අක්කර 5,941ක උතුරේ ඉඩම් පවරා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට නියෝගයක්..
උතුරු පළාතේ පිහිටි හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර 5,941ක් රජයට පවරා ගැනීමේ අරමුණින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.
යසන්ත කෝදාගොඩ, සම්පත් අබේකෝන් සහ සම්පත් විජයරත්නය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
පෙත්සම්කරු කියා සිටින්නේ යාපනය, කිලිනොච්චිය සහ මුලතිවු දිස්ත්‍රික්කවල පිහිටි මේ මස 28 වනදා දක්වා හිමිකම් ප්‍රකාශ නොකර තිබෙන ඉඩම් රජයට පවරා ගැනීමේ අරමුණින් ඉකුත් මාර්තු මස 28 වනදා රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බවය.
මේ ආකාරයෙන් උතුරු පළාතේ පිහිටි ඉඩම් අක්කර 5,941ක් රජයට පවරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය තුළින් සැලසුම් කර ඇති බව අනාවරණය වී තිබෙන බවත් පෙත්සම්කරු සඳහන් කළේය.
උතුරු පළාතේ පවතින ඉඩම් බොහොමයක හිමිකරුවන් මේ වන විට විදේශගතව සිටින නිසාත් ඇතැම් ඉඩම්වල හිමිකම් සම්බන්ධයෙන් නිරවුල් නොවන තත්ත්වයක් පැවතීම නිසාත් මේ ආකාරයෙන් ඉඩම් පවරා ගැනීමට රජය විසින් නිකුත් කර ගැසට් නිවේදනය තුළින් උතුරු පළාතේ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බවත් පෙත්සම්කරු චෝදනා කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි