මැදපෙරදිග යුද උණුසුමත් සමග ලංකාව ඛනිජ තෙල් සොයා නයිජීරියාව දෙසට හැරෙයි..
මැදපෙරදිග පවතින යුද උණුසුම මධ්‍යයේ ගෝලීය ඉන්ධන සැපයුමට බාධා එල්ලවිය හැකි බවට විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එම අවදානම හමුවේ නයිජීරියාවෙන් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමේ හැකියාව සොයා බැලීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි වාර්තා වේ.
නයිජීරියාව යනු අප්‍රිකානු මහාද්වීපයේ තෙල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටකි.
ඉකුත් 13 වැනිදා ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හමුවේ දෙරට අතර යළිත් යුද ගැටුම් උත්සන්න වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාතික වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යමින් පවතී.
එමෙන්ම ප්‍රධාන තෙල් සැපයුම් මුහුදු මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදැමීමේ අවදානම හේතුවෙන් බොරතෙල් සැපයුම හා මිල සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතභාවය ඉහළ ගොස් තිබේ.
ඊශ්‍රායල – ඉරාන ගැටුමට අමෙරිකාවේ මැදිහත්වීම ද ගෝලීය තෙල් මිල සහ සැපයුමට බලපෑම් එල්ල කරන තවත් කරුණකි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා පවසා ඇත්තේ, නයිජීරියාවෙන් සහ අනෙකුත් තෙල් නිපදවන රටවලින් සාම්පල ලබාගෙන මෙහි ශක්‍යතාව සඳහා දේශීය රසායනාගාරවල පරීක්‍ෂා කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.
තෙල් සැපයුමට බාධා එල්ල වන අවස්ථාවලදී මෙන්ම වෙනත් අවදානම් හමුවේ මෙරට තෙල් සැපයුමට එල්ල විය හැකි බලපෑම් අවම කිරීම එහි අරමුණ බව ද සභාපතිවරයා පවසයි.
මෙරට ඉන්ධන සැපයුමෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විසින් දරන අතර ඉතිරි කොටස සිනොපෙක්, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ RM Parks විසින් සපයනු ලබන බව ද ඔහු පෙන්වාදෙයි.
මැදපෙරදිග පවතින තත්වය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල උච්ඡාවචනය මෙටර තෙල් මිල සඳහා ක්ෂණික බලපෑමක් එල්ල නොකරනු ඇති බව ද ඔහු පවසයි.
එමෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසන්නේ, එහි බලපෑම මෙම වසරේ අගෝස්තු හෝ සැප්තැම්බර් වන විට මෙරටට එල්ල වනු ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..