විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලන සියළු ඖෂධ දෙන්න රජයට බෑ..- නලින්ද කියයි..
විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලීම් කරන සියලු ඖෂධ ලබාදීමට රජයට නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.
බහුතර ප්‍රමාණයක් භාවිත කරන, වැදගත්ම ඖෂධ සඳහා රජය මුදල් වෙන් කරන බවත්, ආර්ථිකය ශක්තිමත් වන පළමු මොහොතේදීම ඉල්ලා සිටින ඖෂධ සහ ශල්‍ය උපකරණ ලබාදීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.
මෙලෙස ඖෂධ සැපයීමේ යම් ප්‍රමාදයක් සිදු වුවහොත් ප්‍රාදේශීය එම ආයතනවල ප්‍රධානීන්ට ඖෂධ සහ ශල්‍ය උපකරණ මිලදී ගැනීමට ක්‍රමවේදයක් සකස් කර තිබෙන බවත්, අදාළ විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලීමක් කළ පසු ඖෂධ සංයෝජකගේ එකඟතාව මත රෝහල් අධ්‍යක්ෂවරයාට එය වෛද්‍ය සැපයුම් අංශයට ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවද ඇමැතිවරයා පැවැසීය.
දේශීය ඖෂධ සැපයුම් කර ගැනීමට පසුගිය අය වැයේදී රුපියල් කෝටි 3,500 ක් වෙන්කළ බවද ඔහු කීවේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
කලින් සිටි සෞඛ්‍ය ඇමැතිවරයා සහ නිලධාරීන් සිදුකළ බරපතළ මූල්‍ය වංචා නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි ලෙස ගල් ගැසී තිබූ බවද ඔහු පැවැසීය.
වෛද්‍ය සැපයුම් අංශය හරහා රෝහල්වලට ලබාදෙන ඖෂධ වර්ග 862 ක් සහ ශල්‍ය උපකරණ 12,444 ක් සපයන බවත්, මෙම ලැයිස්තුව සකස් කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය වූවත්, ඊට අදාළව නිර්දේශ ලබාගනු ලබන්නේ රෝහල්වල සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බවත් ඇමැතිවරයා කීවේය.
මෙම ඖෂධ වර්ග 862 න් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඖෂධ වර්ග 432 ක් සහ ශල්‍ය උපකරණ 5,906 ක් සඳහා ටෙන්ඩර් කැඳවන බවත්, මෙම ඖෂධ සහ ශල්‍ය උපකරණ සැපයීමේදී විටින් විට බාධා පැමිණීමේ හැකියාව පවතින බවත් ඔහු කීවේය
- Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..