News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක මිසයිල ඉක්මනින් අවසන් වනු ඇත - වොෂින්ටන් පෝස්ට් පුවත් පත පවසයි

Jun 19, 2025 at 10:34 AM
|

ඇමරිකා එක්සත් ජනපදයෙන් සැලකිය යුතු අමතර සැපයුම් හෝ එහි සෘජු මැදිහත්වීමකින් තොරව ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක පද්ධතිවලට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කරන  වත්මන් වේගයට අනුව  සති දෙකකට අඩු කාලයක් තුළ බිඳ වැටෙන බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත පවසයි.

ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන පරිදි, යුදෙව් රාජ්‍යය පසුගිය සිකුරාදා(13) ඉරානයට පහර දුන් දා සිට ටෙහෙරානය ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල රැළි කිහිපයක් දියත් කර තිබේ. ඊශ්‍රායල ප්‍රහාරය ඉස්ලාමීය ජනරජය න්‍යෂ්ටික බෝම්බයක් සංවර්ධනය කිරීම වැළැක්වීම සඳහා පූර්වගාමී පියවරක් ලෙස  එල්ල කළ ප්‍රහාරයක්  ලෙස හඳුන්වනු ලැබීය. ඉරානයෙන් එල්ලකරන මිසයිල ප්‍රහාර වැලැක්වීමේදී එක්සත් ජනපද හමුදා ඊශ්‍රායලයට සහාය වන බවද වාර්තා වේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ එක්සත් ජනපදය ඊශ්‍රායලය ඉරානය මත බෝම්බ හෙලීමේ ක්‍රියාවලියට  සම්බන්ධ විය හැකි නමුත් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේවුවද සිදුකරන ඕනෑම මැදිහත්වීමකින් "ආපසු හැරවිය නොහැකි" හානියක් සිදුවනු ඇති බවට ඉරානය එක්සත් ජනපදයට අනතුරු අඟවා ඇත.

ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර වලක්වා ගැනීම බටහිර ජෙරුසලමට මිල අධික මිලටරි ක්‍රියාන්විතයක් වී ඇති බව වොෂින්ටන් පෝස්ට් පුවත් පත පසුගිය 17 වනදා පුවත් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසීය. ඊශ්‍රායලයේ මිසයිල ආරක්ෂණ පිරිවැය රාත්‍රියකට ඩොලර් මිලියන 285 ක් තරම් ඉහළ අගයක් ගත හැකි බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා පවසයි.

ඉරාන ප්‍රහාරවල වත්මන් වේගය සැලකිල්ලට ගෙන, ඊශ්‍රායලයට එක්සත් ජනපදයෙන් නැවත සැපයුම් නොමැතිව හෝ ඇමරිකානු හමුදාවන්ගේ ගැඹුරු මැදිහත්වීමකින් තොරව එහි වත්මන් ගුවන් ආරක්ෂක මට්ටම තවත් දින 10 සිට 12 දක්වා පමණක් පවත්වා ගත හැකි බව නිර්නාමික මූලාශ්‍රයක් උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් පුවත් පත අවධාරණය කළේය. බටහිර ජෙරුසලමට මෙම සතියේ අග භාගයේදී එහි ගුවන් ආරක්ෂක මිසයිල නැවත පිරවීම  ආරම්භ කිරීමට අවශ්‍ය විය හැකි බව පුවත්පත තවදුරටත් පැවසීය.

“ඉරානයට බාධා කිරීමට අවශ්‍ය අවිය තෝරා ගැනීමට ඊශ්‍රායලයට සිදු වනු ඇත,” පුවත්පත නිර්නාමික මූලාශ්‍රය පැවසූ බව උපුටා දැක්වමින් අවධාරණය කළේය. වොෂින්ටන් පෝස්ට් පුවත් පතට අනුව “ඊශ්‍රායල මිසයිල් පද්ධතිය දැනටමත් අඩපන වී ඇත.”

ඊශ්‍රායලයට පද්ධති කිහිපයකින් සමන්විත "බහු ස්ථර ගුවන් ආරක්ෂක" පලිහක් සතුව තිබේ. නමුත් ඉරාන බර බැලස්ටික් මිසයිල විනාශ කිරීමට "ඇරෝ පද්ධතිය" මත රඳා පැවතීමට ඊශ්‍රායල ගුවන් ආරක්ෂන පද්ධතියට සිදුව තිබේ.ඊශ්‍රායලයේ ප්‍රසිද්ධ 'අයන් ඩෝම්' ගුවන් ආරක්ෂණ පද්ධතිය හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාර වලට එරෙහිව කාර්යක්ෂම වුවද, ඉරානයේ දැවැන්ත බැලස්ටික් මිසයිලවලට එරෙහිව අකාර්යක්ෂම බව ඊශ්‍රායල මිසයිල විශේෂඥ ටල් ඉන්බාර් උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කරයි.

පෙන්ටගනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක ඩෑන් කැල්ඩ්වෙල්ට අනුව, බටහිර ජෙරුසලමේ ඇරෝ සහ "David’s Sling" ගුවන් ආරක්ෂණ ඒකක මෙම වසර මුලදී හවුතිවරුන්ගෙන් සහ ඉරානයෙන් එල්ල වූ ප්‍රහාරවලට මුහුණ දීම සඳහා ඔවුන්ගේ බොහෝ අතුරුවාරක භාවිතා කර තිබේ. කෙසේ වුවද අතුරුවාරක ලෙස භාවිතා කරන මෙම මිසයිල මිල අධික බවත් නිෂ්පාදනය කිරීමට බොහෝ කාලයක් ගත වන බවත් ඩෑන් කැල්ඩ්වෙල් සඳහන් කළේය.

“එබැවින් ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට ඉක්මනින් ඔවුන්ගේ අතුරුවාරක නැවත පිරවීම ආරම්භ කිරීමට සිදුවනු ඇත (ඔවුන් දැනටමත් එසේ කර නොමැති නම්),” හිටපු ආරක්ෂක නිලධාරියා සඳුදා X හි සටහනක් තබමින් අවධාරණය කළේය.

පසුගිය අඟහරුවාදා(17) සිට, ට්‍රම්ප් ටෙහෙරානයේ “කොන්දේසි විරහිත යටත් වීම” නැවත නැවතත් අවධාරණය කළ අතර, එක්සත් ජනපදයට ඉරාන ගුවන් අවකාශයේ පාලනය තමන් යටතට ගත හැකි බවට පුරසාරම් දොඩමින්, ඉරාන උත්තරීතර නායක අලි කමේනි ඝාතනය කිරීම “පහසු” බවද අවධාරණය කළේය. එක්සත් ජනපද ජනාධිපතිවරයා ඕනෑම මොහොතක ඉරානයට එරෙහි ඊශ්‍රායල ක්‍රියාදාමයට සම්බන්ධ විය හැකි බව විවිධ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන අවධාරණය කර තිබේ.

ටෙහෙරානය “බලහත්කාරය හමුවේ කිසිවෙකුට යටත් නොවන” බව ප්‍රකාශ කර ඇති අතර ඕනෑම ප්‍රහාරයකට පළිගැනීමට සූදානම් බවට තර්ජනය කර ඇත.

Israel to run out of air defense missiles soon – WaPo

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විවේචනවලට චීනයෙන් දැඩි ප්‍රතිචාරයක් – චීනය පිළිබඳ “බොරු නිර්මාණය කර ප්‍රචාරය කිරීම” නවත්වන ලෙස ඉල්ලයි.
යේමනයේ හූති ව්‍යාපාරය හෙවත් අන්සාර් අල්ලාහ් (Ansar Allah) සංවිධානය, සෞදි අරාබියේ ප්‍රධානතම ගුවන් තොටුපොළක් වන රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සෘජු හා නිවැරදි මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.
පළමු වරට පර්සියානු බොක්ක, හෝමුස් සමුද්‍ර සන්ධිය, ඕමාන් මුහුද හෝ උතුරු ඉන්දියානු සාගරය තුළ කිසිදු ඇමරිකානු නෞකාවක් නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.