පැය අටේ වැඩ දිනය අහෝසි කරන්න කැබිනට් යෝජනාවක් - දුමින්ද නාගමුව හෙළිකරයි..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවන්ට මේ රටේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් පාවාදීමට ජාතික ජන බලවේග ආණ්ඩුව හදිසියේම කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන කම්කරු නීතියට බරපතළ සංශෝධනයක් ගෙන ඒමට යන බව ජන අරගල සන්ධානයේ විධායක සභික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.
නුගේගොඩ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඒ මහතා මෙසේද කියා සිටියි.
”මේ රටේ කම්කරු නීතියට අදාළ අතිශයින් බරපතළ සංශෝධනයක් කරන්න ජාතික ජන බලවේග ආණ්ඩුව සූදානම් වෙනවා. මේ සඳහා මේ වෙද්දිත් කැබිනට අනුමැතිය ලැබිලා ඉවරයි.
එදා තනි කම්කරු නීතියට විරුද්ධව සටන් කරපු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව දැන් සුදානම් වෙන්වා රනිල් මනුෂ හවුලේ ගෙනාව මේ මලේච්ඡ කම්කරු නීතිය නැවත සාකච්ඡාවට ගන්න. දැන් මේ වෙද්දිත් ඒ සඳහා කමිටුවක් පත් කරලා ඉවරයි.
පසුගිය මැතිවරණ කිහිපයේම අපි දැක්කා මේ රටේ වැඩකරන ජනතාවගෙන් අති බහුතරයක් ඡන්දය ලබා දුන්නේ වර්තමාන ආණ්ඩුවට. ඒ ලබාගත්තඡන්දවල උණුසුම පහව යන්නත් කලින් ආණ්ඩුව සූදානම් වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වූ වුවමනාවන්ට මේ රටේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ටික පාවා දෙන්න.
මේ ගන්න හදන තනි කම්කරු නීතියේ දේශපාලන අරමුණ සම්බන්ධයි 2022 ඇති වුණු ආර්ථික අර්බුදයට. එතනින් එහාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම එක්ක මේ සංශෝධනය සම්බන්ධයි.
අපි දන්නවා 2022 ආර්ථික අර්බුදය ඇතිවුණේ සාමාන ජනතාව නිසා නෙවෙයි. මේ රටේ ධනවත් ව්‍යාපාරිකයෙහි සහ දේශපාලන තන්ත්‍රය තමයි ඒ අර්බුදයට වග කියන්න ඔන.මෙන්න මේ අර්බුදය අස්සේ හැකිළිව්ව කම්කරු ජනතාවගෙ න් තව ටිකක් සුරග න්න තමයි මනුවලා තනි කම්කරු නීතිය අරගෙන ආවේ.
මුළු ලෝකෙම අද පිළිගන්න පැය අටේ වැඩ දිනය අහෝසි කරන්න මේ පනතේ යෝජනා ඉදිරිපත් වෙනවා. පැය අටේ වැඩ දිනය කම්කරු ජනතාව දිනා ගත්තේ විශාල කැපකිරීම් මතින්.
ඒ කැප කිරීම් සමරන මැයි දින රැලිය ගෝල්ෆේස් එකේ උජාරුවෙන් පවත්වලා මාසයක් යන්නත් කලින් ආණ්ඩුව සුදානම් වෙනවා කම්කරුවන්ගේ පැය අටේ වැඩ දිනය අහෝසි කරන්න. එතකොට හාම්පුත්තුන්ට දවසට පැය 15 – 20 වුණත් මිනිස්සුන්ගෙන් වැඩ ගන්න පුළුවන් බලයක් ලැඛෙනවා.
මේ වෙලාවේ ජවිපෙ වෘත්තීය සමිති නායකයෙක් වෙචිච මහින්ද ජයසිංහ සහෝදරයාගෙන් අපි අහනවා කම්කරු ජනතාවගේ පැය අටේ වැඩ දිනය අහෝසි කරන තනි කම්කරු නීතිය ගේන්න ඔබ එකඟ වුණේ කොහොමද කියලා.
ලංකාවේ නීතිය අනුව කම්කරුවගේ වැඩ සතිය පැය 45යි. සතියේ දින පහේ පැය අටයි සෙනසුරාදා දිනයේ පැය පහයි මෙහෙම තමයි වැඩ සතිය සකස් වෙලා තියෙන්නේ.
දැන් ආණ්ඩුව කරන්න යන සංශෝධනය එක්ක හාම්පුතාට පුළුවන්කමක් ලැබෙනවා මේ 45 වැඩ සතිය දවස් 3ක් 4ක් දක්වා අඩු කරන්න.
නව පනතට අනුව එක දිගට දවසට පැය 16ක් වැඩ ගන්න පුළුවන්. දැනට ලංකාවේ නීතිය අනුව අතිකාල පැය හතර එකතු කළත් උපරිම පැය 12යි වැඩ ගන්න පුළුවන්. මේ සංශෝධනය කළාට පස්සේ සතියෙන් කරන වැඩේ කම්කරුවට දවස් තුනෙන් මැරිගෙන කරන්න වෙනවා.
අපිට නොපෙනෙන කතාව තමයි අද කම්කරුවා පත්වෙලා තියෙන ආර්ථික අහේනිය එක්ක ඔහුට රැකියා දෙකක් කරන තැනට තල්ලු කරන්න මෙකෙන් හැකියාව ලැබෙනවා.
දැනට තියෙන කම්කරු නීතිය අනුව එක රැකියාවක් එක්ක විතරයි කම්කරුවට ගිවිසුම්ගත වෙන්න පුළුවන්කම ලැබුණේ. හැබැයි අලුත් නීතිය එක්ක කැමැති තරමක් රැකියා ගිවිසුම්වලට එළැඹීමේ අවස්ථාව ලබාදීලා නියනවා. එතකොට මේ නිතියේ යටි අරමුණ තමයි අර්ධ රැකියා දෙක තුන කරන්න වෙන තැනට මේ රටේ කම්කරු ජනතාව තල්ලු කිරීම.
අනිත් එක අලුත් කම්කරු නීතිය අනුව වෘත්තීය සමිති හදන්න තියෙන අවස්ථාවත් අහිමි කරලා. කලින් නීතියට අනුව කම්කරුවන් 7 දෙනෙක් ඉන්නව නම් වෘත්තීය සමිතියක් හදන්න පුළුවන්. ඒත් තනි කම්කරු නීතියෙන් මේ ප්‍රමාණය 100 දක්වා වැඩි වෙනවා.
එතකොට වෙන දේ තමයි සේවකයන් 100ට අඩු කර්මාන්ත ආයතනවල වෘත්තීය සමිති පිහිටුවන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ. දැන් මෙහෙම 100ක් එකතු කරගෙන වෘත්තීය සමිතියක් පිහිටෙව්වත් ඔවුන්ට සේවක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න තියෙන අවස්ථාවත් තනි කම්කරු නීතිය නිසා අහිමි වෙනවා.
මේ පනතට අනුව ස්ට්‍රයික් එකක් කරනවා නම් දවස් 30කට කලින් හාම්පුතා දැනුවත් කරන්න ඕන. එතකොට හදිසියේවත් අසාධාරණ විදිහට කම්කරුවෙක් රැකියාවෙන් දොට්ට දැම්මොත් දවස් තිහක් බලාගෙන ඉන්න ඔන ඒකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න.
එහෙම නැත්තං වෙන්න යන දේ දිවැසින් දැකලා වෘත්තීය සමිතිය දවස් තිහකට කලින් අවසර අරගෙන ඉන්න ඕන. මේ වගේ තක්කඩි මෙලෙච්ඡ නීතියක් තමයි මේ ආණ්ඩුව දැන් කරත්තගෙන යන්න සූදානම් වෙලා තියෙන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්