එක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාව ලංකාවට එනවලු..
ආන්දෝලනයකට තුඩුදී තිබෙන එක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාව මෙරටට පැමිණෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසා තිබේ.
කෙසේවෙතත් එම නෞකාව මෙරට මුහුදු සිමාවේ පර්යේෂණ කටයුතු සිදුනොකරන බවද ඇමැතිවරයා සඳහන් කර ඇත.
මේ අතර විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා පැවැත්වෙන බවයි.
විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටි සමාලෝචනය කිරීමට කමිටුවක් මීට දින කිහිපයකට පෙර පත්කර ඇති බවත් එම ප්‍රකාශකයා පවසා තිබේ.
ඒ අනුව කමිටුවේ පළමු රැස්වීම ඉතා ඉක්මණින් කැඳවනු ඇතැයි පැවසේ.
විදේශ පර්යේෂණ යාත්‍රා සඳහා පනවා තිබූ වසරක තහනම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් විය.
ඉන් අනතුරුව පවතින මෙහෙයුම් පටිපාටිය සමාලෝචනය කිරීමට සහ විදේශීය විද්‍යාත්මක දූත මණ්ඩලවලට පහසුකම් සැලසීම සඳහා සංශෝධිත රාමුවක් සකස් කිරීමට නව කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය ජනවාරි මාසයේදී තීරණය කර තිබිණි.
කෙසේවෙතත් ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාවට ඩොලර් ලක්ෂ 10ක් අහිමිවනු ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..