ඊශ්‍රායල ඉරාන යුද්ධය තෙවන ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වීම වැලැක්වීමට වහා මැදිහත් වෙන්න - එක්සත් ජාතින්ගේ මහලේකම්ට ජාතික නිදහස් පෙරමුණෙන් ලිපියක්
ඊශ්‍රායල ඉරාන යුද්ධය තෙවන ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වීම වැලැක්වීමට හදිසි සහ විධිමත් මැදිහත් වීමක් කරන්නැයි ඉල්ලා ජාතක නිදහස් පෙරමුණ විසින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත ලිපියක් බාරදී තිබේ.
එක්සත් ජාතින්ගේ කොළඹ කාර්යාලය වෙත පැමිණි ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් විසින් මෙම ලිපිය බාර දී තිබේ.
අදාළ ලිපියේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් පහළින්..
ගරු නේවාසික නිත්‍ය නියෝජිත,
එක්සත් ජාතින්ගේ කොළඹ කාර්යාලය,
මගින්
ගරු මහලේකම් තුමා,
එක්සත් ජාතින්ගේ සංවිධානය,
එක්සත් ජාතින්ගේ මහලේකම් කාර්යාලය,
නිව්යෝක්,
අමෙරිකා.
ගරු මහලේකම් තුමනි,
ඊශ්‍රායල ඉරාන යුද්ධය තෙවන ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වීම වැලැක්වීමට හදිසි සහ විධිමත් මැදිහත් වීමක් කරන ලෙස කරනු ලබන අවධාරණයයි
අමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලය සහ ඉරානය එක්ව දින 60ක කාල රාමුවකට යටත්ව ඉරානයේ යුරේනියම් බල ගැන්වීමේ ක්‍රියාන්විතය අත්හිටුවීම පිණිස කළ සාකච්ඡා අවසන් වී එක් දිනක් ඇතුලත ඉරානයට ඊශ්‍රායල් ප්‍රහාර එල්ල වීම හේතුකොට ගෙන ඇති වූ ගැටුමට මේ වන විට සති දෙකකටත් වඩා කාලයක් ඉක්ම ගොස් ඇත. එලෙසම මේවන විට අමෙරිකාවද ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට මැදිහත්ව සිටිනවා මෙන්ම ඉරානයද ප්‍රති ප්‍රහාර එල්ල කරන තැනට තල්ලු වී තිබේ.
මෙසේ අමෙරිකාව අනවශ්‍ය ලෙස ඉරානයට පහර දෙන්නේ පසුගිය මාර්තු මාසයේදී, අමෙරිකා එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂිකා තුල්සි ගැබාර්ඩ් අමෙරිකානු සෙනෙට් බුද්ධි කමිටුවක් ඉදිරියේ සාක්ෂි දෙමින් ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනඟන්නේ නැති බවත්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි 2003 දී ඔහු විසින් අත්හිටුවන ලද න්‍යෂ්ටික අවි වැඩසටහනට අවසර දී නොමැති බවත් අමෙරිකානු බුද්ධි ප්‍රජාව විසින් තහවුරු කරන බව අවධාරණය කළ සන්දර්භයක් තුළය.
ඉහත පෙන්වා දුන් කරුණු මගින් තහවුරු වන්නේ අමෙරිකාව අනිවාර්යෙන්ම තම යුදමය හස්තය ඉරානයට එරෙහිව භාවිතා කිරීමට දිගු කාලයක පටන් පිඹුරුපත් සකසා ඇති බවයි.
2003 වර්ෂයේදී ඉරාකයට පහරදී විනාශ කිරීමට අමෙරිකාව වට පිටාව සකසා ගත්තේ ඉරාකය සතුව මානව විරෝධී රසායනික අවි තිබෙනවාය යන කාරණය පෙරට දමා ගෙනය. එලෙසම ඉරාකයට ප්‍රහාර එල්ල කිරීමට පෙර ඉරාකය සතුව රසායනික අවි නැති බව තහවුරු කරන්නට ජාත්‍යන්තර සංවිධාන භාවිත කළ බවද ඔබ තුමාගේ සිහියට නගා ගත හැකි බව අපගේ විශ්වාසයයි.
එලෙසම ඉරානයට පහර දීමට ප්‍රථම ඉරානය සතුව න්‍යෂ්ඨික අවි තැනීමට තරම් යුරේනියම් බල ගැන්වීමක් නොකර ඇති බව දින 60 ක් තිස්සේ අමෙරිකාව ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවැති සාකච්ඡා වලින් තහවුරු කර ගත් බව අප ගොඩ නගන තර්කය වන්නේය.
ළමුන් කාන්තාවන් ඇතුළු ගාසා තීරයේ ජීවත් වන සිවිල් වැසියන්ට එරෙහිව කරන ප්‍රහාර, යුක්රේන රුසියානු යුද්ධයේදී අවි ආයුධ ඇතුළු මිලිටරි පහසුකම් යුක්රේනයට ලබා දීමට කටයුතු කිරීම, කියුබාව වැනි රටකට බරපතල සම්බාධක පැනවීම ආදී මානව විරෝධී කටයුතු වලට අමෙරිකාව දක්වන ප්‍රමුඛත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලෙස ඔබ තුමාට තක්සේරුවක් නැතැයි අපි විශ්වාස නොකරමු.
කරුණු පෙල ගැසී ඇති ආකාරය අනුව ඉරාන ඊශ්‍රායල් අමෙරිකා යුද්ධය තුන් වෙනි ලෝක යුද්ධය දක්වා දිගැස්සීම වහ වහා වැලැක්වීම ඔබ තුමාගේ අත්හල නොහැකි වගකීමක් වන බව අප දැඩිව අවධාරණය කරමු.
කෙසේ වුවද බොහෝ ලෝක නායකයන් මේ වන විටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැසිරීම හෑල්ලුවට ලක් කරමින් පසුගිය කාලයේදී ප්‍රකාශ නිකුත් කර තිබුණි. එම නායකයන්ගේ ප්‍රකාශ නිකුත්වන්නේ ඔබ තුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි නායකත්වය දරණ කාලය තුළ වීම හේතුවෙන් ඔබ තුමාගේ නායකත්ව පෞරෂය හෑල්ලුවට ලක්ව ඇති බවද කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කරමු.
මැදපෙරදිග කලාපයේ ඊශ්‍රායලය මූලික වී ඇති කර තිබෙන යුද ආතතිය පිටුපස අමෙරිකා එක්සත් ජනපදය සිටින බවට ලෝක ජනයා දැඩිව විශ්වාස කරන බව පෙන්වා දීමට මෙය අවස්ථාවක් කර ගනිමු. එවැනි ගැටුම් වලක්වාලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් නොවීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු අමෙරිකා එක්සත් ජනපදයට අනුව හැසිරෙන ජගත් සංවිධානයක්ද යන පැනය මේ වන විට ලෝක ජනයා තුළ මතුව තිබෙන බව අපට මෙන්ම ඔබ තුමාටද පෙනී යනවා ඇතැයි අපි විශ්වාස කරමු.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපත සිදු වන්නේ ලෝක ජනයාගේ පැවැත්ම තහවුරු කරනු පිණිස සමස්ත ලෝක ජනයා වෙත සාමය සහ ආරක්ෂාව සැලසීම මූලික කරගෙනය. එහෙත් අද වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය අමෙරිකානු අධිරාජ්‍යවාදයේ බළල අතක් වී ඇත්දැයි යන සැකය සමස්ත ලෝකය පුරා පැතිරී ඇති බව ඔබ තුමාටද නිරීක්ෂණය වී ඇතැයි සිතමු.
ඒ අනුව, මෙතෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායල - අමෙරිකා - ඉරාන යුද්ධය කෙරෙහි අනුගමනය කළ ඇල් මැරුණු ස්වභාවයෙන් වහාම මිදී මානව ඛේදවාචකයකින් අවසන් වීමට නියමිත මෙම ගැටුම අවසන් කිරීමට ස්ථිරසාර වැඩපිළිවෙලක් සහිතව ක්ෂනිකව මැදිහත් වන ලෙස අපි ඔබ තුමා වෙතින් බල කර ඉල්ලා සිටිමු.
ස්තුතියි,
මෙයට විශ්වාසී,
විමල් වීරවංශ (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී )
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
ශ්‍රී ලංකාව





සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..