලිම් 25ක දී සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගතවූ මාස 05 තුළ අල්ලස් කොමිසම විසින් මහාධිකරණයේ නඩු පැවරීම් 42ක් සිදුකර ඇති අතර හිටපු අමාත්‍යවරයෙකු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු, ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු, පොලිස් නිලධරීන් 11 දෙනෙකු ඇතුළු චූදිතයින් 45 දෙනෙකුට අදාළව එම නඩු පැවරීම් සිදුකර ඇති බව සඳහන් වේ.
එමෙන්ම අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවලට අදාළව අදාළ කාලය තුළ හිටපු අමාත්‍යවරයෙකු, සතොස හිටපු සභාපතිවරයෙකු, පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු, ඇතුළු 19 දෙනෙකු වරදකරුවන් බවට පත්ව තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි